Gossip Lanka

කට්ටිය අහනවා දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කිව්වේ නැත්තේ ඇයි කියලා මම වෙඩින් ගත්තෙ නෑ

රංගන ක්ෂේත්‍රය තුළ අද වෙද්දී බොහෝ දෙනෙක් ආදරය කරන නිහතමානී කලාකාරිනියක් එහෙමත් නැත්නම් නිහතමානී රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුසංඛා කියන්නේ. ඇය ආදරණීය මවක් වගේම රූප රාජිනි තරග  කිහිපයක්ම නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වෙච්ච කෙනෙක්.

මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ සෙනෙහෙබර මවක් වන ඇය නැවත වතාවක් පොඩි විරාමයකින් අනතුරුව කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඇය පළමු දරු ප්‍රසූතිය එහෙමත් නැත්නම් පුතා හම්බ වෙන්න ඉද්දි සම්පූර්ණයෙන්ම බොහෝ කාලයක් කලා කටයුතුවලින් ඈත්  වෙලා හිටියා.

නමුත් දුව ලැබුණට පස්සේ මහේෂි ආයෙමත් සැරයක් ඉතාමත් කෙටි කාලයකින් ඇය කරපු නිර්මාණත් එක්ක එකතු වුනා. පවුල් ජීවිතේ අංක එක කියලා හැම වෙලාවෙම හිතන ඇය ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනාට මොන දේ කළත් ප්‍රධාන තැන දෙන්න අමතක කරන්නේ නැහැ.

ඒ වගේම වර්තමානයේ නළු නිළියන් ගත්තහම බොහෝ දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙනවා ප්‍රසිද්ධ වෙන්න. ඒ විදිහටම පබ්ලිසිටි පස්සේ දුවන නළු නිළියන් අතරේ තමන්ගේ පවුලට මුල්තැන දීලා පෞද්ගලික දේවල් පෞද්ගලික කරුණු විදිහට රැකගෙන ඉන්න ඇය ටිකක් වෙනස් චරිතයක්. මහේෂි ගැන කතා කරද්දි විශේෂ විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඇයට දරුවන් දෙදෙනෙක් ලැබෙන්න හිටිය ද කියලවත්. ඇය ඒ තරම්ම පෞද්ගලික ජීවිතයේ දේවල් පෞද්ගලිකව තියා ගත්තු කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඇය සඳහන් කළේ මේ වගේ අදහසක්.

“ජීවිතයේ හැමදේම ප්‍රසිද්ධ කරන්න මම කැමැති නැහැ. මම රඟපෑමට සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න මම ආසයි. ඒ වගේම මම කරන කියන දේවල් මගේ ගෙදර අය විතරයි දන්නේ. මම වෙඩින් එකක් උනත් ගත්තෙ නෑ. විවාහය කියන්නේ දෙන්නෙක් අතර තියන අවබෝධය සහ විශ්වාසය ඒවා ප්‍රසිද්ධ කරන්න ඕනි දේවල් නෙවෙයි. ඒක කෙනෙකුගේ පෞද්ගලිකත්වය.

දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ප්‍රේක්ෂකයන්ට  කිව්වෙ නැත්තෙ කියලා සමහරු අහනවා. පුතා ලැබෙන්න ඉද්දි පැහැසරා නාට්‍යයේ මම රඟ පෑවා ඒ කාලේ ෆොටොෂූට් වලට හරියට මට කතා කළා. මම මාතෘත්වය විකුණාගෙන කන වැඩ වලට කැමති නැහැ. බඩඑලියේ දාගෙන ෆොටෝ ෂූට් කරලා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කියන්න මම කැමති නැහැ. මාතෘත්වය ඒ වගේ තැනකට වැටෙන්න ඕනේ පදවියක් නෙවෙයි. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් මගේ අම්මා කිව්වේ photoshoot තහනම් කියලා’

ඉතින් ඇය සෑම අවස්ථාවකදීම පෞද්ගලික ජීවිතේ කරුණු කාරණා හුවමාරු කරගන්න ආස වෙච්ච කෙනෙක් නෙවෙයි. නමුත් ජීවිතේ සුවිශේෂී ජයග්‍රහණයන් සහ සතුටු හිතෙන දේවල් ප්‍රේක්ෂකයන්ට කියන්නත් මහේෂි අමතක කළේ නැහැ. මේ විදිහට ආදරණීය සැමියා සමග ඇයට ඇගේ විවාහ ජීවිතය තවත් බොහෝ කාලයක් සතුටින් ම ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.