මම නිදහස් කලා සන්ධානයේ ලේකම් කලාකරුවන් වෙනුවෙන් මම උපරිම සමාජ සේවය කරනවා
මේ දවස් වල කියාදෙන්න ආදරය තරම් ටෙලි නාට්‍යයේ චිට්ටි ආච්චි කියන චරිතය හරහා තමයි මේ සුන්දර සුරූපී රංගන ශිල්පිනිය වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. ඇය පුංචි තිරයේ ආදරණීය ජේෂ්ඨතම රංගන ශිල්පීන් අතරින් කෙනෙක්.
නමින් මෙලනි අශෝකා විදියට හඳුන්වන ඇය දක්ෂ හඬ කැවීම් ශිල්පිනියක් ඒ වගේම තමයි තවත් අතකින් අධ්‍යක්ෂකවරියක් සහ පිටපත් රජ කවියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.ඇය වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහටත් කාලාන්තරයක් තිස්සේ එම වේදිකාව එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා.
කොහොම නමුත් ඇය වැඩි වශයෙන් රංගන කටයුතුත් එක්ක අපිට බලන්න අවස්ථාව ලැබෙන්න නැත්තේ වර්තමානයේ රංගන කටයුතු වලට නිසියාකාරයෙන් ප්‍රමිතියක් නැතිව ගෙවීම් සිද්ධ කරන්නේ නැති නිසා තෝරා බේරා ගත්ත රංගන කටයුතුවලට විතරක් ඇය රංගනයෙන් දායකත්වය දක්වන නිසයි.
රංගන ශිල්පිනියක ටත් එහා ගියපු ගියපු සමාජ සේවිකාවක් විදිහටත් මේ ජේෂ්ඨ කලාකාරිනිය ජනතාව අතර ප්‍රසිද්ධයි.ඇය තමන්ගේම සහෘද කලාකරුවන් වෙනුවෙන් විවිධ කලා සංගම් වල මූලික තනතුරු නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් සේවය කරන චරිතයක්.ඉතින් ඇය රංගන ශිල්පිනියකට අමතරව කරන ඒ සමාජ වැඩ කටයුතු ගැන කිව්වේ මේ වගේ දෙයක්
“මම හැමදාම කලා ලෝකයේ ඉන්නවා කවදාවත් නැති වෙන්නේ නැහැ.ටෙලිවිෂනය මම නැති වුණාට කලාකරුවන් අතර මම ජීවමානයි.කලා සංගම් වල මම 2002 වසරේ සිට විවිධ නිලතල ලබමින් කටයුතු කළා.කලාකරුවන් වෙනුවෙන් විශාල සේවයක් කරන්න මට පුළුවන් වුණා.ලැබුණු තනතුරුත් එක්ක ඒ සත්කාර මම ඉහළින් කලා. මම කඩුවෙල සංස්කෘතික බල මණ්ඩලයේ ලේකම්.නිදහස් කලා සන්ධානය ලේකම් ලෙසත් මම කලාකරුවන් සමග ඉන්නවා.රංගනයේදී වගේම සමාජ සේවය දී කලාකරුවන් වෙනුවෙන් මම කැපවෙලා වැඩ කටයුතු කරනවා.”
ඉතින් රංගනයත් එක්කම ඉන්න ඇයට තවත් ඉදිරියේදී මේ වගේම සමාජශීලි වැඩකටයුතු රැසක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේ මු