Siri Lankawa

Web Postal

තාමත් මං ආදරවන්තියක් නෙවෙයි ආදරේ කියන්නෙ මට තාමත් ගොඩක් ලොකු දෙයක් 

මේ දවස්වල පුංචි තිරයේ විකාශය වෙන ටෙලි නිර්මාණත් සිනමා නිර්මාණත් අතර නිරන්තරයෙන් ම පෙනී ඉන්න මූණක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.දෙවෙනි ඉනිමේ අනුහස්ගේ ආදරය හිමිකාරි වෙච්චි ඇය ප්‍රේක්ෂකයන් අතර නෙත්මි කියලා නමටත් වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ආක්ෂා කියන නමින්.

ඉතින් මේ සුන්දර ලස්සන රංගන ශිල්පිනියක් කලාවට එන්නේ හරි  අපූරු අවස්ථාවක් අරගෙන.ඇය පුංචි කාලේ ඉදංම නටන්න හරිම දක්ෂයි.එනිසාම නර්තන ශිල්පිනියක් විදිහට විවිධ රියැලිටි තරග තරගවලට නෙත්මි සහභාගි වෙලා තියෙනවා.ඉතිං කලාවට ආපු ඒ අහඹු අවස්ථාව ගැන ඇය කියූ මේ වගේ කිව්වේ මේ වගේ කතාවක්.

“2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමාරිය වීම තමයි මේ හැමදේකම මූලාරම්භය. මගේ කලාවට පිවිසීමේ දොරටුව තිබුණේ එතන.පෙනුම වගේම මගේ නර්තන හැකියාව දැකපු  අංජලී බුදවත්ත අක්කා තමයි රංගනය සඳහා මාව තෝරා ගත්තේ. “

ඒ විදිහට කලාවට ආපු  ඇය මේ ගත කරන්නේ  ජනප්‍රියත්වයේ ඉහළම ඉන්න කාලවකවානුව. ඉතින් 

  ඇය  තාම බඳින්නෙ නැද්ද ආදරවන්තයෙක් නැද්ද කියලා අහපුවාම කිව්වේ මේ වගේ කතාවක්.

“තාමත් මං ආදරවන්තියක් නෙමෙයි. ආදරය කියන්නේ තාමත් මට හරි සංකීර්ණ දෙයක්.කොයි වෙලාවක හරි එක ලැබෙයි මං කැමති කෙනා එනකම් මං බලන් ඉන්නවා.අපි කැමති කෙනා ලැබෙයි කියලා හිතන්න අමාරුයි.කැමැත්ත කියන කැති වෙන්න ඕනි හදවතින්මයි නැතුව කවුරුත් කවුරුන් වෙනුවෙන් වත් වෙනස් වෙන්න ඕනි  නෑ”

ඒ විදිහට අදහස් දක්වන ඇය කොච්චර කාලයක් ගියත් ඇයගේ හිත ගත්ත හොඳම තේරුම් ගැනීමක් තියෙන පුද්ගලයෙක් හම්බ වෙනකන් ඉන්නවා කියලා සඳහන් කළා.ඉතින් ඒ වගේ චරිතයක් ඉක්මනින්ම හම්බ වේවා කියා අපිත් හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *