මගේ වෘත්තීය රඟපෑම නෙවෙයි.මම සෞඛ්‍ය කාර්යය සහයිකවක් විදිහට රැකියාවක් කරනවා
මේ දවස්වල ගොඩක් දෙනෙක්ගේ ආදරය සහ ප්‍රතිචාරත් එක්ක පුංචි තිරයේ විකාශය වන රාජිනි ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය නවක රංගන ශිල්පිනී නිපුනි සමරක්කොඩි.ඇයගේ රංගනයට ප්‍රේක්ෂකාගාරයෙන් ඉහළ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා.හැබැයි ගොඩක්ම ඇයට ලැබෙන්නේ ටිකක් අයහපත් ප්‍රතිචාර ඒකට හේතුව ඇය දුෂ්ට චරිතයක් නියෝජනය කරන නිසා.
කෙසේ නමුත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ඉදිරියටත් කැපවීමෙන් කරන්න පුළුවන් ගැන චේතනාවෙන් කලාවට ආපු අය මේ වගේ ටෙලි නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න කලින් ළමා නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා.
ඇය පාසල් යන කාලේ ඉඳන්ම තමයි රංගනයත් එක්ක සම්බන්ධ වෙන්නේ මුලින්ම රංගනයට අවතීර්ණ වෙද්දී ඇයට වයස අවුරුදු 15යි.එ අත්දැකීම් එක්ක මේ වෙද්දි බොහෝ අඩුපාඩු හදාගෙන රංගන ලෝකය තුළ ඉදිරියට ම එන නිපුනි මේ කලාවට ඇවිල්ල තියෙන්නේ පුංචි කාලේ ඉඳන් මේ කලාවට ආස කරපු නිසා කියලත් සඳහන් කළා.
ඒ තරම් කලාවට ආදරේ ඇය ගේ වෘත්තිය දැන් කලාව වෙලාද කියලා අහපුවාම නිපුන අයගේ සැබෑ වෘත්තිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“ඇත්තටම නෑ කලාව වෘත්තිය කරගෙන අද ජීවත්වෙන හරි අමාරු තත්ත්වයක් තියෙන්නේ.විශේෂෙන් මගේ තාත්තා මුලින්ම කැමැති වුණේ නෑ කලාවට එනවට.තාත්තට ඕනෙ වුනේ රජයේ රැකියාවක් කරනවට ඉතින් තාත්තගේ ඒ කැමැත්ත අනුව මම රැකියාවක නිරත වෙනවා ඒ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයක වක් වශයෙන්.කලාව කරගෙන යන්නේ විරෝධයක් විනෝදාංශයක් විදිහට. “
ඒ විදිහට අදහස් දක්වන ඇය රැකියාව කරන ආයතනයේ ප්‍රධානියා ඒ වගේම ගෙදර අම්මා තාත්තා ඇතුළු සියලුම දෙනා ඇයගේ මේ රංගන ජීවිතය සාර්ථක කරගන්න උදව් වුණා කියලත් සඳහන් කළා.ආධුනික රංගන ශිල්පිනියක් විදිහට තවත් බොහෝ දුර යන්නට ඇයට වාසනාව ලැබේවා කියා අපිත් එක්ක සිතින් පාර්තනා එක් කරන්නෙමු.