මට ඒ කාලේ ඉඳං ඕනි වුණේ අම්මා කෙනෙක් වෙන්න ඒක මගේ තිබ්බ එකම හීනේ. මාෂි සිරිවර්ධන
මාෂි සිරිවර්ධන කියන්නේ මේ දවස් වල චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන යුගාත්‍ර සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන සුන්දර රංගන ශිල්පිනියක්.ඇය විවාහ වෙන්න ක්ෂේත්‍රයේ තවත් අතිශයින් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙච්ච පුබුදු චතුරංග එක්ක.
මාෂි පුබුදු ත් එක්ක විවාහ වුණාට පස්සේ වෙනදටත් වෙනදාටත් වඩා ශ්‍රේෂ්ඨය තුළ ජනප්‍රිය වුණත් පුංචි කාලේ ඉඳන්ම තමයි ඇය වෙළෙඳ දැන්වීම් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙන්නේ. හැබැයි ක්ෂේත්‍රය තුළ අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් ඇය හඳුනාගන්නේ පුබුදු ත් එක්ක විවාහ වුණාට පස්සේ.
කොහොම නමුත් මේ වන විට චිත්‍රපටි හතරකට මාෂි සහභාගි වෙලා තියෙනවා. ඇය නම් කියන්නේ ආරාධනා ගොඩක් ආවත් තෝරා බේරා ගත්ත නිර්මාණවලට විතරයි ඇය රංගනයෙන් දායකත්වය දක්වන්නෙ. කොහොම නමුත් අද වන විට ඇය කලාකාරිනියක් නොවුනානම් නොවුණා නම් නානම් කවුරු වෙන්නද හීන දැක්කේ කියලා අහපු අවස්ථාවකදී කවුරුත් නොකියන කතාවක් ගැන මාෂි කිව්වෙ මේ විදියටයි.
“මං පොඩි කාලෙදි කියලා තියෙන්නෙ මට අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා.ඒක තමයි පුංචි සන්දියේ ඉඳලා මගේ තිබ්බ හීනේ.ගුරුවරු මගෙන් කවුරු වෙන්නද ආස කියලා අහපුවාම මම කිව්වේ අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියලා.මම අධ්‍යාපනය හැදෑරුවේ ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට ගිහින් ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙනගන්න.මම හිතුවේ මම ගෘහණියක් වුණත් හොඳට වුණත් හොඳට ඉගෙන ගන්නවා කියලා.ඒක තමයි මගේ අරමුණ වුණේ ඒ අරමුණ මම කොයි දේ අස්සෙත් ඉටුකර ගන්නවා”
ඉතින් ඒ විදිහට අදහස් දක්වපු ඇයට ඇය බලාපොරොත්තු වෙන අරමුණට ළඟා වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.