Gossip Lanka

ඇයි මෙච්චර කෙට්ටු මොනවා හරි පාවිච්චි කරනවද කියලා ගොඩක් දෙනෙක් මගෙන් අහනවා – නදිනි ප්‍රේමදාස

සංගීත ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ ජනප්‍රිය ජනප්‍රියම ගායිකාවක් තමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ. සිරස සුපර්ස්ටාර් වැඩසටහන හරහා බොහෝ දෙනෙක්ගේ ජනතා ආකර්ෂණය දිනාගත් ඇය ගොඩක් වෙලාවට ගායනා කළේ බටහිර පන්නයේ ගීත. ඒ නිසාම ඒ ගීත වලට ඇලුම් කරන විශේෂ රසික පිරිසක් ඇය වටා එදා වගේම අදටත් ඉන්නවා.

නදිනි ප්‍රේමදාස මේ රියැලිටි තරගයෙන් පසුව ඉතාමත් අඩු වයසකදී විවාහයට එළඹෙනවා. ඇය විවාහ වෙන්නේ මධුර අබේසිංහ නමැති තැනැත්තෙක් සමඟයි. ඔහු ව්‍යාපාරයක් මෙහෙයවන ව්‍යාපාරිකයෙක්. මේ වන විට නදිනි ආදරණීය දරුවන් දෙදෙනකුගේ සෙනෙහෙබර මවක්.

ඔහුගේ ආදරණීය පුතා ආර්යයන්ට දැන් අවුරුදු තුනහමාරක් විතර වෙනවා. ඔහු මේ වෙද්දී පෙර පාසල් අධ්‍යාපනය ලබනවා. ඊ ළඟට ඉන්නේ ඇයට ආදරණීය දුවක්. ඇය නමින් ආර්යානා මේ සිඟිති දියණියට දැන් මාස හයයි. ඉතින් දරුවන් දෙදෙනා සහ සැමියා සමග ඉතාමත් සෙනෙහෙ බර දිවියක් ගත කරන නදිනි විටෙක අපිට නිවේදිකාවක් වශයෙන් දැක බලා ගන්නටත් අවස්ථාව උදා වුණා.

ඊට අමතරව රණවිරු රියල් ස්ටාර් තරගයේ විනිසුරුවරියක් වශයෙන් ද ඇය කටයුතු කරා. නදිනි ට හිමි ලස්සන රූපකායක් තියෙනවා. ඉතින් මේ ශරීරය මේ විදියට තියාගන්න ඇය නොයෙකුත් කැපකිරීම් කළා. පළවෙනි දරුවා හම්බෙන්න ඉද්දි නදිනිගේ බර  කිලෝ ග්‍රෑම් 90 ක් විතර වෙනවා.

ඇගේ වෛද්‍යවරයා කියලා තියෙනවා නදිනි ඔයා කොහොමද මේ ශරීරය බස්සගන්නේ කියලා. ඊට පස්සේ ඇය වෛද්‍යවරයාට අභියෝග කරනවා කොහොම හරි මම දරුවා හම්බ උනහම පරණ පුරුදු ශරීරයම හදා ගන්නවා කියලා. කිව්වත් වගේම දරුවා හම්බෙලා මාස තුනක් විතර ගත්ත වෙද්දි ඇයට හැකියාවක් ලැබෙනවා සාර්ථක ආකාරයෙන් තමන්ගෙ ඇඟ පාලනය කරගන්න.

ඊට පස්සේ මාස හයක් විතර ගත උනහම නදිනි ට හැකියාව ලැබෙනවා පරණ විදිහටම  ඇග හැඩ කරගන්න. ඒ සඳහා විශාල කැපකිරීමක් කළා කියලත් ඇය සඳහන් කළා. ශරීර සුවතාවය සඳහා අවශ්‍ය කරන උපදෙස් මාලාවක් ලබා දීමට ඇයට වෙනම ඒ පිළිබඳ විශේෂඥ  පුද්ගලයෙක් උදව් වුණා කියලත් ආරංචියි. කොහොමෙන් කොහොම හරි මේ විදිහට කෙට්ටුවට ලස්සනට ඉන්න නදිනි පිළිබඳව බොහෝ දෙනෙක් විවිධ කතාවන් කියන්න පටන් ගත්තා. වෙලාවකට ඒ අතරින් ගොඩක් දෙනෙක් මොනවා හරි ඔයා පාවිච්චි කරනවද කියලා අහපු අවස්ථාත් තිබ්බලු. ඒ විවිධ සමාජ චෝදනා පිළිබඳව නදිනි අදහස් දැක්වුයෙ මේ ආකාරයෙන්.

කෙනෙක් මහත් වුණොත් කියනවා මහත වැඩියි කියලා. කෙට්ටු වුනොත් කියනවා කෙට්ටු වැඩියි කියලා. මධ්‍යස්ථ ගානට හිටියොත් කියනවා එහෙමත් හරි නැහැ කියලා. ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ.

මේ ආකාරයෙන් අදහස් දක්වන ඇය කිව්වේ ලස්සනට ඇදලා කරලා ඉන්න කොයි කවුරුත් ආසයි ඒ වගේම කෙනෙක් ආහාර පාලනය සිද්ධ කරනවා නම් නිසි ව්‍යායාම ලබනවානම් අනිවාර්යෙන්ම නිරෝගි සම්පන්න ශරීරයක් ඔවුන්ට ළඟා කරගන්න  හැකියාව ලැබෙනවා කියලයි.

කෙට්ටු වැඩියි කියලා චෝදනා කරන ගොඩක් දෙනෙක් සැබෑ ජීවිතයේදී ඇත්තටම කෙට්ටුවට ලස්සනට ඉන්න ආසද කියලත් නදිනි වැඩිදුරටත් සඳහන් කළා. ලස්සනට ඇඳුමක් අඳින්න සමාජයක් ඉස්සරහට ලස්සනට යන්න ඇය හැමදාමත් තමන්ගේ ශරීරය ගැන ඉදිරියටත් හිතනවලු.

ඉතින් මියුරු කටහඬකින් තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයන් පිනවු මේ සුන්දර ගායිකාවගේ සියලු  වැඩකටයුතු ඒ අයුරින් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.