Gossip Lanka

චිරන්තගෙන් මට ලොකු රැකවරණයක් ලැබෙනවා එයා වගේ වැඩ කරන කොල්ලෙක් මම දැකලා නැහැ

සමිතා අතුල කැදැල්ලේ ආදරණීය දෝණි විදිහට ඉපදුනු කාවින්දයා අධිකාරි කියලා කියන්නේ මේ වෙද්දි තමන්ටම කියලා කලා ක්ෂේත්‍රයේ මගක් විවර කර ගත්තු දක්ෂ කලා කලාකාරිනියක්. ඇය ගායනයට වගේම රංගනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක් කිව්වොත් නිවැරදි. මේ වෙද්දි අපිට කාවින්දයා විවිධ  වැඩසටහන් නිවේදිකාවක් වශයෙන්ද පුංචි තිරයෙන් බලාගන්නට පුළුවන්.

මේ දවස් වල  සුපුරුදු පරිදි ඇය වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම නිවේදන කටයුතු සහ තමන්ගේ අම්මා වන සමිතා මුදුන්කොටුව මහත්මිය ගෙ කලායතනයේ වැඩකටයුතු ඇය විසින් කරගෙන යනවා. පසුගිය දිනක ඇය ජීවිතයේ වැඩිපුරම ආදරේ කරන ආදරණීය මම්මා එහෙමත් නැත්නම් සමිතා මුදුන්කොටුව මහත්මියගේ මව නැති වීමත් එක්ක බොහෝ සෙයින් දුක්බර කාලයක් ගත කළේ. කාවින්දයා තාමත් කියන්නේ ඇය නැති අඩුව නැති කරන්නට බැහැ කියලා.

කලා ලෝකය ලෝකයේ ගොඩක් දෙනෙක් ඇයට කරන ප්‍රධානම චෝදනාව තමයි වැඩ කරන්න ටිකක් කම්මැලි කියලා. ඒ වගේම ලැබෙන දේවල් වල අගයක් නැහැ කියලත් චෝදනා එනවා. නමුත් ඇය සඳහන් කරන්නේ ලැබුනු හැමදේම ඉතාමත් හොඳින් සාර්ථකව අවසන් කරන්න ඇය කැප වුණා කියලයි.

ඒ නිසා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ඔස්සේ විකාශය වූ ඝරසරප සිනමා පටිය වෙනුවෙන් ඇගේ රංගනය උදෙසා නැගී එන නිළිය සම්මානය දෙවතාවක් ලබාගන්නට කාවින්දයා වාසනාවන්ත වුණා. කවි කියලා කියන්නේ හැම වෙලාවෙම ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා කාලෙන් කාලෙට විවිධ ටැටු විලාසිතා කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ. ඒ පිළිබඳව කවියි අදහස් දැක්වුවේ මේ ආකාරයෙන්

මගේ ඇඟේ මේ වෙනකොට ටැටු 12ක් තියෙනවා. මම මුලින්ම ටැටූ එකක් ගැහුව 2013දී. මම ලස්සනට වඩා තේරුම එක්ක තමයි ටැටු ගහන්නෙ. මගේ ඇඟේ ගහලා තියෙන හැම ටැටු එහෙකටම තේරුමක් තියෙනවා. ඒක කලාවක්. මම හරි ආසයි ටැටු වලට. සමහරු කියනවා දැන් මගේ ඇඟේ tattoo ගහන්න තැනක් නැතුව ඇති කියලා. නමුත් සාමාන්‍යයෙන් කෙනෙක්ට කරදරයක් නැත්නම් මම ආස දේ කරන කෙනෙක්. මගේ කොණ්ඩේ වුණත් දිගට තිබ්බා මට හිතුනා කොන්ඩෙ කපලා බලන්න ඕනේ කියලා ඒකත් කරලා බැලුවා.

