පෙම්වතියගේ චරිතය කරන්න නම් මම ගොඩක් ලැජ්ජයි.විදෙස්ගත වෙන්න අදහසක් නැහැ
චන්න පෙරේරා ගේ ආදරණීය දියණිය පිළිබඳව මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් කතා බහ කරනවා.චන්න සහ ගයත්‍රි කියන මේ ආදරණීය කලාකරුවන් දෙපළගේ වැඩිමහල් දියණිය තමයි මලීෂා.මලිෂ ගැන වැඩි වශයෙන් ගොඩක් දෙනා කතා බහ කරන්නේ පසුගිය දවසක ඇය ජීවිතයේ ජීවිතය අලුත් පියවරක් තබන්න තීරණය කරපු නිසා.
ඒ වගේම තමයි ඇය තමන්ගේ පෙම්වතා පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ දී හැමෝටම පෙන්නුවා.එදා පෙම්වතුන් ගේ දවසේ චන්න පෙරේරා ගේ අලුත් ම නිර්මාණය වන යූගාත්‍රා චිත්‍රපටයේ කාල එළිදැක්වීමේ එළිදැක්වීමේ අවස්ථාවට ඔහුත් සම්බන්ධ වෙලා හිටියා.
ඊට පස්සේ තමයි හැමෝම ඇයගේ පෙම්වතා විදිහට ඔහුව හඳුනා ගන්නේ.මේ වෙද්දි අධ්‍යාපන වැඩකටයුතුවලට වැඩකටයුතු වලට වැඩි ඉඩක් වෙන් කරලා ඉන්න ඇය අම්මගේ ව්‍යාපාර වැඩ කටයුතුවලටත් උදව් කරගෙන ඉදිරි අධ්‍යාපන වැඩකටයුතු ටිකත් කරගන්න ආසාවෙන් ඉන්නවා කියලා සඳහන් කළා.
ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මලීෂා අම්මයි තාත්තයි වගේ රගපාන්නේ නැද්ද කියන එක.ඉතින් ඒ ගැන අහපුහම ඇය කීවේ මේ වගේ කතාවක්.
“ෆීල්ඩ් එකට එන්න හිතලා නැහැ.මම ගොඩක් කැමති ව්‍යාපාර කටයුතු වලට අම්මි එක්ක දැන් වැඩ කරන්නේ.උදව් කරගෙන ඉන්නවා එයාට ඉස්සරහට තාත්තගේ නිර්මාණයකින් ඉදිරියට එන්න කැමතියි.පෙම්වතියගේ චරිතය කරන්න නම් මම ලැජ්ජයි ත්‍රීලර් වගේ එකකට තමයි කැමතියි. තාත්ති මම ගැන දන්න නිසා ගැලපෙන හොඳම චරිතයක් දෙයි”
ඒ විදිහට අදහස් දක්වන ඇය අවසානයේ සඳහන් කළේ ඉදිරියේදී අය විදෙස්ගත වෙන්න අදහසක් නැහැයිලු මාස්ටර් එක කරන්න අරමුණු කරගෙන ඉන්නවා කියලත් සදහන් කළා.ඉතින් ඒ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු