Gossip Lanka

සුරූපී ආදරණීය දියණියකට උපත දුන් නෙහාරා පීරිස් දෙවැනි වතාවටත් මව් පදවියට සූදානමින් ද

කලා ලෝකය තුළ ඉන්න බොහෝ කලාකරුවන් පුංචි තිරය විවිධාකාරයේ ටෙලි නාට්‍ය නිසා එදා වගේම අදටත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ නොමැකෙන මතක සටහන් බවට පත්වෙලා පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට හැමදාමත් කොයිකාගෙත් ආදරේ දිනා ගෙන හදවතේ ජීවත්වන සුන්දර කලාකාරිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.

එදා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් මේ සුන්දර සුරූපිනිය දෙවැනි වතාවට විවාහ වුණේ ක්ෂේත්රයේ  අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි.

ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ම ඉන්න යුගයක තමයි මේ දෙන්නම එක වහලක් යටට වෙන්න තීරණය කළේ. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වෙච්ච නෙහාරට කලා ලෝකය වැඩ වලින් අඩුවක් සිද්ධ වුණේ නැහැ ඇය හැමදාමත් කාර්යබහුල වෙච්චි රංගන ශිල්පියෙක් බවට පත්වුණා.

ඒ නිසාම මද විවේකයක් ගන්න ඕනේ කියලා හිතපු ඇය සහ මේනක ටික කලකට කලින් විදෙස්ගත වුණා. නමුත් ඔවුන් දෙදෙනා නැවත වතාවක් ලංකාවට එනවා. ඒ ආවට පස්සෙ එදා තිබ්බ ආදරයම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු නිසා ඔවුන් තීරණය කරනවා මේ ආදරය දාලා දාලා කොහෙවත් යන්නෙ නෑ කියන දේ.

මේ විදිහට කාලයක් නැවත වතාවක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු ඇය පසුගිය කාලෙක පළමුවරට උතුම් මව් පදවිය ලබන්න වාසනාව ලැබුවා. ඒ ගර්භනී කාල සීමාවක් තුළදීය නිහාරා පෙනුමෙන් සහ ශරීර බරින් ගොඩක් වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් අවසානයේ ඇයට මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියක් ඉන්නවා. ඇය නමින් මේලි.

කලා කටයුතු සහ ආදරණීය සිඟිති තීරණයත් එක්ක කාර්යබහුල ජීවිතයක් ගත කරන නෙහාරා සහ මේනකගේ සෑම අවස්ථාවකදීම ඇයට මුල්තැන දෙන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට කාලය ගත කරන්න මේ සුන්දර කැදැල්ල දෙසින් නැවත වතාවක් සුබ ආරංචියක් ඇහෙන්න පටන්.

ඇත්තටම මේ ආරංචිය පිළිබඳව තාම නෙහාරවත්  මේනකවත් ඇත්ත මොකක්ද කියලා ප්‍රේක්ෂකයාට කියලා නැහැ. නමුත් පසුගිය දවසක ලෝක පියවරුන්ගේ දිනය සමරන අවස්ථාවකට නෙහාරා සහ මේනක එකතු වෙලා තිබුණා.  ඒ අවස්ථාවේදී නෙහාරා එකතු කරපු ඡායාරූප වල ඇය නැවත වතාවක් මව් පදවියට සැරසෙනවා නේද කියලා බොහෝ රසිකයන් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒකට මූලිකම හේතුව ඇගේ පෙනුම වෙනස් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති.

කෙසේ නමුත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්  කියා සිටින්නේ නැවත වතාවක් ඇය උතුම් මවු පදවියට සැරසෙනවා කියලයි. ඒ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී ඇය උතුම් මවු පදවිය ලබා ඇත්නම් හදවතින්ම ඒ සියලුම දේවල් සාර්ථක වේවා කියා අපිත් මේ පුංචි පවුලට සුභාශිංසනය කරන්නෙමු.