Gossip Lanka

සත්පුරුෂ තාත්තේ සුභගමන් මෙලොව හැර ගිය පියා වෙනුවෙන් ලහිරු තැබූ සංවේදී සටහන

ගායනා ලෝකය තුළ කොයි කාගේත්   ආදරය දිනාගත්තු ඒ වගේම අමුතුම ගායන රටාවකින් ප්‍රේක්ෂකයන් පිනවන දක්ෂ සංගීතඥයෙක් තමයි ලහිරු පෙරේරා කියලා කියන්නේ. හතු පිපෙනවා වගේ කාලෙන් කාලෙට විවිධ ගීත ඔස්සේ ශේත්‍රයට පැමිණෙන ස්ථාවරත්වයක් නැති ගායන ශිල්පීන් අතර ලහිරු පෙරේරා කියලා කියන්නේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගමන් කරපු ආදරණීය චරිතයක්.

බොහෝ අවස්ථාවන්වල  දී රියැලිටි වැඩසටහන් විනිසුර වරයෙක් වශයෙන් කටයුතු කරන ලහිරු ඔන්න දැන් ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි වැඩසටහනක් වන  the  voice වැඩසටහනත් එක්ක අපිට දැක බලාගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

“රම්බරි ” ගීතය හරහා බොහෝ දෙනෙක් අතර ඔහු ජනප්‍රිය වුණේ  ලා සිඤ්ඤෝරේ යන  අනුවර්ත නාමයත් සමඟයි. ඔහුටම ගැලපෙන ඇඳුමක්  ඇඳ ගෙන ප්‍රසංග වේදිකාව තුළ ලහිරු ගීත ගායනා කිරීම විශේෂත්වයක්. ජාත්‍යන්තරය ජය ගැනීම උදෙසා විවිධ ගීත ගායනා කරපු ඔහු සමහර අවස්ථාවන්වලදී ඒ ගීතවලින් විවිද ගැටලු කාරී  තත්වයන් වලටත් මුහුණ දීලා තියෙනවා.

මේ වෙද්දි විවාහ වෙලා ආදරණීය පියෙකු ගේ භූමිකාව තුළ ජීවත් වෙන ලහිරු පෙරේරා පසුගිය දිනක හරි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ ඔහුගේ ආදරණීය තාත්තා මේ ලෝකෙන් සමු ගැනීම නිසයි. හිතාගන්නවත් බැරි තරම් දුකක් ලහිරුගේ හිත තුල මේ අවස්ථාවේ තියෙනවා. ඒ දුක ඔහු තමන්ගේ මුහුණු පොත හරහා අකුරු බවට පත් කරන්නේ පහත ආකාරය සංවේදී සටහනක් එකතු කරමින්.

“සත්පුරුෂ තාත්තා ,

පුතේ ඔයා සීයට අනූ පහක් හොඳයි ඔයාට හදා ගන්න තියෙන්නෙ සීයට පහයි.  මෙහෙම කියලා තමයි මම වැරැද්දක් කරපු හැම වෙලාවකම මගේ තාත්තා මට දඬුවම් කළේ.  දැන් මගේ ජීවිතයේ පරම අධිෂ්ඨානය grammy award එකක් ගන්න එකවත් ලෝක ප්‍රකට ගායකයෙක් වෙලා ධනවත් බලවත් පුද්ගලයෙක් වෙන එක වත් නෙවෙයි. තාත්තා වගේ  සත්පුරුෂයෙක් වෙලා නිදහසේ ජීවිතයෙන් සමුගන්න හිත හදාගන්න එකයි. ඔයා අපිට කියලා දුන්න නිවනට යන මගයි තාත්තේ ඒ කියලා දුන් දෙයට බොහොම පින් සුභ ගමන් තාත්තේ.

මේ විදිහට තමයි ඔහු තමාගේ මුහුණ පොතේ ජීවිතෙන් සමු ගත් ආදරණීය තාත්තා වෙනුවෙන් සංවේදී උනේ. ඉතින් මේ සොඳුරු කලාකරුවා ගේ ආදරණීය පියාට හොඳම තැනක ඉපදී  ජීවත් වන්නට වාසනාව ලැබේවා කියා අපේ අපේ ප්‍රාර්ථනා කරන්නෙමු. ආදරණීය තාත්තේ ඔබට නිවන් සුව ලැබේවා.