මම ආදරේ කරලා ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා මගේ වයසත් එක්ක ඒ අත්දැකීම් තියෙනවා
2022 රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය උලෙළේ හොඳම සහය නිළියට හිමි සම්මානය හිමි වුණේ නයෝමි තක්ෂිලා රංගන ශිල්පිනියට.ඇත්තටම ඇය අනුරාධපුර නෙල්ලිකුලම ගම්මානය ඉඳන් කොළඹට ආවෙ රංගනය ඉගෙන ගන්න. අද වෙද්දි ඒ තරම් කැප කිරීමක් කරලා ඇය ඉගෙන ගත්තු ඒ රංගනයට ඉහළම වටිනාකමක් ලැබිලා තියෙනවා.
ඒ වගේම තමයි ආධුනික කලාකාරිනියක් විදියට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් වේදිකාව තුළත් ඇය එකසේ කලා කටයුතුත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඇයට නිරන්තරයෙන්ම ලැබෙන්නේ ගැමි දුෂ්කර ගම්මානවල ජීවත්වන තරුණියකගෙ චරිත ඉතින් ඒ වගේ දුෂ්කර පළාතක ජීවත් වෙච්චි ඇයට ඒ දේවල් ලොකු අභියෝග වුණේ නෑ කියලත් නයෝමි සඳහන් කරනවා.
ඒ වගේම තමයි නයෝමි නීල පබලූ ටෙලි නිර්මාණය තුළිනුත් පූජා කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉහළින්ම ඉන්න චරිතයක්. ඉතින් මේ චරිතය තුළින් වූ ඇයට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගන්න.
රංගන ශිල්පිනියක් විදිහට ජීවිතයේ ඉදිරියට යන ඇය තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.ඉතින් ඇයට පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියලවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ.එනිසා ඇයගේ ආදරය ගැන අහපු අවස්ථාවකදී ඇය ආදරය ගැන කිව්වේ මේ කිව්වෙ මේ විදියටයි.
” ආදරය කියන එක හැමෝටම ඕනි.ඒත් විවාහය කියන්නේ ගොඩක් බැරෑරුම් දෙයක්.මම ආදරේ කරලා පසුතැවිලි වෙලා තියෙනවා.මගේ වයසත් එක්ක ඒ අත්දැකීම් විඳලා තියනවා.විවාහය කියන්නේ දෙපාරක් නෙවෙයි සිය දහස් වාරයක් හිතලා ගන්න ඕනි තීරණයක්.මං ඒ නිසා වැඩි කාලයක් ගන්නවා ඒකට.කාලය ගත්තට වරදක් නෑ කියලා තමයි මං හිතන්නේ”
ඉතින් අය හිතන විදියට වැඩි කාලයක් අරගෙන ජීවිතයේ හොඳම තීරණය ගන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු