Siri Lankawa

Web Postal

සහෝදර නිළියෝ මේනකව අල්ල අල්ල කතාකරනවට මම කැමති නැහැ.එතකොට මම මූණටම එපා කියනවා

කලා ලෝකය තුළ එදා වගේම අදටත් ප්‍රසිද්ධ වෙලා ඉන්න ආදරණීය කලා තරු යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ.එදා මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා තමයි මේනක සහ නෙහාරා කියන ආදරණීය  මේ චරිත දෙක වැඩි වශයෙන් ප්‍රේක්ෂකයන්ට දැනෙන්න පටන් ගත්තේ.

මේ දෙන්නම ආදරවන්තයින් බවට පත්වෙන්නේ මේ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යය විකාශය වෙන අතරතුරේ දී.ඊට කලින් දෙදෙනාටම ප්‍රථම විවාහයක් තිබ්බා.හැබැයි දෙදෙනාගේ විවාහ ජීවිත දෙක ජීවිතයට නොගැළපෙන සම්බන්ධතා නිසා මේ දෙන්නම ඒ විවාහවලින් දික්කසාද වෙලා තමයි පෙම්වතුන් බවට පත් වුණේ.

ඊට පස්සේ මේනක සහ නෙහාරා ඔවුන්ටම කියලා අලුත් ජීවිතයක් ආරම්භ කළා.ටික කාලයක් දෙදෙනාම ඇමරිකාවට වෙලා කාලය ගත කරන්නත් අමතක කළේ නැහැ.ඊට පස්සේ ආයෙමත් සැරයක් ලංකාවට ඇවිල්ලා මේනක සහ නෙහාරා කලා කටයුතුත් එක්ක එකතු වුනා.

මෙවැනි ආදරණීය දියණියන් දෙදෙනකුගේ දෙමව්පියන්  වෙන්න වාසනාව ලබපු මේ ආදරණිය කලා තරු යුවළ අදටත් ගොඩාක් සතුටින් පවුල් ජීවිතය ගත කරනවා.ඒ වගේම තමයි නෙහාරා මේනකට ගොඩක් ආදරය කරනවා. ඒ ආදරේ නිසාම නෙහාන කැමති නැහැ ඒ ලොව මේනකත් එක්ක සහෝදර නිළියෝ අත් අල්ලගෙන අල්ලගෙන ඕනවට වඩා කතා කරනවට.එතැන එක්තරා අවස්ථාවකදී වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

“අපි සමහර ක්‍රියාවන් කරන්න කලින් හිතන්න ඕනි.මුළු රටම දන්නවා අපි දෙන්නා බැඳලා කියලා.එහෙම දැනගෙනත් කවුරුහරි too much එනවට මම කැමති නැහැ.සමහරක් වෙලාවට මම මූණටම කියනවා.මම මුලින්ම කියනවා මේනකට ඔයා ඉස්සෙල්ලම මේකට පියවරක් ගන්න කියලා.එහෙම නැති වුණොත් ඊළඟට මම ප්‍රතිචාර දක්වනවා.වෙන කොහේ වැඩිපුර අල්ලන්න කතා කරද්දි මම කියන කියනවා අල්ලන්න එපා කියලා”

ඉතින් ඇය ඒ තරම් මට මේනකට ආදරෙයි ඉතින් ඒ ආදරේ හැමදාමත් අහිමි නොවී ඇගේ ම වේවා කියා අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *