Siri Lankawa

Web Postal

කසුන් කියන්නේ මගේ දරුවගේ පියා. එයා කියන දේවල් මම සීයට සීයක්ම පිළිගන්නවා 

ගායනයට නර්තනයට ඒවගේම රංගනයට එක හා සමානව දක්ෂතා පෙන්වන කලාකාරිනියන් බිහි වෙන්නෙ ඉතාමත් කලාතුරකින්.ඒ අතරින් දක්ෂ ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච චරිතයක් තමයි කුෂාණි සඳරේකා කියන්නේ.ඇය විසින් ගායනා කරපු මල් කලඹ කලඹ ලග පාට සේදුන,වරංගනා,කුරුල්ලෝ නුඹේ තාලෙන් කියන ගීත මෑත කාලයේ ප්‍රේක්ෂකයන් අතර ඉහළම ආදරය දිනාගත්තු ගීත නිර්මාණ වුනා.

ඇයගේ ගීත ප්‍රසිද්ධ වුනත් කුෂානි කියන කලාකාරිනිය ව ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ නැහැ කියන මතයක් තියෙනවා.එහෙම කිව්වහම ඇය කියන්නේ කලාකාරිනියක් විදියට ඇය සාර්ථකයිලු.ඒ වගේම දුවන්නන් වාලේ ගීත කරලා අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ වෙන්න ඇය අකමැති කියලත් සඳහන් කරනවා.ඒ වගේම ඇය ජනප්‍රිය ගායකයෙක් වන කසුන් කල්හාරගේ ආදරණීය බිරිඳ.ඉතින් ඇය තමන්ගේ ආදරණීය සහකරු පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.

“කසුන්ගෙ අම්මයි මගේ අම්මයි හොඳම යාළුවෝ.මගේ තාත්තා එයාගේ තාත්තයි රැකියාව කළේ එකම තැන.ඒත් ඒ ගොල්ල යාලුවෝ කියලා කසුන්ව මට ලොකුවට ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.සම්මාන උළෙලක දී මට ආරාධනා ලැබුණා කුරුල්ලෝ නුඹේ තාලෙන් ගීතය ගායනා කරන්න.ඒකෙ සංගීතය බාර අරගෙන තිබුණේ කසුන් එතනදි තමයි අපි දෙන්නා හොඳටම අඳුනාගන්නෙ.

කසුන් කියන්නේ මගේ දරුවාගේ පියා ඒ වගේම ඔහුට කලාකරුවෙක් විදිහට මම ගොඩක් ආදරේ කරනවා.එයා කියන දේවල් සීයට දාහක් ඇත්ත කලාව සම්බන්ධව නිර්මාණ සම්බන්ධව එයාට ලොකු දැක්මක් තියෙනවා.එයා එයාගෙ නිර්මාණ හරහා ගව් ගාණක් ඈතට දැක්ක කෙනෙක්.එයා මට කිව්වොත් මේ දේවල් හරියන්නේ කියලා එයා කියන දේවල් සීයට සීයක්ම මම පිළිගන්නවා”

කසුන් කල්හාර කියන්නෙත් සංගීත ක්ෂේත්‍රය තුළ අමතක නොවන මතක සටහන් රැසක් දායාද කරපු කලාකරුවෙක් නිසා කසුන් කූෂානි දෙන්නත් එක්ක එකතු වෙලා  අලුත්ම වැඩක් කරයි ගැන කියන බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන් ගාව තියෙනවා.ඉතින් මේ සංගීත ගමන් මග තුළ තවත් බොහෝ දේවල් සාර්ථකව ළඟා කරගන්නට ඔවුන් දෙපලටම හැකියාව ලැබේවා කියා අපි පාර්ථනා එක් කරන්නේමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *