Gossip Lanka

මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙක් විදිහට සේවය කරනවා ඒ අතර තමයි රංගනයට දායක වෙන්නේ

කලා ලෝකය තුළ වේදිකාවත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සිනමාවත් ජයගත්ත අපිට ඉන්න ප්‍රවීණ කලාකරුවන් අතර දක්ෂ රංගන ශිල්පියෙක් තමයි නලීන් ප්‍රදීප් උඩුවෙල.එතුමා අති දක්ෂ රංගන ශිල්පියෙක් වගේම සම්මානනීය රංගන ශිල්පියෙක් විදියටත් හඳුන්වන්න පුළුවන් කෙනෙක්. නලින් ප්‍රදීප් පිළිබඳව මේ දිනවල  ගොඩක් දෙනෙක් වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් අරන්. ඒකට මූලිකම හේතුව නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය අවසන් වීමත් සමගම  කෝලම් කුට්ටම ටෙලි  නාට්‍යයේ ප්‍රධාන චරිතයක් හරහා  ඔහු ව දැක බලාගන්න අපිට හැකියාව ලැබුන නිසයි.

නලින් ටික කාලයක් නිහඬ වෙලා කාලය ගත කරපු කෙනෙක්.ඒ වගේම තමයි ඔහු ක්‍රියාකාරී දේශපාලනයටත් සම්බන්ධ වෙලා ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරී දේවල් කරපු පුද්ගලයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහටත් ඔහු අවුරුදු පහක් වැඩ කරලා තියෙනවා. අදටත් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල ඔහු නිරතයි. ඉතින් කාලෙකට පස්සේ පුංචි තිරයට ආපු නලින් ප්‍රදීප් මහත්මයා ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

පහුගිය කාලේ රටේ පැවති වාතාවරණයත් එක්ක හැමෝටම වැඩ අඩු උනා.රංගන ශිල්පියෙක් විදියටත් මටත් ඒ පසුබෑමට ලක් වෙන්න සිද්ධ වුණා.එකෙන් පස්සෙ තවම වේදිකාව හරියට ප්‍රේක්ෂකාගාරය වෙත විවර වුණේ නෑ.ඒත් ඒ අතරතුර විකාශය වෙමින් තිබූ නාට්‍ය කීපයකට කිහිපයකට සම්බන්ධ වුණා. රේස්,මහවිරු පන්ඬු සහ ඉරට ලග මිනිස්සු විකාශය වුනා ඒ විදියට වැඩ නොකර හිටියෙත් නැහැ”

අද වෙද්දි ප්‍රමාණයන්ට වඩා නව පරපුරේ කලාකරුවන් තමයි බොහෝ නිර්මාණත් එක්ක එකතු වෙලා තියෙන්නේ.ඒ නිසා ඔහු කියනවා අද වෙද්දි සෑහෙන නළු නිළි පිරිසක් ඉන්න නිසා හොඳම චරිතය ඔහු බාර දෙන්න හැම වෙලාවෙම උත්සාහ දරනවා කියන දේ. නලින් ප්‍රදීප් මහත්මයා මේ වෙද්දි රංගන කටයුතු කරන්නේ තවත් වෘත්තියක නිරත වෙමින් ඔහුගේ ප්‍රධාන වෘත්තිය රංගනය නෙවෙයි. ඒ ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. ඒ අතර තමයි රංගනයට දායක වෙන්නේ හැමදාම විවේකය ලැබෙන්නෙත් නෑ විවේකය ඇති විදිහට හොඳයි කියලා හිතන වැඩකට රංගනයෙන් දායකත්වය දක්වනවා”

නලීන්ගේ ගෙදර ජීවිතය ගැන කතා කරද්දි  ඔහුට ඉන්නවා ආදරණිය පුතාලා දෙන්නෙක් ඒ වගේම බිරිඳත් එක්ක පුතාලත් එක්ක හරිම සතුටෙන් සැහැල්ලුවෙන්  ජීවිතය ගත කරනවා.ඔහු කියන්නේ මොන ගැටළු ආවත් මොන ප්‍රශ්න ආවත් හතරදෙනාට හතර දෙනා ඉන්න නිසා ඒ කාලය හරිම සුන්දරයි කියලයි.

ඉතින් ඉදිරියේදී විකාශය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය තුලිනුත් මතක හිටින චරිතයකින් ඔහු ප්‍රේක්ෂකයන් පිනවන්නා සූදානම් ඒ නිසා ඔහුගේ රංගන ජීවිතය ,වෘත්තීය ජීවිතය සහ සාමාන්‍ය ජීවිතය දිනෙන් දින සාර්ථක වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.