Gossip Lanka

දැන්නම් ඉතින් ප්‍රේම කරන වයසක නෙවෙයි මම ඉන්නේ බුද්ධිමත් ආදර කතාවක් හම්බ වුණොත් හොඳයි

පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය දිනා ගත්තු ඒ සොඳුරු කලාකරුවා තමයි කුසල් මධුරංග කලා ශිල්පියා. ඔහු බොහෝ දෙනෙක් හඳුන්වන්නේ බන්ඩා කියන නමින් ඊට හේතුව ඔහු විසින් මේ දිනවල රංගනයේ යෙදෙන ඉහළ ප්‍රේක්ෂක ආදරය ඔස්සේ විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍ය නිසයි.

ීතින් මේ සුන්දර කලා කරුවාගේ මූලිකම වෘත්තිය වෙලා තියෙන්නෙ රංගනය. වේදිකාවෙන් කලා ලෝකයට අවතීර්ණ වූ ඔහු ඔහුගේම රටාවක ට ජීවිතේ ගත කරන කෙනෙක් කිව්වොත් නිවරදියි. කුසල් කාගේ කවුද ඒ වගේම ඔහු ගත කරන පෞද්ගලික ජීවිතය පිළිබඳව වචන කීපයක් සති අග පුවත්පතකට ඔහු හුවමාරු කරගෙන තිබුණා. එහිදී කුසල් සඳහන් කළේ,

“අපේ අම්මටයි අප්පච්චිටයි ඉන්න එකම දරුවා මම. නාට්‍ය වේදිකාවට ළැදිව කටයුතු කරන සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්. මගේ උපන් ගම නාවලපිටිය ඒත් එහෙ නෙවෙයි ළමා කාලය නම් ගත කළේ. අම්මා අප්පච්චි හොරණට ඇවිත්. එදා ඉදන් මගේ ජීවිතය ගෙවුණේ එහේ. පවුලේ එකම ළමයා වුණත් ගෙදරින් බලපෑමක් කළේ නැහැ. මිනිසුන්ගේ දෝෂාරෝපණයක් එල්ල නොවන තරම් හොඳ මනුස්සයෙක් වෙන්න කියන එක තමයි අම්මා අප්පච්චි මට හැම වෙලාවෙම කීවේ. කාගෙවත් හිතක් නොරිද්දන මිනිහෙක් වෙන්න කියන බලපෑම විතරයි තිබුණේ.”

ඒ විදිහට අදහස් දක්වන කුසල් පුංචි කාලේ ඉඳලම ඒ කියන්නේ දහම් පාසල් යන  කාලේදී විවිධ අංශ වලින් දක්ෂතා දක්වපු කෙනෙක් ලු. ඒ අංශයෙන් ඔහුට සම්මාන ලැබෙන නිසා ගෙදරින් වුනත් කුසල්ගේ ගමනට බාධාවක් එල්ල වෙලා නැහැ. ඊට පස්සේ සෞන්දර්ය  සරසවියේ නාට්‍ය හා රංග කලාව අංශයෙන් උසස් ඩිප්ලෝමාවක් කරන්න ඔහු තීරණය කරනවා. ඒ අවස්ථාවේදී තමා ප්‍රසිද්ධ වේදිකාවක් හා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඔහුට අවස්ථාව ලැබුනේ.

ඒ වගේම කකුලෙන් අදිනවා වෙනවට ඔහුගේ පවුලේ ඥාති හිත  මිත්‍රාදීන්ගෙන් පවා කුසල්ට ලොකු දිරිගැන්වීමක් ලැබිලා තියෙනවා මේ කලා ලෝකය සාර්ථක සාර්ථකකරගන්න. මේ විදියට කලා කටයුතුත් එක්ක කාර්යබහුල වන මේ සුන්දර නළුවා තාම ප්‍රේම සම්බන්ධතාවයන් නම් පටන් අරගෙන නෑ  කියලත් සඳහන් කරනවා. ඒ වගේම එක් එක් කාල වකවානුවලදී ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා කියලත් ඔහු ප්‍රකාශ කළා. ඉතින් අනාගතයේ දී ඔහුගේ හිත යන සහ අත ගන්න බලාපොරොත්තු වන අනාගත ආදරයක් පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“ආදරයේදී තමන්  කැමති ක්‍රමය තමන් ආස කරන තමන් ආදරය කරන විශ්වාස කරන ක්‍රමය ලැබෙනවා නම් හොඳයි. ඒත් ඒක හිතන විදියටම හැමෝටම ලැබෙන්නේ නැහැ මටත් ඒ හිතෙන විදිහට ම ලැබේ ද දන්නේ නැහැ. නමුත් ප්‍රේමයේ දී මාව විශ්වාස කළ හැකි මගේ ක්‍රමය දරාගන්න පුළුවන් සහ මගේ පවුලේ පසුබිම යාළු මිත්‍රාදීන් මගේ විදිහ මගේ පුරුදු සියල්ලට කැමති එක්කෙනෙක් එක්ක ගමනක් යන්න පුළුවන් නම් ප්‍රේමය හොඳයි. දැන්නම් ඉතින් ප්‍රේම කරන  වයසකට එහා ගිය වයස කයි මම ඉන්නේ. දැන් තිහකටත් ළඟයි ඒ නිසා ජීවිතය හරියාකාරව ගෙනියන්න පුළුවන් අවබෝධයක් ඇති බුද්ධිමත් ආදර කතාවක් වුණොත් හොඳයි”

ඉතින් කුසල් ආදරය පිළිබඳව ඒ වගේ අදහසකින් තමයි කාලය ගත කරන්නේ. එනිසාම ඔහු හිතන පතන ආකාරයෙන් ඒ ආදරණීය චරිතය ඔහුට මුණගැසේ ඒවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.