Gossip Lanka

සඳුනි රස්සාවට යනවා මම ගෙදර වළං හෝදනවා ඒ වගේම ගෙදර වැඩත් කරනවා

ලහිරු මුදලිගේ කියන චරිතය අපිට ප්‍රථම වතාවට නෙත ගැටෙන්නේ ස්වර්ණවාහිනියෙ මාධ්‍ය ජාලයේ හද රැඳි පැය කියන විනෝදාත්මක වැඩසටහන හරහා යි. ඔහුගේ මාධ්‍ය ජීවිතයේදී අවුරුදු දහඅටෙන් පහළොවක් ම සේවය කළේ ස්වර්ණවාහිනි ආයතනය සමඟයි.මුලින්ම entertainment presenter කෙනෙක් විදිහට ස්වර්ණවාහිනියේ හදරැදි පැය තුළින් ලහිරු මුණගැසීමත් සමගම විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා එකතු වුණා. එදා මාධ්ය ක්ෂේත්රයේ  අත්පොත් තබන්නට මග කියා දුන් ස්වර්ණවාහිනී ආයතනය පිළිබඳව ඔහු සඳහන් කළේ මෙවැනි අදහසක්.

අදටත් මට ස්වර්ණවාහිනිය එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වර්ණවාහිනීයත් මට ආදරෙයි. මමත් ස්වර්ණවාහිනියට ආදරෙයි. ලහිරු මුදලිගේ කියන brand එක හැදුවේ ස්වර්ණවාහිනිය තමයි. ඒ නිසා ටෙලිවිෂන් එකේ වැඩ කරන්නේ කොහොමද කියන අත්දැකීම් මට තියෙනවා. අනෙක් එක මම හිටියේ manager promotion විදිහට නිසා බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන විදිය ගැන දැනුමකුත් මට තියනවා.ඒ ආකාරයෙන් අදහස් දක්වන ලහිරු මෙව් වන විට  සේවකයන් 30 කගේ පමණ නායකත්වය දරමින් ඔහුටම කියලා යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් මාධ්ය ක්ෂේත්රයේ  කලාකරුවන්ගේ විවර නොකරන සංවේදී ජීවිතය පිළිබඳව කතා කරන්නට ලහිරු ඔවුන්ට තමන්ගෙ වැඩසටහන හරහා අවස්ථාවක් ලබා දුන්නා.

ලංකාවේ යූටියුබ් වල වැඩසටහනක් කරලා කෙනෙක්ට ස්ථාවර වෙන්න පුළුවන්ද කියලා අහපු අවස්ථාවක ලහිරු සඳහන් කළේ මෙහෙම දෙයක්.පුළුවන් උදාහරණය මම මේක හොඳ රස්සාවක්. තවත් පිරිසකට රස්සාවල් දෙන්න පුළුවන් තැනට මම අද පත්වෙලා තියෙනවා. මගේ ආයතනයේ තිහක් පමණ සේවය කරනවා හැබැයි මේ හැම එකක්ම කරන්න තමන් නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්න ඕනේ.

ලහිරු තමන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව ඒ ආකාරයෙන් තමයි අදහස් හුවමාරු කර ගත්තේ. ඔහු විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් මත. අවුරුදු ගණනක් පෙම්වතුන් විදියට කාලය ගතකරන ලහිරු සහ පෙම්වතිය පසුකාලීනව විවාහ වෙලා ඔවුන්ගේම නිවසක පදිංචියට යනවා. ඇය වෘත්තියෙන් software engineer කෙනෙක්.

දෙන්නම විවිධ වෘත්තීන් තුළ නිරත වෙලා ඉන්න නිසා හරිම කාර්යබහුලයි. ඒ විතරක් නෙමෙයි දැන් ලහිරු සහ ඇගේ බිරිඳ උතුම් මවුපිය පදවිය ලබලා තියෙනවා ඒ කියන්නේ ආදරණීය දරු පැටියෙක් ඔවුන් දෙන්නටම සිටිනවා. මෙච්චර වැඩ කොටස හිර වෙලා ඉන්න ලහිරුට ගෙදර වැඩ වලට සහයෝගය දෙන්න කාලයක් තියෙනවද කියලා අහපු අවස්ථාවක ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්.

මම කරනවා. මොකද අපි දෙන්නා විවාහ වෙලා අපි පදිංචි වුණේ ම මේ ගෙදර. මම මේ ගෙදර හදලා තිබුනේ අලුතෙන්. අපි දෙන්න විතරයිනේ ගෙදර හිටියේ. සඳුනි ත් රස්සාවට යනවා. හවසට ගෙදර ඇවිල්ලා අපි දෙන්නම ගෙදර වැඩ කරගන්නවා අපේ ගෙදරට වැඩට කෙනෙක් ගත්තෙ බබා ලැබුණට පස්සේ. එතකං අපි දෙන්න පුළුවන් විදිහට වැඩ බෙදාගෙන කළා. වලං සෝදන එකත් මම කරනවා.ඒකෙ පොඩි ජොලියකුත් තියෙනවා. එහෙම නැතුව බැහැ අද කාලෙ ජීවිත ගෙනියන්න.

ලහිරු වැඩිදුරටත් සඳහන් කරන්නේ කාන්තාවක් උනහම ස්වාධීනව නැගී සිටින්න රැකියාවක් කරාට ප්‍රශ්නයක් නැහැ කියලයි. ලහිරුගේ ජීවිතය තුළ ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලා අහපු අවස්ථාවක ඔහු සඳහන් කළේ ලොකු ලොකු සැලසුම් ඔහුගේ ජීවිතය තුළ තිබුණෙ නැති උනත් වගකීමෙන් දෙන්න හොඳින් ජීවත්වීමට  අදහස් කරගෙන සිටිනවා කියලයි.

ආදරණීය බිරිඳ සහ දරුවා සමග ඉතාමත් සෙනෙහේබර ජීවිතයක් ගතකරන ලහිරු මුදලිගේ නැමැති මේ සොඳුරු නිවේදකයාගේ සියලුම වැඩ කටයුතු ඒ අයුරින්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.