Gossip Lanka

මම අවුරුදු තුනක් ආදරය කළා. සමහරු අහනවා ඇයි වයසක කෙනෙකුට ආදරය කරන්නේ කියලා

මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය  නිලූෂි පවන්යා. ගොඩක් දෙනෙක් මේ සුන්දර දක්ෂ රංගන ශිල්පිනිය පිළිබඳව මේ වෙද්දි දන්නවා.රංගන ශිල්පිනියක් වගේම ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ නිසාම විවිධ දක්ෂතාවයන් එක්ක ක්ෂේත්‍රය තුළ ඉතාමත් ඉක්මනින් හොඳ ගමනක් යන්න නිලුෂිට අවස්ථාව උදා වුණා. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බඳු චරිතයක් තමයි දිවි තුරා ටෙලිනාට්‍යයේ වින්ඩි කියන චරිතය. ඉතින් අද ගොඩක් අය ඇයට කතා කරන්නෙත් ඒ නමින්. ඒ චරිතය ගැනන ඇය කිව්වේ මේ විදිහේ කතාවක්.

“කොහේ ගියත් මම දැන් වින්ඩි. ඒ චරිතයට නම් එක එක විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ලගදි වෙඩින් එකට ගිහාම පොඩි බබෙක් දුවගෙන ඇවිත් වින්ඩි කියලා කතා කළා. පුංචි අයගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.බැනුම් අහන එකෙත් අඩුවක් නෑ.ඇයි ඊෂට එහෙම කරන්නේ කියලා අහනවා. බැනලා හරියට කමෙන්ට් කරනවා ඒවා බලල මට නම් හිනා යනවා.”

 ඇගේ කලා ජීවිතය පිළිබඳව ඒ විදිහට කතා කරද්දි නිලුෂිගේ  පෞද්ගලික ජීවිතය ගත්තහම ඇය තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. සමහර අවස්ථාවන්වල දී ඇයට වඩා ළාබාල පුද්ගලයන් පවා ඇයට ආදර යෝජනා ගේනවලු. ඒ වගේම තමයි දිවිතුරා ටෙලි නිර්මාණය අගස්ති කියන පෙම්වතාගේ චරිතය ටත් ඇයට විවිධ අය විවිධ දේවල් කියනවලු. ඒ සියලු දේවල් සම්බන්ධයෙන් නිලූෂි කිව්වේ මේ වගේ කතාවක්.

“අගස්ති කියන්නේ වින්ඩිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක්.  මගේ යාලුවෝ බනිනව එයාගේ අතින් අල්ලන්නවත් එපා කියලා.මම කරන්නෙ ඉතිං චරිතයක් සමහර අය අහනවා ඇයි වයසක කෙනෙකුට ආදරය කරන්නේ කියලත්. මම අවුරුදු තුනක් කෙනෙකුට ආදරය කරා 2019 අවුරුද්දේ ඉඳලා.නොගැලපීම් මත අපි වෙන්වුණා.ආදරේ තිබ්බට මදි එකිනෙකාට ගරු කරන්න ඕනේ විශ්වාස කරන්න ඕනේ ඒ දේ නැති තැන පොඩි දේටත් රන්ඩු වෙනවා.ඒ ආදරෙන් නතර කරේ ඒ ප්‍රශ්න නිසයි”

ඇය මේ විදිහට  අදහස් දක්වද්දී ආදරය කරද්දි දෙන්නට දෙන්නා අවංක වෙලා ඒ දෙන්නා ගැනම දෙන්නට දෙන්නා විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒ ආදරේ තුල ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ කියලයි.  ඉතින් ඇය ජීවිතය සහ ආදරය ගැන ඒ විදියට අදහස් දක්වද්දී හිත ගියපු ඇයව තේරුම් ගත්තු අවංක පෙම්වතෙක් හමු හමුවේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මු.