Gossip Lanka

ඇත්තටම මං ගැන මට ආඩම්බරයි ගෙදර පවා බැංකු ණය අරගෙන මම හැදුවේ මේ කලාව නිසයි

පුංචි තිරය කඳුළු බිඳුව කියන බිඳුව කියන අන්වර්ථ නාමයෙන්  හඳුන්වන මේ සුරූපී රංගන ශිල්පිනිය තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇය රිදී තිරය සහ පුංචි තිරය එකසේ ජයගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්. ජීවිතේ බොහෝ හැල හැප්පීම්වලට මුහුණ දීපු නිල්මිණි තෙන්නකෝන් මේ වන විට තමන්ගේ ආදරණීය එකම දියණියවත් හදාගෙන  ඇය අද සාර්ථකව ජීවිතයට මුහුණ දීලා.

විවාහය කියන තැනදී නිල්මිණි තෙන්නකෝන්ට එක්තරා අවස්ථාවකදී වැරදෙනවා. ඒ වගේම ඇය විවාහ වුණේ ක්ෂේත්රයේ අති දක්ෂ ගායන ශිල්පියෙකු මධුමාධව අරවින්ද සමඟයි. නමුත් ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ ඇති වූ  යම් කිසි ගැටළුකාරී තත්වයන් නිසා තත්වයන් නිසා දෙදෙනාම වන විට දික්කසාද වෙලා තමයි ජීවිතය ගත කරන්නේ.

ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී නිල්මිණිට පළමු විවාහයෙන් ඒ කියන්නේ මධුමාධව ගෙන් ආදරණීය දියණියන් හිමිවෙනවා. අද වන විට ඇය තමන්ගේ සම්පූර්ණ ජීවිතේම කැප කරලා තියෙන්නෙ මේ ආදරණීය දියණියගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගත වැඩකටයුතු නිසයි. ඇය තමන්ගේ දරුවාට කොතෙක් ආදරේ කරන අම්මා කෙනෙක් ද කියනවා නම් දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයේ මාස හයක පමණ නිවාඩුවක් අරගෙන සම්පූර්ණයෙන්ම ඇය කලා කටයුතුවලින් බැහැර වෙලා හිටියා.

දරුවා  එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව  කරගෙන යන  ඇයට ඇයව දැනෙන ආකාරය පිළිබඳව පුවත් පතකට  කලකට ඉහතදී අදහස් කීපයක් එකතු කරලා තිබුණා.

“ඇත්තටම මට මං ගැන ආඩම්බරයි. මම අම්මා තාත්තාගේ හුරතල් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්. ඒ කාලේ මට ජීවිතේ කිසිම බරපතළ බවක් වගකීමක් තේරුනේ නැහැ. අඩුම තරමේ මම බැංකුවට වත් ගිහිල්ලා නැහැ. රංගනයට ආපු මුල්කාලේ ඉතාමත් සැහැල්ලුවෙන් මම කටයුතු කළා. නමුත් බිරිඳක් මවක් උනාට පස්සේ ජීවිතේ බොහෝ වගකීම් දරන සහ යුතුකම් ඉටු කරන චරිතයක් බවට පත්වුනා.

ජීවිතය අපිට කිසිම දෙයක් අයිති නැහැ ඒ දර්ශනය මම වටහා ගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ජීවිතයට මම වැඩිය ඇලුම් කරන්නේ නැහැ  නමුත් මගේ එකම වස්තුව දියණියයි අපි සතු වගකීම ඉතා නම්බුකාර විදිහට දියණිය වෙනුවෙන් ඉටු කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.

මේ කලාවට පින්සිද්ද වෙන්න තමයි මම හැමදේම ගොඩනගා ගත්තේ. කොහොම නමුත් කලාවෙන් නම් ඉවත් වෙන්නේ නැහැ. නිවස පවා බැංකු ණය අරගෙන හදලා ඒ ණය ගෙවමින් මේ කටයුතු සියල්ල කරගෙන ආවෙ මම කලාව නිසා. සැලුන් එකේ කටයුතුත් ඉතාමත් හොඳින් කරගෙන යනවා ඉතින් මේ තනියම යන ගමන නිසා ජීවිතය කාර්ය බහුල වෙලා”

ඇය දියණියත් සමග තනි මවක් විදිහට ජීවිතේ ජීවිතය ගත කරද්දී මුහුණ දෙන්නට සිද්ධ වෙන විවිධ අත්දැකීම් පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ ඒ විදියටයි. තවත් චිරාත් කාලයක් ආදරණීය දියණියත් සමග සතුටින් ම ජීවත් වෙන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.