Siri Lankawa

Web Postal

මම ආස උනේ දුවෙක්ට.මට ජනිත් ව හම්බුනේ සීස කරලා සිහිය එද්දි එයා මං ගාව  නැහැ.

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමාවට ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට කියන්න බැරිතරම් සේවයක් ඉටු කරපු ප්‍රසිද්ධ ඒ වගේම ප්‍රවීණ කලාකරුවන් දෙපලක්.මේ වෙද්දි නම් ජීවිතයේ සැදෑ සමය ගත කරන මේ රංගන ශිල්පීන් දෙදෙනාම නිතර නිතර පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නම් නැහැ.

කෙසේ නමුත් විනෝදාත්මක වැඩසටහන් වලට සහබාගි වෙලා ජීවිත සුන්දර තැන් ගැන කතා කරන්නත් මානෙල් වානගුරු මහත්මිය අමතක කරන්නේ නැහැ.අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේ සුන්දර කලාකරුවන් දෙදෙනාගේ දරුවන් දෙදෙනා තමයි සංකේත් වික්‍රම සහ ජනිත් වික්‍රම කියන්නේ.

ඔවුන් දෙදෙනාත් අම්මගෙ  සහ තාත්තාගේ අඩි පාරේ යන ගමන් බොහෝ දෙනෙක් ආදරය දිනාගත්තු කලාකරුවන් දෙන්නෙක් වුණා.මේ වෙද්දි සංකේත් විවාහ වෙලා යුග ජීවිතයක් ගත කළත් ජනිත් තාමත් තනිකඩව තමයි ඉන්නේ.

එදා වගේම අදටත් තමන්ගේ ආදරණිය පුතාලා දෙන්නට පනවගේ ආදරේ කරන මානෙල් වානගුරු මහත්මිය  තමන් අම්මා කෙනෙක්  වුණු මොහොතේ හිතපු දේවල් සහ ඒ අත්දැකීම ගැන ආදරණීය විදියට සිහිපත් කළේ මේ විදියට.

“මම නම් ආස උනේ දුවෙක්ට.ඒත් මට පුතාලා දෙන්නෙක් හම්බවුණා මම දෙවියන්ට ස්තුති කරනවා මට මේ වගේ දරුවො දෙන්නෙක් දුන්නට. මට දැන් එයාලා දෙන්නා නැතුව ජීවත් වෙන්න බෑ ජනිත් හම්බ  වුනේ සීස කරලා.මට සිහිය එනකොට එයා මං ගාව හිටියේ නෑ පස්සේ doctor නර්ස්ට කීවා මට බබාව පෙන්නන්න කියලා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා කුළුදුලේම මව් මව් පදවිය ලබපු මේ සුන්දර කලාකාරිනිය ඒ අත්දැකීම ගැන හරිම ආදරණීය විදිහට  අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.ඉතින් තවත් බොහෝ කාලයක් මේ ආකාරයෙන්ම ආකාරයෙන්ම සතුටින් ම ඇයට ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *