Gossip Lanka

අපේ  ජීවිතේ හැම වෙලාවකම තාත්තයි මායි මල්ලියි මුල්තැන දෙන්නේ අම්මට

සිය පවුලම කලා කටයුතුත් එක්ක  නිරතවෙන කලා පවුල් බොහොම අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට පවුලෙ ආදරණිය තාත්තා අම්මා සහෝදරයන් ඇතුළු  සියල්ල ම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මෙරට අතිශයින් ජනප්‍රිය කලා පවුලක් තමයි ආනන්ද වික්‍රමගේ මහත්මයාගේ ආදරණීය  කැදැල්ල.

ඉතින් ඔහුගේ ආදරණීය බිරිඳ තමයි මානෙල් වානගුරු ඒ වගේම වැඩිමහල් පුතා ජනිත් වික්‍රමගේ වන අතර බාල පුතා සංකේත් වික්‍රමගේ. ඉතින් මේ සුන්දර කලා පවුල ගැන කතා කරද්දි වැඩිමහල් පුතා වන ජනිත් වික්‍රමගේ ගැන තමයි මේ කතාබහ. ඔවුහු මේ වන විටත් තනිකඩව ජීවිතේ ගත කරමින් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන  ආදරණීය කලා තරුවක්.

නිවේදනය රංගනය  නර්තනය කියන අංශ රැසකටම දක්ෂතාවක් දක්වන ජනිත් මේ  මේ දිනවල අපිට ප්‍රධාන වශයෙන් හම්බවෙන්නේ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ඔස්සේ විකාශය වන ද ගේම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සමඟයි. ඔහු මේ චරිතයට ඉහළ සාධාරණත්වයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා ගොඩක් දෙනෙක් සඳහන් කරනවා.

ඒ වගේම කරන වෘත්තිය සල්ලි හම්බ කිරීම පමණක්ම චේතනාව කරගෙන කරන්න ජනිත් කිසිවිටකත් ආස කරන්නේ නැහැ. ඒ වගේම ඔහු නිදහස් ජීවිතයට බැරියයල් දාගෙන ජීවත් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි ඒ නිසාමද මන්දා තාමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු විවාහය කියන මාතෘකාවෙන් ඔබ්බට පැනලා තමයි ජීවත් වෙන්නේ. ඒ ගැන ජනිත් කිව්වේ මේ වගේ කතාවක්.

“සමහර දවසට ෂූටින් ගියාම අපට අම්මට තාත්තටවත් කතා කරන්න වෙලාවක් නැහැ සහකාරියක් කවදාවත් ඒක ඇත්තක් විදිහට පිළිගන්න එකක් නෑ ඒ නිසා ඒ අසාධාරණය තව කෙනෙක්ට කරන්න මම කැමැති නැහැ. ජීවිතය සෑම දෙයක්ම සාපේක්ෂයි තනිකඩව ඉන්න කෙනාට ජීවිතය හොඳයි කියලා කියන්න පුළුවන් වගේම විවාහ වෙලා ඉන්න කෙනාට ඒ ජීවිතේ සුන්දරයි කියලා කියන්නත් පුළුවන්.”

ඒ වගේම ඔහු සඳහන් කරනවා විවාහ ජීවිතය ගැන ඉදිරියට තාම කිසිම දෙයක් හිතලත් නැහැ කියලා. කෙසේ නමුත් ඔහු ප්‍රේම සබඳතා පවා ඇති කරගෙන තිබිලා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් විවාහය දක්වා ගෙනියන්න ජනිත් හැකියාව ලැබෙන්නෙ නෑ. පසුගිය කාලය ඔවු තමන්ගේ මුහුණ පොත හරහා අම්මයි තාත්තයි මල්ලියි  එක්ක ඡායාරූපයක් පළ කරලා තිබුණා මේ තමයි මගේ ජීවිතේ කියලා.ගොඩක් දෙනෙක්ට පවුල තමන්ගේ ජීවිතය වෙන්නේ අඩුවෙන් නමුත් ඔහුට තමන්ගේ පවුල ජීවිතය හා සමානයි ඒ ගැන ජනිත් කිව්වේ මේ විදිහේ කතාවක්.

“කෙනෙක්ට මුලින්ම ලොකු වෙන්න ඕනි දැනෙන්න ඕනෙ තමන්ගෙ පවුල. අම්මා සහ තාත්තා මාව මෙච්චර උස් මහත් කරන්න කොච්චර නං කැප වුණා ද කියන එක මම හොඳින්ම දන්නවා. තාත්තගේ මල්ලිගේ මගේ ජීවිතයේ මුල් තැන තියෙන්නෙ අම්මට. අපි තුන්දෙනාගෙම ඉහළම ගෞරවය තියෙන්නෙ අම්මට. රංගනයේදී ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු  ගේ පුතා කියනවට වඩා ජනිත් වික්‍රමගේ ය කියලා මගේ සලකුණු තැබීම මගේ අරමුණයි අද ඒක ඉෂ්ඨ වෙලා තියෙනවා.”

ඔහු එයාකාරයෙන් තමන්ගෙ ජීවිතේ සහ පවුල පිළිබඳව අදහස් දක්වන අතර ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ කීපයකින් කිහිපයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානමින් කියලා ආරංචියි.