Siri Lankawa

Web Postal

මම බැන්දේ අවුරුදු 23 දී.කට්ටිය ඇහුවා ඔයාගේ හොඳම කාලේ ඇයි ඔයා විවාහ වෙන්නේ කියලා.

නදිනි ප්‍රේමදාස  කියන්නේ රියැලිටි තරඟාවලියක් හරහා ගායිකාවක් වෙච්ච දක්ෂතාවය තුලින් තව තවත් ඉදිරියට ආපු කලාකාරිනියක්.රියලටි කලාවෙන් බිහිවන බොහෝ කලාකරුවන් ඒ තරඟය අවසන් වුණාට පස්සේ ඔවුන්ගේ කලා ගමන නතර කරනවා.හැබැයි නදිනි  කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි.තරගය අවසන් වුණාට පස්සේ  වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් ඇය සංගීතයට යොමු වුණා.

ඒ නිසාම වෙන්න ඇති රූපවාහිනී වැඩසටහන් වල සංගීත ප්‍රසංග වල අවුරුදු පහළොවක් තිස්සේ එක දිගට වැඩ එක්ක වැඩ කරන්න ඇයට හැකියාව ලැබිලා තියෙන්නෙ.නදන විවාහ වෙන්න වෙන්නෙ ඉතාමත් ලාබාල අවධියේ දි.ඒ වගේම ඇය මේ වෙද්දි විවාහ වෙලා අවුරුදු  12 කුත් වෙනවා.ඒ විතරක් නෙමේ ආදරණීය මවක් සහ හොඳ බිරිඳක් විදිහට එදා ජනප්‍රියම කාලයේ විවාහ වෙන්න ගත්තු තීරණය ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම ජනප්‍රියම කාලේ තමයි ඇත්තටම විවාහ වුණේ මේ අප්‍රේල් මාසෙට අවුරුදු 12 ක් වෙනවා විවාහ වෙලා.මම විවාහ වුණේ අවුරුදු 23 දී මදුර කියන්නෙ ගොඩක් හොඳ සැමියෙක්.මාව හොඳින්ම තේරුම් ගත්තු කෙනෙක් ඒ නිසා මට කොයිම වෙලාවකවත් හිතෙන්නෙ නෑ  මගේ හොඳම කාලේ විවාහ ජීවිතය නිසා මග හැරුණා කියලා. විවාහය පස්සට දැම්මා නම් සමහරවිට  මට මදුරව මග ඇරෙන්න තිබ්බා.මම විවාහ වෙනකොට ගොඩක් දෙනෙක් එව්ව ඇයි මේ වෙලාවේ විවාහ වෙන්නේ ඔයාගේ හොඳම කාලේ ජනප්‍රියම කාලේ කියලා.නමුත් මම ඒ හැමෝටමත් කිව්වේ මට විවාහ වෙන්න හරිම කෙනා ලැබුණා ඒ නිසා මම විවාහය කල් දාන්න ඕනි නැහැ කියලා.”

ඉතින් ඇයගේ ජීවිතය ජනප්‍රියම කාලයේදී විවාහ වෙන්න ගත්තු තීරණය ගැන අදටත් මදිනෙ පොඩ්ඩක්වත් පසුතැවිලි වෙන්නේ නැහැලු.මොකද ඒ හැමදේටම උදව්වක් වෙන ඒ වගේම සංගීතය වෙනුවෙන් ඇයව තව තවත් දිරිමත් කරන සැමියෙක් ඇයට හමු වුණු නිසා කියලා ඇය සඳහන් කළා.එකෙන් තවත් බොහෝ කාලයක් සතුටින් ම පවුල් ජීවිත ගත කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නේමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *