Gossip Lanka

‘මේ මිනිහා’ කියලා අතුලට කතා කරපු කාවින්දයට රසිකයන්ගෙන් දැඩි අප්‍රසාදය

ගායන ක්ෂේත්‍රයේ තුළ අතුල සමිතා ගැන සුසංයෝගය නොදන්න කෙනෙක් නොමැති තරම්. ඔවුන්  දෙදෙනාගේ කටහඬින් හැඩවැඩ වුණ බොහෝ නිර්මාණ රැසක්ම අද වෙද්දී ප්‍රේක්ෂක ජනතාව ඉතාමත් ආදරයෙන් වැළඳ ගෙන සිටිනවා.

කාලයක් පෙම්වතුන් විදිහටත් ඊටත් පස්සේ ආදරණීය බිරිඳ සහ සැමියා විදියටත් ජීවත් වුණු  සමිතා සහ අතුල අධිකාරි මහත්මයා  ඔවුන් තුළ ඇති වෙන්නා වූ අභ්‍යන්තර ගැටලු නිසා විවාහයෙන් වෙන් වෙන්න තීරණය කරනවා. ඇත්ත වශයෙන්ම මේ විදියට විවාහයෙන් වෙන් වුනත් තමන්ගේ ආදරණීය දුව වන කාවින්ද්‍යා අදිකාරී එක්ක සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගන්න අතුල අමතක කරන්නේ නැහැ.

ඒ වගේම තමයි අවුරුදු දහයක වැනි කාලයක් තනිකඩව තමන්ගේ ආදරණීය දරුවන් දෙදෙනා හදාවඩාගත් සමිතා මුදුන්කොටුව මහත්මිය තව වතාවක් විවාහ වෙන්න තීරණය කරනවා. ඒ පුද්ගලයා තමයි චිරන්ත කියලා කියන්නේ. අතුල අධිකාරි මේ වෙද්දි පළමු කසාදයෙන් වෙන්වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන අතර නැවත වතාවක් සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ පවුල සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. ඔහු නම් සඳහන් කළේ නීතියෙන්  දික්කසාද වුණත් පවුල සමග තියෙන සම්බන්ධතාවය කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ කියලයි.

පසුගිය දවසක  සමිතා සහ අතුල අදිකාරි හරි අපූරු වැඩකට අත ගහනවා. ඒ ආයෙමත් ආදරෙන් කියන ගීතය ඔවුන්ගේම තාලයකට ගායනා කරන්න සූදානම් වීම. ඉතින් මේ මියුසික් වීඩියෝවේ වැඩකටයුතු සියලුම දෙනා එකතුවෙලා ආරම්භ කරන අතර ගීතය මේ වෙද්දී යූටියුබ් මුදාහැරලා බොහෝ දෙනෙක් නරඹලා තියනවා.

මේ වීඩියෝවේ රූපගත කිරීම් කරන  අතරතුරදී හරි අපූරු සිදුවීමකට මුහුණ දෙනවා. ඒ තමයි සමිතා මුදුන්කොටුව මහත්මිය දර්ශන කීපෙකට  මුහුදු වෙරළක් ආශ්‍රිතව සූදානම් වෙද්දි සමිතාව සහ කාවින්ද්‍යා ව පුදුම කරන්න අතුල අදිකාරි ඒ අදාළ ස්ථානයට එනවා. ඒ වෙද්දී ඒ අවස්ථාව කවින්ද්‍යා විසින් වීඩියෝ කරන අතරතුරයි හිටියේ.

ඉතින් ඒ වෙලාවේ දී කාවින්දයා කියපු වචන කීපයකට ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් තමාගේ අප්‍රසාදය එකතු කරලා තිබුණා. ඇය මේ අවස්ථාවේ ද සඳහන් කරනවා.

ඔයා මට චුට්ටි කොටසක් කියලා තිබ්බට මේ මිනිහා එනවයි කියලා දන්නෙ නැහැනෙ. මාර හොරෙක් නෙ.

මේ විදිහට කාවින්දයා මේ මිනිහා කියලා කතා කථාකරන්නේ තමන්ගේ ආදරණීය තාත්තා වන අතුල අදිකාරි මහත්මයාට. ඉතින් ඔහුට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයන් පිරිස විවිධ අදහස් මේ සිදුවීමට පළ කරලා තිබුණා. තවත් සමහරක් කියනවා ඒ ආදරේ වැඩිකමට එහෙම කතා කළේ කියලා ඒ අතරින් බොහෝ දෙනා කියනවා තාත්තට දුවෙක් කතා කරන්නවත් ඉගෙනගෙන නැද්ද කියන දේ. ඒ වගේම සමහරක් අය කියනවා කොච්චර යාලු ෆිට් එකට කතා කරත් තමන්ගෙ තාත්තට ගරුත්වයක් දීලා කතා කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා.

මේ බොහෝ ප්‍රේක්ෂක පිරිසක් වැඩිපුර දක්වපු අදහස් වලින් කීපයක්. නමුත් කාවින්දයා සහ අතුල අදිකාරි සඳහන් සදහන් කරන්නේ ඔවුන් දෙදෙනා හොඳම  යාලුවන් වගේ ඉන්නේ කියලා. ඒ නිසා කතා කරන වචන ගැන එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ ගොඩක් ෆිට් එකේ කතා කරනවා කියලත් ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අතුල අදිකාරි මහත්මයාට ආදරය කරන බොහෝ රසික පිරිසක් මේ සිදුවීම තරයේ හෙළා දැකලා තිබුණා. ඉතින් නැවත වතාවක් ආදරණීය විදියට එකතු වෙලා මේ විදිහට සමගියෙන් සතුටෙන් මේ වගේ අලුත් වැඩ කිරිම සම්බන්ධයෙන් ඔවුන්ට ආදරය කරන රසිකයෝ  සතුටෙන්. ඒ සතුට හැමදාම රසිකයන්ට ලබා දෙන්නට හැකිවේවා කියා අපි ඔවුන්ට සුබ පැතුම් එක් කරන්නෙමු.