මම ශ්‍රීපාලි මණ්ඩප විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස වසර හතක් සේවය කළා.කොඩිගහ යට කළු කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි
මේ දවස් වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කොඩිගහ යට ටෙලි නිර්මාණය තුළ හරි අපූරු චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර පුද්ගලයෙක් පිළිබඳව සමාජයේ බොහෝ බොහෝ දෙනා කතා කරනවා.ඉතින් මේ සොඳුරු රංගන ශිල්පියා නමින් නලීන් ලුසේනා.නලින් ගැන කතා කරද්දී ඔහු වේදිකාව තුළින් පන්නරය ලබාගෙන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ කලාකරුවෙක්.
එවගේම මේ කොඩි ගහ යට ටෙලි නිර්මාණය සඳහා ඔහු ඒ චරිතය නිරූපණය කරන්න කලින් පෙර පුහුණුවීම් රැසක නිරත උනා කියලත් සදහන් කළා.එලෙසම වෙන්නැති අවසානයේ ඔහුට මේ චරිතය සාර්ථක කරගන්නට අවස්ථාව උදා වුණේ.
“කලුගේ චරිතයට පණ පෙවීමට මට ආරාධනා කළේ ජගත් මනුවර්ණ.මේ නාට්‍යයේ මට ඉටු කිරීමට තිබූ වගකීම අපිට මනා අවබෝධයක් පෙර සිටම තිබුනා.අපි කළුගේ චරිතය කිරීම සඳහා සඳහා පෙර පුහුණුවීම් පවා සිද්ධ කළා.කළු කියන්න කළු චරිත කුත් නෙවේ සුදු චරිත කුත් නෙවෙයි.”
ඉතින් ඔය විදිහට තමයි නලින් මේ සුවිශේෂි නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූවේ. ඒ වගේම මතක් කරන්න ඕනේ බොහෝ දෙනෙක් ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අහලා තිබුනා ඉතින් සති අග පුවත්පතක් එක්ක එකතුවෙලා නලීන් කලකට කලින් නිරත වූ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.
“මම ශ්‍රීපාලි මණ්ඩප විද්‍යාලයේ වසර හතක් බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා.ඉන් පසුව කැලණිය විශ්ව විද්‍යාලයේ වසරක් තාවකාලික කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කළා.මේ වන විට මගේ පෞද්ගලික නාට්‍ය වැඩමුළු කිහිපයක් පවත්වාගෙන යනවා”
ඉතින් නලින් ඔය විදිහට තමයි ඔහුගේ වැඩ කටයුතු සිදු කරගෙන යන්නේ. කෙසේ නමුත් කවදා හෝ දවසක සම්මාන උළෙලක දක්ෂතම රංගන ශිල්පියාට හිමි විය යුතු සම්මානය ඔහුට හිමි වේවා කියන බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන් රැසකගේ හිතේ තියෙනවා තියනවා එනිසා මේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.