Gossip Lanka

මම මගේ ආගම සහ කලා ජීවිතය අතාරිනවා දරුවෝ පවා දෙවියන් වහන්සේට කැප කරනවා

නෙලු අධිකාරි කියලා කියන්නේ සංගීත ලෝකය තුළ අපූරු රටා මවමින් ලස්සන නිර්මාණයක් රැසක්ම දායාද කරපු දක්ෂ ගායිකාවක්. ඇය ක්ෂේත්‍රයේ දක්ෂ සංගීතවේදියෙක් වන අතුල අධිකාරිය ගේ සහෝදරියයි. ඉතින් පසුගිය දිනවල නෙලූ අධිකාරි මහත්මියව අපිට අලුත් නිර්මාණයකින් වැඩිපුර දකින්නට අවස්ථාව ලැබුණේ නැහැ.

ඒ ඇය අලුත්ම වැඩපිළිවෙළක් සමග එකතුවෙලා සිටින නිසයි. බුද්ධ දර්ශනය අනුගමනය කළ නෙලු අධිකාරි මහත්මිය වර්තමානය වන විට කතෝලික ආගමට යොමු වෙලා කියලා ගොඩක් දෙනෙක් සඳහන් කළා. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූවේ ඇය ආගම සහ කලා ජීවිතය ඒ වෙනුවෙන් අතාරින්න ලෑස්ති කියලයි.

කලා ලෝකය පිළිබඳව ඇය අදහස් දක්වද්දී සඳහන් කළේ  මේ ක්ෂේත්‍රය තුළ අනිවාර්යෙන්ම ඉදිරියට යන්න ඕනි දක්ෂතාවය කැපවීම උනන්දුව කියන දේ තියෙන පුද්ගලයන් නිසා රූපය ලස්සන වූ පුද්ගලයා නෙවෙයි කියලයි. රූපය ලස්සන උන කෙනෙක් කලා ලෝකය තුළින් ඉදිරියට යනවා නම් අනිවාරයෙන්ම  ඒ පැවැත්ම එතරම් දුරට පවතින නැහැ කියලත් ඇය සඳහන් කළා. 

නෙලූ අධිකාරි මහත්මිය කියලා කියන්නේ තමන්ට ගැලපෙන විලාසිතා කරන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. ඒ පිළිබඳව ඇය සඳහන් කළේ මේ වගේ අදහසක්. ඔව් මම විලාසිතා කරනවා. හැබැයි මම විලාසිතා ගැන ගොඩක් සැලකිලිමත් කෙනෙක් නෙවෙයි. මොකද මම හිතන්නේ මාව කවුරුහරි අනුගමනය කරනවා කියලා. මම කාගෙවත් කතාබහට ලක්වෙන විලාසිතා කරන්න කැමැති නැහැ. ඒ වගේම මම යම් කිසි නමක් දිනා ගත්තු කෙනෙක් අනික මම දරුවන්ගෙ දරුවන්ගෙ මවක්. ඒ සියල්ලම ඔළුවේ තියාගෙන තමා මම කරන විලාසිතාවන් කරන්නේ.

ඒ වගේ අදහසක් දැක්වූ එතුමිය සඳහන් කරන්නේ මේ වන විට නං ඇය විලාසිතා කරන්නේ නැහැ කියලයි. ඒකට මූලිකම හේතුව මේ සේරම අතහැරලා ඇය මේ වන විට දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා ඉන්න නිසා. ඒ වගේම දේව දාසයන් කලින්ම ඇයට අනාවැකි සඳහන් කළා ලු ඇය කතෝලික ආගමට එනවා කියලා. ඉතින් ඉදිරියේදී සියලුම දේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කිරීමට සූදානම් වන නෙලූ අධිකාරි මහත්මිය දරුවන් පවා දෙවියන් වෙනුවෙන් කැප කරන්නට දෙපාරක් හිතන්නෙ නැහැ කියලා කිව්වා. ඒ වගේම ඉදිරියේදී කලා ලෝකය තුළින් ඇය දකින්නට ලැබෙන්නේ නැහැ කියලත් සඳහන් කළා. ඒ වගේම ඉදිරියටයි ගීත ගායනා කරනවා නම් ගායනා කරන්නේ ඒ දෙවියන් මහිමයට පත් කරන්න පමණක් කියලත්

පසුගිය දවසක වික්ටර් රත්නායක මහතා අසනීප වූ අවස්ථාවේ දී ඔහුගේ රෝගී තත්ත්වය සනීප කරන්නටත් නෙලූ  අධිකාරි මහත්මිය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සමග වැඩ කටයුතු සිද්ධ කළා.

ඇය සඳහන් කරන ආකාරයට ඉදිරියේදී ඇය කලා ලෝකය තුළින් දකින්නට ලැබෙන එකක් නැහැ. නමුත් බාරගත්ත වැඩ කොටසක් තියෙන නිසා ඒවා අකුරක් නෑර ඉෂ්ට කරන්න ඇය කැප වෙලා ඉන්නවා. ඇය පාර්ථනා  කරන්න වූ සියලුම දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියා ඉතින් අපි මේ සොඳුරු ගායිකාවට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.