Gossip Lanka

අයියට කතා කරන්න දන් නැද්ද කියලා එදා පාරේ යන මනුස්සයෙක් මට හොඳටම බැන්නා

අහස් මාලිගා ටෙලි නාට්‍ය සහ හදවිල අරණ  ටෙලි නාට්‍ය ඔස්සේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු පුංචි තිරයේ අහිංසකාවියක්  විදිහට කාවින්ද්‍යා දුල්ශානි අපිට හඳුන්වන්නට පුළුවන්. ඇයට තියෙන පෙනුම නිසාම බොහෝ අවස්ථාවන්වල දී අහිංසක ගැමි චරිත වලට තමයි රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වෙන්නේ.

2015 වර්ෂයේදී අයි ටී එන් අවුරුදු කුමාරි තරගයට සහභාගි වූ ඇයට හැකියාව ලැබෙනවා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ වෙන්න. පවුලේ අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනෙක් එක්ක ජීවත් වෙන  කාවින්දයා තාමත් ඉදිරි අධ්‍යාපන කටයුතු හදාරනවා කියලා තමයි ආරංචිය.

ඇය උසස් අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් නමුත් කාවින්දයා ගේ එකම බලාපොරොත්තුව  රංගනයෙන් ඉදිරියට යාම. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ සඳ එළිය කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්නටත් කාවින්ද්‍යා ට අවස්ථාව උදා වුණා. ඒ නිසාම ඒ චරිතය ඔස්සේ ඇය බොහෝ දෙනෙක් අතර ආදරයට ලක් වෙනවා. අද කොහේදි  කවුරු එක්ක කතා කළත් ඒත් නිර්මලී කියන චරිතය ගැන මතක් කරන්නත් අමතක කරන්නේ නැහැලු.

ඒ වගේම පළමු වතාවට ඇයට සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වුණා. ඒ උතුරු සුළඟ චිත්‍රපටියට සහභාගි වෙමින්. ඒ පිළිබඳව කාවින්ද්‍යා අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්. 

 උතුරු සුළඟ සිනමාපටය චිත්‍රපට ශාලාවලට ආවත් මේ තිබෙන වසංගත තත්වය හමුවේ එහි තිරගතවීම් නතර වුණා. ඇත්තටම චිත්‍රපටයක රඟපෑම මගේ ජීවිතේ ලොකුම අත්දැකීමක්. ටෙලි නාට්‍යවල රඟපාලා චිත්‍රපටයක රඟපෑමේ වෙනස මට තදින්ම දැනුනා. ඒක හිතනවට වඩා දැවැන්ත කාර්යයක්. මේ නිර්මාණයේ දී ලංකාවේ ප්‍රවීන දක්ෂ ශිල්පීන් සමග වැඩ කරන්නට මට අවස්ථාව ලැබුණා.

ඉතින් ඇය එයාකාරයෙන් තමයි තමන්ගේ කුලුඳුල් චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වූයේ. ඕනෑම රංගන ශිල්පියෙක්ට ජීවිතයේ තමන්ට අමතක නොවන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. කාවින්දයටත්  ලැබුණු හොඳම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකක්ද කියලා අහපුවාම ඇය දුන්නේ හිතාගන්නවත් බැරි අමුතු පිළිතුරක්.

මගේ පළමු ටෙලි නාට්‍ය විකාශය වන විට එහි මගේ සහෝදරයාට හිටියේ බිමල් ජයකොඩි. මට මතකයි අපිට පාරේ රූගත කිරීමක් තිබුණා. පාරේ ගිය පිරිමි කෙනෙක් මට එදා හොඳටම බැන්නා. ඔයා මොකද ඔහොම හැසිරෙන්නේ අයියට කතා කරන්න දන්නේ නැද්ද? ඇයි ඔයා අයියට ඔහොම කතා කරන්නේ අයියට ගරු කරන්න කියලා. මට ඒ වගේ අත්දැකීමක් කලින් වෙලා නැති නිසා මං අම්මවත් ළඟට කරගෙන හොඳටම ඇඬුවා.  ඒ වෙලාවේ රඟපෑම පැත්තක තියලා මට ඕන වුණේ ගෙදර යන්න.

ඉතින් ඒ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය නම් ඇයට ජීවිතයට වත් අමතක වෙන ප්‍රතිචාරයක් නෙවෙයි කියලා සඳහන් කළා. ඉදිරියේ දී රඟපෑම තුළින්ම ඉස්සරහට යන්න කාවින්ද්‍යා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් ඇය බලාපොරොත්තු වෙන සියලුම බලාපොරොත්තු වූ ආකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.