Siri Lankawa

Web Postal

මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න මට තාම පෙම්වතෙක් නැහැ මේ දවස්වල කවුරුත් ආදරය කරන ජානු

නවක රංගන ශිල්පිනියක් විදිහට මේ දවස් වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය අතිශයින්ම සුන්දර රංගන ශිල්පිනියක්.ඒ වෙන කවුරුත් නෙවෙයි නවක රංගන ශිල්පිනිය යසශ්‍රී කවිහරී.

ඇය ඉප දෙන්නේ මහනුවර ප්‍රදේශයේ අම්මා තාත්තා සහ නංගිලා දෙන්නෙක් එක්ක තමයි ඇය ජීවත් වෙන්නේ.  ඒ වගේම තමයි කවිහාරි අධ්‍යාපනය ලබන්නේ  කටුගස්තොට  ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ. ඒ වගේම තමයි ඇය ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙන්නෙ ගුවන්  සේවිකාවක් වෙන්න. කොහොම නමුත් ඒ ආසාවට දෙවෙනි තැන දීලා ඇයට අද රඟපාන්න වරම් ලැබිලා තියෙනවා ඉතින් ඒ අවස්ථාව ලැබුණු විදිහ ගැන ඇය කිව්වේ මේ වගේ කිව්වේ මේ වගේ කතාවක්.

“මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් මම වෙඩින් එකට ගිහින් ගත්ත ෆොටෝ එකක් එෆ්බී එකෙන් දැකලා මට සමීර හසුන් අයිය කතා කළා.මට කථාකළ මුල් දවසේ  ගොඩක් සතුටු හිතුනා එකපාරටම අදහගන්නත් බැරි වුණා කොහොම හරි ගෙදරට කිවුවහම ඒ අයත් කැමති වුණා.තාත්ති තමයි පළවෙනි දවසේ මාව එක්කන් ගියේ”

ඒ විදියට රඟපාන්න ගියපු ඇයට ජානු ටෙලි නිර්මාණය නිසාම මේ වෙද්දි ටෙලි නාට්‍යය අටකට විතර ආරාධනා ලැබිලා තියෙනවා.ඒ වගේම ඇය දිගටම රඟපාන්න කැමතියි ලු ඒ නිසා දන්නැති දේවල් එකින් එක ඉගෙන ගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න ඇය ආසාවෙන් ඉන්නවා. ඉතින් ඒ දේවල් සහ ඇය තාම පෙම්වතියක් ද නැද්ද කියන දේ ගැන ඇය කිව්වෙත් මේ විදිහටයි.

“මට තාම පෙම්වතෙක් නැහැ.මුලදී හිතුවේ රඟපාන එක ගොඩක් ලේසියි කියලා ඒ උනාට ඇත්තටම ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි.රංගනය තුළ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මම රඟපාන්න කලින් ඒ දේවල් දැනං හිටියේ නැහැ.දැන් රංගනය තුළින් මම ඒ දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා.”

ඉතින් ඇයට ඉදිරියටත් ලස්සන නිර්මාණයක් රැසකට සම්බන්ධ වෙන්නට වාසනාව ලැබේවා කියා අපි එක සිතින්  ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *