Gossip Lanka

මේලිව හැමදාම නාවන්නේ මම ෂූටින් ගියත් එක වේලක් හරි මම මේලිට කවනවා

ටික කාලයක් දරු ප්‍රසූතිය නිසා කලා ලෝකයට සමුදීලා හිටපු නෙහාරා පීරිස් ඔන්න තමන්ගෙ ආදරණීය සැමියා වන  මේනක රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කරන ගුග්ලි ටෙලි නාට්‍ය හරහා නැවත වතාවක් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය කාලයක් විදේශගත වෙලා හිටිය නිසාත් දරු ප්‍රසූතියට මුහුණ දීපු නිසාත් කලාවට සමුදීලා තමයි හිටියෙ.

දැන් ඔන්න ආදරණීය සිඟිති දියණියත් ටිකක් ලොකු නිසා ඇය තීරණය කරනවා කලා කටයුතුත් එක්ක එකතු වෙන්න. දරු ප්‍රසූතියෙන් පස්සෙ නිතරම ඇය කැප වුණේ තමන්ගේ ආදරණීය දරුවව උස් මහත් කරන්න. ඒ වගේම ඇය තමන්ගේ ආදරණීය දියණිය මේලිගේ පිංතූර සමාජ මාධ්‍ය වලටත් මුදා හැරියා. ඉතින් මේ දේ  වැරදි විදිහට දැකපු ගොඩක් දෙනෙක් ඇයට දොස් කිව්වා. නමුත් ඒ සියලුම දේවල් මේ කණින් අහලා ඒ කනින් පිට කරන්න නෙහාරට හැකියාව තියෙනවා.

නෙහාරා පීරිස් කියලා කියන්නේ ඕනෑම නිර්මාණයක ප්‍රධාන චරිතය භාරගන්න කෙනෙක් ඒක ඇගේ ප්‍රතිපත්තිය. ඉතින් දිගටම ඒ විදිහට තමයි ඇය වැඩ කටයුතු කරන්න සූදානම් වෙලා තියෙන්නේ. පසුගිය කාල සීමාවේදී දරු ප්‍රසූතිය නිසා අධික ලෙස බර වැඩි වුණු ඇයට දැන් හැකියාව ලැබිලා තියෙනවා පුරුදු පරිදිම තමන්ගේ ශරීර බර පවත්වාගෙන යන්න. ඒ වගේම දවසට විනාඩි තිහක් හතලිහක් විතර ව්‍යායාම කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ.

කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙද්දි වයස අවුරුද්දක් සම්පූර්ණ කරන තමන්ගේ ආදරණීය දියණියගේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවක නෙහාරා දුන්නේ පහත ආකාරයේ පිළිතුරක්.

බබා බලාගන්න මට උදව්වට ඉන්නේ ශාමලී සහ අපේ අම්මයි තාත්තයි. ඒගොල්ලොත් එක්ක බබා හොදට එකතුයි. මම වැඩට ගියාම බබා ඒ අය එක්ක ඉන්නවා. ඒත් හැමදාම බබාව නාවන්නේ මම. දවසට එක වේලක් හරි බබාට කෑම කවන්න මම වෙලාව හොයාගන්නවා. Shooting යද්දි උදේ 6 ට විතර ගෙදරින් පිටත් උනහම රෑ 10 විතරට තමයි ගෙදර එන්නේ. ඒ කාලයේ වීඩියෝ කෝල් එහෙකින් හරි මාව දැක්කොත් එයා අඬනවා.

මේ විදියට අදහස් දක්වන නෙහාරා සඳහන් කරන්නේ ඉස්සර තිබ්බ සැහැල්ලුව දැන් ජීවිතය තුළ තිබ්බේ නැති වුණාට මේලිගේ ආදරණීය දගකාරකම් එක්ක ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන්න ඇයට වාසනාව තියෙනවා කියලයි. අනාගතයේ දී ඇයගේ අධ්‍යාපන කටයුතු ගැන හිතද්දි හිත ටිකක් බරක් දැනෙනවා කියලත් ඇය සඳහන් කළා.

ආදරණීය දියණියගේ වැඩකටයුතුත් එක්ක කාර්යබහුල වන නෙහාරට උදව්වට තමාගේ සැමියා වන මේනක සහ ඔහුගේ පවුලේ අයත් ඇගේ පවුලේ අයත් නිතරම උපකාර කරනවා. ඇය තමන්ගේ දියණිය වන  මේලි වෙනුවෙන් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනවා. කවදහරි දවසක ඇගේ කුඩා කාලය පිළිබඳව ලස්සන මතකයක් මේලිට ඉතුරු කරන්න පුළුවන් කියලත් නෙහාරා මේ අවස්ථාවේ දී සඳහන් කළා.

ඉතින් ආදරණීය දියණිය සහ දයාබර සැමියා එක්ක ඉතාමත් සුන්දර ජීවිතයක් ගත ගත කරන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.