එයාගේ අම්මයි තාත්තයි අකමැති උනේ මම නිළියක් නිසා.එයාලා හිතුවා ටික කාලෙකින් ඩිවෝස් වෙයි කියලා
පුංචි තිරය තුල මේ දවස් වල නං නිරන්තරයෙන් ම දැකබලා ගන්න නොහැකි වුනත් උනත් ලස්සන ලස්සන නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය ප්‍රවීණ කලාකාරිනි නිමන්ති පෝරගේ. නිමන්තිගේ ආදරණීය සැමියාත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදියට කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.
ඒ වගේම තමයි ඇයට මේ වෙද්දි ආදරණීය දියණියක් සහ පුතෙක් ඉන්නවා පුතත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා කියලා ඇය සඳහන් කරලා තිබුනා.ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් නිමන්ති නිතරම පුංචි තිරෙන් අපිට දැක බලාගන්න අවස්ථාව ලැබිලා නැහැ.
ඒකට හේතුවත් සැමියා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යවල විතරක් මං විතරක්ම ඈ රඟපාන්න බලන් ඉන්න හින්දා කියලා ගොඩක් දෙනෙක් සඳහන් කරලා තිබුනා.හැබැයි ඒ ගැන අහපු මම ඒ කිව්වේ එහෙම දෙයක් නැහැ සැමියා ටෙලිනාට්‍ය විස්සක් විසිපහක් විතර අධ්‍යක්ෂණය කළත් ඇය ඒ අතරින් ටෙලි නිර්මාණ දෙකකට තුනකට විතරක් තමයි රංගනයෙන් දායකත්වය දක්වලා තියෙන්නේ.
නමුත් ඇය සඳහන් කරන්නේ ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යවලට සම්බන්ධ උනහම රූගත කිරීම් වලට යන එන වෙලාවල් සම්බන්ධයෙන් ගැටලු නැහැ කියලයි.ඒ වගේම තමයි නිමන්ති ගේ ආදර කතාව එහෙමත් නැත්නම් ඇයට ඔහුව හම්බවෙච්ච විදිය ගැන කතා කරනවා කරනවානම් මේ ආදර කතාවට ගෙදර ඉන්නං පොඩ්ඩක්වත් කැමැත්ත හම්බ වෙන්නේ නැහැ.දෙපැත්තෙන්ම අකමැති වුණා.ඒකට හේතුව මොකක්ද කියලා අහපු හැම නිමන්ත කිව්වේ මේ වගේ කතාවක්.
“එයාගේ දෙමව්පියන් මුලින්ම අකමැති උනේ මම නිළියක් නිසා.මගේ අම්මයි තාත්තයි අකමැති වුණේ කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙලා ටික කාලෙකින් ඩිවෝස් වෙයි කියලා.මොකද බොහෝ ප්‍රසිද්ධ අයගේ විවාහ ජීවිතවල ප්‍රශ්න එයාලට අහන්න ලැබුණු නිසා.කොහොම නමුත් අපි දෙන්නා අපි දෙන්නගෙ බැදීම් අතහැර ගත්තෙ නැහැ.”
අවසානය දෙන්නටම හැකියාව ලැබිලා තියෙනවා කොහොමහරි දෙමවුපියන්ගේ කැමැත්ත සහ ආශිර්වාදය මත ම විවාහ වෙන්න.ඉතින් ඒ විවාහ ජීවිතය තවත් බොහෝ කාලයක් සතුටින් ම ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.