Gossip Lanka

අපේ කුරුලු කූඩුවට චතුරිකාගේ ඇස්වහ වැදුනා ගයාන්ගේ කලින් බිරිඳ කියන සංවේදී කතාව

ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංග විලාසයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සතු ඒ අපූරු රංගන කුසලතාවය නිසාම විවිධ අවස්ථාවන් වල දී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වු නළුවෙක් වෙන්නට ගයාන්ට අවස්ථාව උදාවුණා.

පුංචි තිරයේ පමණක් නෙවෙයි සිනමාව තුළත් ගයාන් කියලා  කියන්නේ විවිධ ආකාරයෙන් දක්ෂතා සපිරි රංගනයන් පෙන්නපු නළුවෙක්. ගයාන් පළමු වරට විවාහ වෙන්නේ ෆර්ෂිනා ලතීෆ් නැමැති තරුණියත් සමඟයි. නමුත් ටික කාලයක් යන විට ඔවුන් තුළ  ඇති වෙන්නා වූ මතභේදාත්මක ගැටලු නිසා මේ විවාහයෙන් වෙන් වෙන්න ඔවුන් තීරණය කරනවා.

ඊට පස්සේ ගයාන් වික්‍රමතිලක විවාහ වෙන්න තෝරා ගන්නේ ක්ෂේත්‍රයේම දක්ෂ රංගන ශිල්පිනියක් වන චතුරිකා පීරිස්වයි. චතුරිකා පිරිස්  කියලා කියන්නෙත් මේ ආකාරයෙන් විවාහ ජීවිතය පිළිබඳව යම්කිසි අභියෝගාත්මක ප්‍රශ්න රැසකට මුහුණ දීපු කෙනෙක්. ඇය කලින් විවාහ ගිවිස ගෙන සිටියේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමගයි. නමුත් ඔවුන් දෙදෙනා මේ විවාහයෙන් නීතියෙන් වෙන් වෙන්න තීරණය කරනවා.

ඊට පස්සේ තමයි චතුරිකා සහ ගයාන් යන දෙදෙනා දෙවැනි වතාවට විවාහ වෙන්න තීරණය කරන්නේ. මේ වෙද්දි ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරන ගයාන් සහ චතුරිකා ආදරණීය දියණියකගේ සෙනෙහේ බර මවුපියන් බවට පත්වෙනවා.

කෙසේ නමුත් කලින් කසාදේ දීත් ගයාන් වික්‍රමතිලකට දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඒ ජීවිතය පිළිබඳව  කලකිරීමට පත් වෙලා සිටින ෆර්ෂිනා  ලතීප් නැමැති  ගයාන් වික්‍රමතිලකගේ  කලින් බිරිඳ එහෙමත් නැත්නම් පළමු බිරිඳ ඔවුන් ගත කළ අතීත ජීවිතය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ දී සඳහන් කළා. ඇය කීවේ මේ වගේ කතාවක්.

ගයාන් මාත් එක්ක විවාහ වෙද්දි මට අවුරුදු විස්සක් විතර ඇති. අපි දෙන්නා හම්බවෙන්නේ සිරස ටීවී එකේ විකාශය කරපු තරු මංසල කියන program එක හරහා. මාව විවාහ කරගන්න ගයාන් කැමති වුණා. ඇත්තටම අපි ඉතාම හොඳින් පවුල් ජීවිතය ගත කළා. ගයාන් මට පුදුමාකාර ආදරයකින් හිටියේ දරුවෝ දෙන්නටත් එහෙමයි. ඒත් ටික කාලයක් යද්දි මට ගයාන්ගේ පොඩි පොඩි වෙනස්කම් දැනෙන්න ගත්තා. එයා මාවයි දරුවන්වයි මගඅරිනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. පස්සේ මට ආරංචි වුණා ගයාන්  චතුරිකා පීරිස් සමග සම්බන්ධයක් පවත්වනවා කියලා. ඒ වෙද්දිත් චතුරිකා රොෂාන්ව මැරි කරලා හිටියේ. කුරුලු ජෝඩුවක් වගේ ආදරේන් හිටපු අපි  දෙන්නගේ ආදරේට චතුරිකාගේ ඇස් වහ වැදුනා. චතුරිකයි ගයානුයි එක්තරා  ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා එතකොට තමයි මේ සම්බන්ධය පටන් අරන් තියෙන්නේ.

ගයාන් වික්‍රමතිලකගේ කලින් බිරිඳ ඒ ආකාරයෙන් තමයි ඔවුන් ගත කළ ජීවිතය පිළිබඳව මතකය ආවර්ජනය කළේ. ඒ වගේම ඒ සිදුවීම නිසා කලකිරීමට පත් වුණු ඇයට ඒ දුක දරාගන්නට බැහැ කියලා සඳහන් කළා.  එනිසාම ඇය දරුවන් දෙදෙනා තමන්ගේ දෙමව්පියන් ලඟ තියලා විදෙස්ගත වෙන්න තීරණය කරනවා. ඒ වගේම ඇය පවසන්නේ මේ පවුලට දීපු දුක් ගින්දර අනිවාර්යෙන්ම ගයාන්ට කවදහරි දවසක විඳවන්න වෙයි කියලයි.කොහොමෙන් කොහොම හරි මේ වෙද්දි ගයාන් සහ චතුරිකා ආදරයෙන් සෙනෙහසින් ජීවත් වෙනවා. ඉතින් මේ සියලුම දෙනාගේ ප්‍රශ්න ගැටලු විසඳී සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.