Siri Lankawa

Web Postal

වයස යනවා කියලා නම් කසාද බඳින්න ඕන කියලා මම මෝඩ තීරණ ගන්නෙ නැහැ එක බුද්ධිමත්ව ගන්න ඕනි තීරණයක්

නීල පබලු ටෙලි නිර්මාණය හරහා පූජා කියන චරිතයෙන් කාටත් අමතක නොවන රංගනයක් ප්‍රේක්ෂකයන්ට දායාද කරපු අතිශයින් දක්ෂ කලාකාරිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.පසුගිය කාල සීමාවේදී ඇයගේ රංගනයට සම්මානනීය වටිනාකමක් ලැබුනා ඒ 2022 රයිගම් සම්මාන උළෙලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය ලැබීමත් එක්කයි.

නයෝමි කියන්නේ නෙල්ලිකුලම කියන අතිශයින් දුෂ්කර ගම්මානයේ ඉදන් කොළඹට ඇවිල්ලා කලාව උගන්වන ආයතනයක් මගින් රඟපාන්න ඉගෙනගෙන ක්ෂේත්‍රයට ආපු කලාකාරිනියක්.අද වෙද්දි මොනතරම් ටෙලි නිර්මාණවල ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ අත් වේදිකාව නම් ඇය අතහැරලා නෑ.මොකද වේදිකාව නැතුව ඇයට ඉන්න බෑ කියලත් ඇය සඳහන් කරනවා.

ඒ වගේම තමයි නයෝමි රංගන ශිල්පිනියක් වුණාට ඇයගේ  මූලික ම බලාපොරොත්තුව තමයි ගුරුවරියක් වෙන එක.ඇයගේ උපාධිය සම්පූර්ණ කරලා ඉන්න නිසා අම්මගේ තාත්තගේ අවසාන කැමැත්ත එහෙමත් නැත්නම් හැමෝම කැමති වෙච්ච විදියට ඇය ගුරු වෘත්තියට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලත් සදහන් කළා.

ඒ වගේම තමයි දැන් ඉතින් කල වයසත් හරි නිසා හැමෝම අහන දෙයක් තමයි ඇය විවාහ වෙන්න අදහසක් නැද්ද කියන එක.ඒ සම්බන්ධයෙන් අහපුවාම ඒ තීරණය ගන්න විදිය ගැන නයෝමි කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“වයස යනවා කියලා  නම් කසාද බඳිනවා කියන මෝඩ තීරණ වලට මම එන්නෙ නැහැ.විවාහය කියන දේ බුද්ධිමත්ව ගන්න ඕනි තීරණයක්.හරිම කෙනා ලැබුනු දාට තමයි කසාදයට හොඳම කාලය කියලා මම හිතන්නේ මම කොහොමත් දුකින් ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි වැරදුණු තැන් තියනවා.හැබැයි මම ඒවා ගැන දුක් වෙවී ඉන්න කෙනෙක් නෙවෙයි මේ මොහොතේ ජීවිතේ  ගොඩක් සතුටින් ගෙවනවා”

ඔන්න ඔය විදිහට තමයි නයෝමි කලා කටයුතු සහ පෞද්ගලික ජීවිතය අලුත්ම තොරතුරු ගැන සති අග පුවත්පතක් එක්ක  එකතුවෙලා තොරතුරු හුවමාරු කරගෙන තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *