Gossip Lanka

සනිධපෙන් අයිං වුණු නිලංග ඇතුලෙ සිද්ද වෙච්චි දේවල් එකින් එක හෙළි කරයි

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු සංගීත කණ්ඩායමක් තමයි ප්‍රසංග වේදිකාවේ අතිශය ජනප්‍රිය වූ සනිධප සංගීත කණ්ඩායම කියලා කියන්නේ. මේ සංගීත කණ්ඩායම තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු අදටත් අපි ආදරේ කරන ශිල්පීන් තමයි සංගීත් ,නිලංග සහ ප්‍රසංග කියන පුද්ගලයන්.

නමුත් මේ වෙද්දි මේ සියළුම දෙනා එකතු  සනිධප සංගීත කණ්ඩායම එක්ක කරන වැඩ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ චරිත අද වෙද්දි අපිට ප්‍රසංග වේදිකාවේ එකට දකින්න වෙන්නැහැ. හිටි හැටියෙම නිලංග සිල්වා ත් සනිධප සංගීත කණ්ඩායමෙන් ඉවත් වීම නිසා බොහෝ දෙනෙක් ඒ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා.

සමහර දෙනා කියනවා නිලංග  අයින් කළා කියලා සමහර අය කියනවා නිලංග අයින් වුණා කියලා. ඉතින් මේ සිදුවීමේ ඇත්ත නැත්ත කියන්න ඔහු පසුගිය දිනක යූටියුබ් නාලිකාවක් සමග සම්බන්ධ වෙනවා. සනිධප සම්බන්ධයෙන් ඔහු අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයෙන්.

සනිධප සංගීත කණ්ඩායම වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරපු කෙනෙක් තමයි මම. අහං ඉන්න අය එහෙම නෑ කියන්නත් පුළුවන් නමුත් හිටපු අය ඒක දන්නවා.    ගොඩක් අය සනිධප පටන් ගන්න යන වැඩේට පස්ස ගැහුවා. සමහර අය බෑ බෑ කියද්දි මම තමයි තල්ලුකරගෙන පොළොඹවා මේක හදන්න පටන් ගත්තෙ. මේ කණ්ඩායමේ කලර් එකක් හදන්න සංගීත්ගේ කැමැත්තක් තිබුණා.

ඒ විදියට අලුත් තාලෙකට මේ කණ්ඩායම හදන්න එදා ඉඳන් නිලංග ආසාවෙන් ඉඳලා තියෙනවා. දවසක් බීච් එකේ වාඩි වෙලා ඉද්දි සංගීත් අයියා ඔහුට කියලා තියෙනවා සනිධප මෙහෙම හැදෙන්න නිලංග ලොකු උදව්වක් වුණා කියලා. නමුත් ඔහු මේ වෙද්දී සංගීත කණ්ඩායමත් එක්ක නැහැ අයින් වුණාට පස්සේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව නිලංග අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

අයිං වුන එක අවුල්. මොකද කණ්ඩායම වෙනුවෙන් වෙච්ච කැපවීම දන්නෙ මම. අපි කොච්චර බෑන්ඩ් එක ආරක්ෂා කළා ද ප්‍රැක්ටිස් කරලා සින්දු කියන එකම නෙමේ බෑන්ඩ් එක කියන්නේ.

මේ විදියට අදහස් දක්වන ඔහු එක්තරා දවසක සිද්ද වෙච්ච සිදුවීමක් සඳහන් කරනවා. 2002 දී මේ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච ප්‍රසංග හදිසිය කණ්ඩායමෙන් අයින් වෙනවා. එ් වෙද්දි ඔවුන්ට ප්‍රසංග දෙකක් ප්ලේ කරන්න තිබිලා තියෙනවා. කවුරුත් නැවත වතාවක් ඔහුට ආරාධනා කරලා නැහැ අලුත් කෙනෙක් ගන්න තමයි හැමෝම හිතන් ඉඳලා තියෙන්නේ. සංගීත් වත් ඒ පිළිබඳව හිතලා නැහැ ඔහුට කතා කරල නැහැ. ඒ වගේ අවස්ථාවක නිලංග  මැදිහත් වෙලා නැවත වතාවක් ප්‍රසංග ව ආයෙම බෑන්ඩ් එකට එක්කන් ආවා.

ඒ විදිහට 2008 දී බොහෝ දෙනෙක් මේ සංගීත කණ්ඩායමෙන් අයින් කරන්න හදලා තියෙනවා ඒකටත් මැදිහත් වෙලා තියෙන්නේ නිලංග. මේ සාමාජිකයන් අයින් කරන කුමන්ත්‍රණය පිළිබඳව නිලංග අදහස් දක්වන්නේ පහත ආකාරයට.

සංගීත් අයියට එක එක් කෙනාව අයින් කරන්න වුවමනාවක් ඇති කරවනවා. එක පාරක් සප්‍රයිස් ටුවර් එකක් ගිය වෙලාවක මම පොඩ්ඩක් එළියට ගියා මගේ නැන්දා කෙනෙක්ගේ දුවෙක් එක්ක. ඩික්සන් මට කතා කරලා කියනවා උඹ මෙතන හිටිය නම් මාර ප්‍රශ්නයක් කියලා මොකද දන්නවද සීන් එක එහා පැත්තේ තුන්දෙනෙක් කතා වෙනවලු ඩික්සන්ව අයින් කරන්න. ඔයිට වඩා පොඩි කොල්ලෝ ඉන්නවා දැන් හොදට ප්ලේ කරන ඩික්සන්ලා වැඩක් නෑ කියලා.

ඉතින් ඔන්න ඔය ආකාරයේ විවිධ අභ්‍යන්තර ගැටලු සහගත තත්ත්වයන්ට මේ සංගීත කණ්ඩායම  මුහුණදීලා තියෙනවා.  නැවත වතාවක් කතා කරත් මේ සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙනවාද කියලා අහපු හම නිලංග කිව්වේ ලොවෙත් ආයේ කතා කරන්නෑ  කියලා ඔහු දන්නවා කියලයි ඒ වගේම නොයන්න තරම් තරහකුත් නැහැ කියලා සඳහන් කළා