Siri Lankawa

Web Postal

මම මුලින්ම ටැටු එකක් ගැහුවෙ 2014.ඇඟේ තියෙන tattoo 22ටම මට කතාවක් තියෙනවා

කලා ලෝකය තුළ ආදරණීය කලාකරුවන් දෙපළක් වන සමිතා මුදුන්කොටුව සහ  අතුල අධිකාරි කියන දෙපළගේ  ආදරණීය දියණිය වන ඇය කාවින්දයා අධිකාරි.ගොඩක් දෙනෙක් කාවින්දයා අධිකාරි ට ආදරේට කතා කරන්නේ කවී කියලා. ඇය දක්ෂතා වලින් පරිපූර්ණ වූන්කලාකාරිනියක් කිව්වොත් වඩාත් සාධාරණයි.

ඒකට හේතුව කාවින්දයට රහට ගායනා කරන්න පුළුවන් ඒ වගේම ලස්සනට නටන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි හොඳට රඟපෑමේ කුසලතාවයක් ඇයට තියෙනවා.ඇය කොයිතරම් දක්ෂ රංගන ශිල්පිනියක් ද කියනවා නම් ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ පළමු සිනමා නිර්මාණය වන ඝරසරප සිනමා නිර්මාණයට සම්මානය පවා හිමි කරගන්න වාසනාව ලැබුවා.

සිනමාවෙන් ඒ විදිහට පැසසුම් ලබන ඇය පසුකාලීනව ටෙලි නාට්‍යයකත් රංගනයෙන් දායකත්වය දැක්වූවා.හැබැයි මේ දේවල් මේ විදිහට සිද්ද වෙද්දි නැවත වතාවක් නම කලාව තුළින් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ.ඒකට හේතුව ඇයි කියලා අහපුවාම කාවින්දයා කිව්වේ මේ වගේ කතාවක්.

“මට ඕනෙ වුනේ රංගනයෙන් නම් එක ටෙලි නාට්‍යයක් සහ එක චිත්‍රපටයක් කරන්න.එය අවස්ථා දෙකම මට හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ කරන්න ලැබුණා.දැන් මම සිරුරේ tattoos ගහලා තියෙන නිසා මැර චරිතයක් තමයි කරන්න වෙන්නෙ.ඝරසරප එකට ජයන්ත චන්ද්‍රසිරි මහතා මගේ අම්මට කතා කරල කියල තිබ්බා දුව එවන්න කියලයි ස්ක්‍රීන් ටෙස්ට් එකට.ඒ වගේම සක්කාරං ටෙලි නාට්‍යයට සුසාර අයියා අයියා අම්මට කතා කරලා නාට්‍ය ගැන කියලා තිබ්බා.එහෙම ආරාධනාවක් ආවොත් ආයෙත්  මම සලකා බලනවා”

කවින්ද්‍යා ටිකක් වැඩ කටයුතු කරන්න කම්මැලි කෙනෙක්.ඇය බොහෝ අවස්ථාවන් වලදී විනෝදෙන් නිදහසේ කාලෙ ගත කරන්න ආස වෙච්ච කෙනෙක්.ඒ නිසාම වෙන්න ඇති ඇයගෙන් කන කටයුතු වලට ලොකු දායකත්වයක් මේ වෙද්දි නැත්තේ.ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි කාවින්දයා ආසාවට විනෝදාංශයක් විදිහට ඇඟේ tattoo ගහනවා.ඉතින් මේ වෙද්දි ඇට ටැටු විසි දෙකක් ගහලා තියනවා. ඒ සම්බන්ධයෙන් කාවින්දයා කිව්වේ මේ වගේ දෙයක්.

“මගේ පළවෙනි ටැටු එක ගැහුවේ 2014 රේ අග.අපේ අම්මිගෙ යාලුවෙක්ට ටැටූ එකක් ගහන්න ගියේ. අන්තිමට එයා බයවෙලා මගේ අතේ ටැටු එකක් ගහන් ගෙදර ආවා.මගෙ ඇගෙ තියෙන හැම කැටුව එහෙකටම මගේ ජීවිතේ සමීප කතාවක් තියෙනවා’

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇයගේ පෞද්ගලික ජීවිතය සහ කලා ලෝකය පිළිබඳව කාවින්දයා අදහස් ඉදිරිපත් කර ගෙන තිබුණේ.ඉතින් ඒ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *