Siri Lankawa

Web Postal

මම කාටවත් මගේ සින්දු කියන්න එපා කියලා නැහැ.නදීරයි දුවයි කියපු ගීතයට මාත් ගොඩක් ආසයි 

පසුගිය කාල සීමාවේදී කතාබහට ලක්වෙච්ච ගායකයෙක් තමයි රජු රජිව් සෙබස්තියන් කියන්නේ.ඒකට හේතුව ඔහු ගායනා කරපු එරබදු මල් පිපිලා කියන ගීතය  නව පරපුරේ ගායකයෙක් වන නදිර නොනිස් සහ ඔහුගේ ආදරණිය දියණිය අවුරුදු වැඩසටහනක දී ගායනා කරපු සිදුවීම නිසයි.

ඒ ගීතය ගායනා කරලා අදාල මාධ්‍ය ආයතනය රජිව්ගේ කිසිම අනුදැනුමකින් තොරව  මේ ගීතය යූටියුබ් දැම්මා කියන චෝදනාව නිසා තමයි රජිව්ට විරුද්ධව මේ විදිහට කතා කරන්න පටන් ගත්තෙ. ඒ නිසාම නදීර සමාජ මාධ්‍ය හරහා කීප වතාවක්ම ඇවිල්ලා සඳහන් කරලා තිබ්බා මේ වීඩියෝ පටය යූටියුබ් නාළිකාවලින්  ඉවත් කරනවා කියන කාරණාව.

කොහොම නමුත් මේ සිද්ධිය දුරදිග ගියාට පස්සේ ගොඩක් දෙනෙක් රජිව්ට දෝෂාරෝපණය කරලා තිබ්බා අනුන්ගේ සින්දු කියලා ක්ෂේත්‍රයට ආපු ඔහු ඇයි මේ වගේ නවකයන්ට තහංචි දාන්නේ කියන දේ.එතන ඒ සම්බන්ධයෙන් රජිව් පුවත්පත් සාකච්ඡාවකට අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ මේ විදිහටයි.

“කිසිම කෙනකුට අද වෙනකම් මම මගේ ගීත ගායනා කරන්න එපා කියලා කියලා නැහැ.මම ආසයි මගේ ගේත් අනිත් අය කියනවට එරබදු මල් පිපිලා ගීතය ගත්තත් මගේ නෙළුගේ හඬට වඩා වෙනත් රසයක් ඒ ගීතයේ තිබ්බා. මාත් පෞද්ගලිකව දුවයි නදිරයි ගයපු ගීතයට බොහෝ ප්‍රිය කළා. එ පුංචි දරුවාගේ හඬත් එක්ක හිතුවට වඩා මේ ගීතය ප්‍රේක්ෂකයෝ අතරට ගියා.හැබැයි ඒ ටීවී ආයතනය මගින් මේක කරන්න කලින් ඇහුවේ නෑ ඇහුව නම් මේ ගැටලුව මේ තරම් දුර දිග යන්නේ නැහැ.මට තිබුණේ ඒ චැනල් එක ඒක යුටියුබ්  දාලා  තිබ්බ ගැටලුව විතරයි.”

ඉතින් රජිව් හැමෝම කතා කරන මේ ප්‍රසිද්ධ සිදුවීම සම්බන්ධයෙන් ඔන්න ඔය විදියට තමයි අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *