Gossip Lanka

මගේ තාත්තා 96 ඉඳලා මගේ ලග නැහැ හරක් ටිකක් එකතුවෙලා රට කෑවා

ශිහාන් මිහිරංග කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ රියැලිටි තරගයකින් ඇවිල්ලා ඒ ජනප්‍රියතාව තාමත් ඒ විදිහටම තියාගෙන ඉන්න ලංකාවේ එකම ගායකයා කිව්වොත් නිවැරදියි. sirasa superstar වැඩසටහනෙන් මගින් ඉවත් වන තරගකරුවෙක් වශයෙන් වේදිකාවෙන් බැස යන ඔහු අද වන විට sirasa superstar වැඩසටහන තුළ ඔහුව විනිශ්චය කෙරූ විනිසුරු මඩුල්ල සමග එකට ඉඳගෙන රියලිටි වැඩසටහන් විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කරනවා.

මේ අපූරු ජයග්‍රහණයන් සියල්ලම ශෙහාන්ට ලබාගැනීමට හැකියාවක් ලැබුණේ ඔහුගේ මානුෂීය ගතිගුණ නිසාමයි. ෂෙහාන් මිහිරංග කියලා කියන්නේ කොයි තරම් ඔහු ජනතාව අතර ප්‍රසිද්ධ වුණත් විශේෂයෙන් ගැහැනු ළමයි අතර ප්‍රසිද්ධ වුණත් ඒ ප්‍රසිද්ධ තාවය තුළ මේ මගේ ප්‍රේක්ෂකයන් කියන දේ පමණක් හිතපු දක්ෂ ගායකයෙක්.ඒ නිහතමානීත්වය නිසාම ෂෙහාන් විවාහ වෙන්නෙත් කාලයක් තිස්සේ ඔහු ආදරය කරපු ආදරණීය පෙම්වතිය සමඟයි. මේ වන විට ඔහු ආදරණීය පියෙක්.

ෂෙහාන්  මේ වන විට hiru star රියැලිටි වැඩසටහනේ ප්‍රවීණ විනිසුරුවරයෙක් වශයෙන් වැඩ කටයුතු සිදු කරනවා. මේ වැඩසටහන තුළින් ඔහු විනිසුරුවරයෙක් වශයෙන් වගේම සමාජයේ වගකිවයුතු පුද්ගලයෙක් වශයෙන් ද විවිධාකාරයේ වටිනා අවවාද උපදෙස් සමාජයට ලබාදෙන්න අමතක කරන්නේ නැහැ.ඉතින් ඒ වගේ සිදුවීමක් පසුගිය දිනක හිරු ස්ටාර් වේදිකාව තුළ දී දැකගන්නට ලැබුණා. ඒ අවුරුදු දාහතරක දියණියක් මවු ගුණ ගීතයක් ගායනා කරන අතරතුර ඇය ගීතය අවසානයේ සංවේදී  වීමත් සමගයි. මේ ළාබාල තරගකාරිය ගේ  පියා ඩුබායි රාජ්‍යයේ තමා රැකියාව කරන්නේ  ජීවිතයේ වටිනාම දවසක තමන්ගේ ජයග්‍රහණය සතුට විඳගන්න ඇගේ පියා නැති දුක ඇයට ඒ වෙලාවෙ තදින්ම දැනුණා.

ඉතින් ඒ අවස්ථාව හොඳින්ම දැක්ක ෂෙහාන් රටේ වගකිව යුතු පුද්ගලයන් සියලුම දෙනාට දැනෙන්න සැර කතාවක් කියනවා. ඔහු මේ විදිහටයි ඒ කතාව ආරම්භ කරන්නේ.

මගේ තාත්තත් අනූ හයේ ඉඳන් මේ රටේ ඉදලා නැහැ.මොකද රටක් ඇතුලෙ පුතාට දුවට කන්න දෙන්න බැරි නිසා. එතකොට අපි කියන මේ දියුණු රටවල තාත්තලා අම්මලා ඉන්නවද දරුවෝ අතෑරලා වෙන රටවල. අපේ තාත්තලා  රට යනවා කියන එක අපිට ලොකු එකක් වෙලා තියෙන්නේ. මගේ තාත්තා රට ඉන්නේ. මගේ අම්මා රට ඉන්නේ ඒක ලොකු දෙයක් ඉස්කෝලේ ගිහින් කියන්න පුළුවන්. ඒ එවන පාට පැන්සල් ඒ එවනපොත් පෙන්නන්න පුළුවන්. රටේ ඉන්න හැම තාත්තට ම බැහැනේ සතිපතා හරි ගිහිල්ලා පුතාව බලලා එන්න. මටත් බෑ. එහෙම පුළුවන් කිහිපදෙනෙක්ට පුළුවන් ෆයිට් එකක් අරගෙන ගිහින් ඒගොල්ලන්ව බලලා එන්න. එක දෙයක් ඉල්ලන්න පුතේ තාත්තගෙන් ඔය හතර දෙනා වත් එහෙට ගන්න කියන්න.

සංවේදී වු ඔහු මේ ආකාරයෙන් තමයි වේදිකාව තුළ තමන්ගේ කටහඬ අවදි කළේ. ඔහු අවසාන වශයෙනුත් සඳහන් කළේ බලය ලැබුණු බොහෝ පාලකයන් ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරමින් වසර 70 ක පමණ කාලයක් මේ පින්බිම විනාශ කරා කියලයි.

ඉතින් මේ ආකාරයෙන් ශෙහාන් මිහිරන්ග හිරු ස්ටාර් වේදිකාවේ අදහස් දැක්වූ ආකාරය පිළිබඳව ගොඩක් දෙනෙක් කතාබහ කරා. ඉතින් එහි සත්‍ය අසත්‍යතාවය බුද්ධිමත් ඔබ විසින්ම හරියාකාරව තේරුම් ගැනීම තමයි වටිනාම දේ.