මේ ආකාරයෙන් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ අද දවසේ ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් නිසා විඳින්න ඕනෙ හැම සතුටක්ම විදින්න ආස කරනවා කියලයි. පසුගිය දිනක ඇය තමන්ගේ ආදරණීය තාත්තා වන අතුල අදිකාරි මහත්මයා සමඟ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙනවා. පළමු වතාවට මෙහිදී මේ දෙදෙනා එකතු වෙලා ගීතයක් ගායනා කරනවා. ඊට පස්සේ පුද්ගලයෙක් කතා කරලා කියනවා මුලින්ම ඔවුන් දෙදෙනාට ගීතයක් ඔහු විසින් හදලා දෙනවා කියලා. ඉතින් ඒ යෝජනාවත් එක ඉදිරියේදී අතුල සහ කවි එකතුවෙලා ලස්සන ගීතයක් නිර්මාණය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කවී කියලා කියන්නේ තාමත් තනිකඩව ජීවත්වන කෙනෙක්. ඉතින් හැමදාම තනියෙන් ජීවත් වෙන්න ද කියලා අහපු අවස්ථාවක ඇය දුන්නේ අපූරු පිළිතුරක්.මම හිතන දෙයක් තමයි අපි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා නම් අපි අපි අතරම ඒ දේ තියා ගත්තම හොඳයි කියලා. මොකද ගොඩක් අය අපි ගැන ඕනවට වඩා හොයනවා. ඉතිං ඒ දේවල් අපි අතරම තියාගන්න එක වැඩි පුර හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සම්බන්ධයක් පටන් ගත්තට පස්සේ ඇත්ත කෙනාව පෙන්වන්න ඕනේ. බැන්දට පස්සේ හංගං හිටපු ඇත්ත කෙනා එළියට ආවාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.

ඇය ජීවිතය පිළිබඳව ආදරය පිළිබඳව අදහස් දැක්වූයේ එයාකාරයෙන්. සමහර තැන් වල කලකිරුණු ස්වභාවයන් එක්ක ජීවත් වන කවි  ඉදිරියේදී කසාද බඳින්නත් පුළුවන් කසාද නොබැද ඉන්නත් පුළුවන් කියලා සඳහන් කරනවා. මේ වෙද්දි කාවින්ද්‍යාගේ පවුලට තවත් අලුත් කෙනෙක් එකතු වෙලා. ඒ තමයි සමිතා මුදුන්කොටුව මහත්මිය ගෙ දෙවැනි කසාදයේ ආදරණීය ස්වාමි පුරුෂයා වන   චිරන්ත. ඉතින් ඔහුත් සමග ගත කරන සොඳුරු ජීවිතය පිළිබඳව කවි අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

චිරන්ත එන්න කලින් ගෙදර තාත්තා වුනේ මම. චූටි කාලෙ ඉඳන් වගකීම් දරන්න මම පුරුදු වුණා. මල්ලිව බලා ගන්න තැන ඉදන් ඒ වගකීම මට තිබුණා. චිරන්ත අපේ පවුලට එකතු උනාට පස්සේ මට තිබ්බ බර අඩු උනා වගේ දැනෙනවා. අපිට මිනිස්සු ගැන දැනගන්න ලැබෙන්නේ ආශ්‍රය කලාට පස්සේ. චිරන්ත පවුලට එකතු වුණාට පස්සේ එයා අපේ මම්මව බැලුවා. අපේ අම්මට පුදුම සහයෝගයක් දෙනවා. මගේ මල්ලිත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න නිසා එයාට උදව් කරනවා. දැන් චිරන්තත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙලා ඉන්නෙ මට වුනත් ලොකු රැකවරණයක් ලැබෙනවා ඔහුගෙන්. අපේ තාත්තා ගෙදරින් ගියාට පස්සේ ගෙදර හිටියේ මමයි අම්මයි මම්මයි මල්ලියි. චිරන්ත අපේ පවුල ඇතුළේ ඉන්න එක හිතට ලොකු නිදහසක්. එයාගෙ වයසත් එක්ක බලද්දි ඒ වගේ වගකීමෙන් වැඩ කරන කොල්ලෙක් මම වෙන දැකලා නැහැ. එයා අපි හැමෝටම ලොකු ශක්තියක්.

කවී තමාගේ පවුලට එකතුවුණු මේ ආදරණීය චරිතය පිළිබඳව අදහස් දැක්වූයේ එයාකාරයෙන්. කෙසේ නමුත් සියළුම වැඩකටයුතු ඉතාමත් හොඳින්  කරගෙන ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන මේ සුන්දර කලා කාරිණියගේ  සියලු පැතුමන් ඉටු වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.