Gossip Lanka

මගේ දරුවෝ අම්මා තවත් ඔයා දුක් වෙන්න ඕනේ නෑ මේකෙන් අයින් වෙමු කියලා කිව්වා

කේ සුජීවා කියලා කියන්නේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව අලුත්ම මගකට යොමු කරපු ප්‍රසංග වේදිකාව තුල ප්‍රාසංගිකත්වය ඉහළින්ම විදහා දැක්වූ දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය විසින් ගායනා කරපු ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය එදා වගේම අදටත් සුවහසක් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.

K සුජීවා කියන්නේ මුල ඉඳන් ගීත ගායනා කරපු කෙනෙක් නෙවෙයි. ඇය ගුවන්විදුලියේ වැඩසටහන් නිවේදිකාවක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. එ ලැබුණු පුංචි මුදලෙන් තමන්ගෙ ආදරණීය දරුවන්ව රැකබලා ගන්නා ඇය ජීවිතයේ අනේකවිධ දුක් වලට මුහුණ දීපු තරුණියක් කිව්වොත් නිවැරදියි.

කුඩාම වයසකින් දෙමවුපියන් ගේ බල කිරීම මත පුද්ගලයකු සමග විවාහ වන ඇයට දීර්ඝකාලීනව ඒ විවාහය තුළ රැඳිලා ඉන්න අවස්ථාව උදා වුණේ නැහැ. ඒ ගෙදර එහෙම ජීවත් වෙද්දී සුජීවට දැනුනලු ඇයට සිද්ධ වෙච්ච වෙනස්කම්. බොහෝ අවස්ථාවන් වල දී මේයා නම් කට්ටම කලුයි අපේ පවුලට ගැලපෙන් නැහැ කියලා ඇහුණු කතාත් ඒ අතර තිබ්බා කියලා ඇය සඳහන් කළා.

ඊට පස්සේ මේ විවාහයෙන් වෙන් වෙලා ඖජීවා තමන්ගේ ආදරණිය ලොකු දියණිය සමඟ කොළඹ පදිංචියට එනවා. ඒ අතරතුර කාලයේ දී තමයි ඇය රැකියාවක් කරන්න තීරණය කරන්නේ. ඉතින්  දුකසේ ජීවත්වන සුජීවට තමන්ගේ දරුවා ඉල්ලන හැම දේම දෙන්න වත් පොහොසත් කමක් තිබුණෙ නැහැ.

කාලයත් සමගම ඇය ජීවිතය ජයගන්න පටන් ගන්නවා දක්ෂ ගායිකාවක් වශයෙන් බොහෝ දෙනෙක් ඇයව හඳුනා ගැනීමට පටන් ගැනීමත් සමඟ ම දරුවන් දෙදෙනාට දිය හැකි උපරිම සැප සම්පත් ලබා දෙන්නට සුජීවා දෙපාරක් හිතන්නේ නැහැ. මේ ළමයි දෙන්නත් අම්මට පණ ඇරලා ආදරෙයි. කවුරු හරි ගෙදරින් එළියට යනවා නම් අනිවාරයෙන්ම අම්මත් එක්ක එකටම ඉන්න කියලා තමයි ගෙදරින් එළියට යන්නේ පොඩ්ඩක් වත් තමන්ගේ අම්මව තනි කරන්න ලොකු දුව වත් පොඩි දුවත් කැමති නැහැ.

මෙහෙම කාලයක් යද්දි සුජීව තේරුම් ගන්නවා ජීවිතයේ තමන්ට ගැලපෙන පුද්ගලයෙක්  එක්ක ඒ ජීවිතය ගත කරන්න ඕනි කියලා. ඊට පස්සේ  ශ්‍රේෂ්ත්‍රයේ ජනප්‍රිය ගායකයෙක් වන අජිත් මුතුකුමාරණ සමග විවාහ වෙන්න තීරණය කරනවා. අවුරුදු ගණනාවක් ඔහුත් එක්ක හොඳින් කාලය ගත කරන ඇයට මේ සම්බන්ධතාවයේ ටිකින් ටික විවිධ ගැටලු ගැටළු මතු වෙන්න පටන් ගන්නවා.

අජිත් කියන්නේ කලින් කසාද බැඳලා දික්කසාද වුණු කෙනෙක්. ඒ විවාහයනුත් ඔහුට දරුවන් සිටිනවා. සුජීවා සහ අජිත් අතර ඇතිවුණු මතභේදාත්මක ගැටලු නිසා ඔවුන් දෙදෙනා පසුගිය වසරේ දී වෙන් වෙන්න තීරණය කරනවා. ඉතින් ඒ වෙන්වීම සුජීව ට දරා ගන්නට බැරුව යනවා. දවස් ගණන් මාස ගණන් ගේ ඇතුළට වෙලා අඩ අඩා හිටපු ඇයව සනසන එකම විකල්පය උනේ ආදරණීය දරුවන් දෙදෙනා.

අජිත් සහ සුජීවා එකට ජීවත් වෙද්දී නිතරම ඇතිවුණු දුක් කම්කටොලු නිසා එක්තරා දවසක දරුවන් කියනවා අම්මා ඔයා දුක් විඳිනවා හොඳටම ඇති. දැන් මේක නවත්තන්න කාලෙ හරි. අපි මේකෙන් අයින් වෙමු කියලා. ඉතින් ඊට පස්සේ අජිත් සහ සුජීවා වෙන් වෙන්න තීරණය කරනවා.

එදා අජිත් සමග එකතු වෙද්දීත් දරුවන්ගේ ආශිර්වාදය සහ දරුවන් ඇගේ පැත්තේ හිටියා වගේම ඔහුගෙන් වෙන් වෙද්දිත් දරුවන් සුජීවා  ගාව හිඳගෙන ඇයට ලොකු ශක්තියක් වෙනවා. සුජීවා කියන්නේ අම්මා කෙනෙක් දරුවාව බලාගන්න ඕනි විදිහට දරුවන් ඇයව දැන් බලා ගන්නවා කියලයිකොහේ ගියත් කන්න දෙන කෑම එහෙකින් කොටසක් හරි සාක්කුවේ දාගෙන ගෙදර ගෙනල්ලා ඇයට දෙන්නත් මේ ආදරණිය දරුවන් දෙදෙනා අමතක කරන්නේ නැහැ. මේ වෙද්දි ඔවුන් තුන්දෙනාම ඉතාමත් සතුටින් කාලය ගත කරනවා ඒක අපිට ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා නිකුත් කරන විවිධ වීඩියෝ වලින් වලින්  බලා ගන්නට හැකියාවක් ලැබෙනවා.

ජීවිතයේ විවිධ ප්‍රතික්ෂේප කිරීමට මුහුණ දුන් සුජීවා අවසන් වශයෙන් සඳහන් කරන්නේ මට එපා කියලා මම දීපු දෙයක් ආපහු මම කවදාවත් භාරගන්නේ නැහැ කියලයි. ඉතින් මේ වන විට දරුවන්  සමඟ සතුටින් ගත කරන මේ ආදරණීය ගායිකාවගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.