Siri Lankawa

Web Postal

මගේ පෙම්වතා රූපයෙන් මගේ අප්පච්චි වගේ වෙන්න ඕනි.අශේන්  අප්පච්චි වගේමයි

මනීෂා චංචලා එහෙමත් නැත්නම් සිදූ සිදූ ටෙලි නාට්‍යයේ තෙරුණි කිව්වහම කොයි කවුරුත් මේ රංගන ශිල්පිනිය ගැන දන්නවා.රඟපාන්න කලින් ඇය දක්ෂ ගායිකාවක් ගායිකාවක් විදිහට තමයි මනීෂා ක්ෂේත්‍රයට ආවේ.හැබැයි අද වෙද්දි ගායිකාව යටපත්වෙලා රංගන ශිල්පිනිය ව ඉස්මතු වෙලා.

හැබැයි ඒ සංගීතය අතෑරලා නෑ කියලා සඳහන් කරනවා.සංගීතයට ගොඩක් ආදරය කරන නිසා මනීෂා රංගන වැඩකටයුතු ටිකක් පස්සට දාලා සංගීත විශාරද විභාගයත් විභාගය අවසන් කලාලු.ඉතින් පසුගිය කාලය සමාජ මාධ්‍ය පුරාවටම මනීෂා පිළිබඳව වැඩි වශයෙන් කතා කරේ කතා කළේ ඇයගේ ආදරණීය අලුත් පෙම්වතා හඳුන්වාදීමත් එක්කයි.

මනීෂා ගේ පෙම්වතත් කලා ලෝකය තුළ දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු නමින් අශේන් සිරිවර්ධන.කරාතේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අශේන් සහ මනීෂා  හම්බවෙන්නේ එක්තරා ටෙලි නිර්මාණයක රඟපෑම් කටයුතු කරන්න ගියපු අවස්ථාවකදී. ඒ වගේම තමයි අශේන් මනීෂා හොඳට තේරුම් ගත්තු ආදරණීය පුද්ගලයෙක් කියලත් ඇය සඳහන් කරනවා.ආදරවන්තියක් වෙන්න කලින් ඕනෑම ගෑනු  ළමයෙක්ගෙ හීනයක් තියෙනවා තමන්ගේ පෙම්වතා මේ වගේ වෙන්න ඕනි කියලා.ඉතින් ඒ විදිහට මනීෂා හිතින් හිතපු පෙම්වතා ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“යටි හිතේ තිබුණු මගේ බලාපොරොත්තුවක් තමයි පෙම්වතා රූපයෙන් මගේ අප්පච්චි වගේ උනානම් කියලා.අද ඒක ඇත්තක් වෙලා තියනවා.අශේන් මගේ අප්පච්චිගේ තරුණ කාලේ රූපය වගේමයි.එයා බොරු වට ආටෝප නැති පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්.සාමාන්‍ය මනුස්සයෙක් තමයි මම බලාපොරොත්තු වුනේ”

ඒ වගේම ඒ අවසානය සඳහන් කරා ඇය රූපය ගැන හිතුවේ නැහැ නැහැයිලු අශෙන් එක්ක යාළු වෙද්දි.රූපයට වඩා ඔහු තුළ ඉන්න මානුෂීය චරිතය පිළිබඳව තමයි ඇය හිතලා තියෙන්නේ.එනිසාම ඔහු තෙක් ඉතාමත් හොඳින් ජීවත් වෙන හැකියාව ලැබෙනවා කියන එක ගැන බයවෙන්න දෙයක් නැහැ කියලත් මනීෂා ආවසානයේ සඳහන් කළා. ඉතින් අපිත් ඇයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *