නතාෂාගේ කලින් එක්කෙනා හැන්ඩ්සම්.කම්ෆෙයා කළොත් මම ඒ තරම් ලස්සන නැහැ. ප්‍රිහාන් කියන අමුතු කතාව
නතාෂා පෙරේරා සහ ප්‍රිහාන් කියන්නේ සමාජ මාධ්‍ය පුරාවටම පසුගිය කාලයේදී කතාබහට ලක්වෙච්ච ආදරණීය යුවලක්.මේ සුන්දර කලාකරුවන් දෙදෙනා ම කලා කරුවන් දෙදෙනාම කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා ප්‍රේක්ෂකයෝ නිතරම ආසයි මේ ගොල්ලන්ගෙ ජීවිත තොරතුරු ගැන දැනගන්න.
හැබැයි පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රචාරය වුණේ ප්‍රිහාන්ගේ සහ නතාෂාගේ ජීවිතවල ඔවුන් වත් නොදන්න අසත්‍ය ප්‍රකාශ.ගොඩක් දෙනෙක් කියලා තිබ්බා නතාෂා සහ ප්‍රිහාන් මේ වෙද්දිත් විවාහයෙන් වෙන් වෙලා තනිකඩව ජීවත් වෙනවා කියන කතාව.
කෙසේ නමුත් පසුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට ආපු මේ දෙන්නම ඒ කතාව ගැන කිව්වා.ප්‍රිහාන් සහ නතාෂා කියන්නේ ඔවුන් දෙදෙනාම එදා ඉඳන් අද දක්වාම ගොඩක් සතුටින් ජීවිතය ගත කරනවා සහ වෙන්වීමක් ගැන හීනෙකින්වත් හිතලා නෑ කියලයි.
ඒ වගේම තමයි නතාෂා හැදී වැඩෙන අම්මයි තාත්තයි ගාව නෙවෙයි.තමන්ගේ ආත්තම්මා ගාව.ඒ නිසාම ප්‍රිහාන්ට ඇය ගැන හිතක් පහල වුනත් අත්තම්මාගෙන් කැමැත්ත අවසරය ගන්න එක තමයි ගොඩක් අපහසු වෙලා තියෙන්නෙ.ඒ දේවල් ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“නතාෂා එකපාරම කැමති වුණේ නැහැ.ආන්ටි පොඩ්ඩක් සැරයි.නතාෂා කැමතිනම් ප්‍රශ්නයක් නෑ කියලයි කිව්වේ.කොහොමහරි අන්තිමට කැමති වුණා.නතාෂාගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් හැන්සම්.කන්ෆෙයා කරලා බැලුවොත් මම එතරම් ඒ තරම් ලස්සන නැහැ.”
ඒ වගේම තමයි අවසානයේ නතාෂා සඳහන් කළේ ඇය කිසිම අවස්ථාවකදී සල්ලි බලාපොරොත්තුවෙන් කවදාවත් විවාහ වුණේ නෑ කියලා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය පුරාවට පැතිරෙන සමහර කතා දැක්කහම දරාගන්න බැරි සංවේදීතාවයක් එනවා කියලත් ඇය සඳහන් කළා. ඒ දේවල් එහෙම වුණත් ඉතින් මේ වන විටත් ගොඩාක් සතුටින් ජීවිතය ගත කරන මේ දෙදෙනාට අපිත් අවංකවම හදවතින් සුබ පැතුම් එක් කරන්නෙමු.