Gossip Lanka

දරුවට කිරි දෙන කාලෙ මං මගේ ෆිගර් එක ගැන හිතුවේ නැහැ නිරෝෂා තලගල

ලස්සනට ඉන්න මේ ලෝකෙ කවුරුත් කැමතියි. ඉතින් රංගන ශිල්පීන් ඒ වගේම රංගන ශිල්පිනියන් කියලා කියන්නේ නිතරම තමන්ගෙ ලස්සන ඒ වගේම රූපය පිළිබඳව හිතන කට්ටියක්. විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඉස්සරහට යන නිසා අනිවාර්යෙන්ම රංගන ශිල්පියෙක් ඒ වගේම ශිල්පිනියක් තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.

තමන්ට උපතින් ලැබුන රූප සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට නිරෝෂා තලගලව අපට හඳුන්වන්නට පුළුවන්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. නිරෝෂා මේ වෙද්දි විවිධ නිර්මාණ කීපයකින්ම අපිට පුංචි තිරයෙන් දැක බලාගන්නට පුළුවන්. 

ඇය විසින් රංගනයෙන් දායක වූ එක ගෙයි මිනිසුන් ටෙලි නාට්‍යය බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් බවට පත්වුණා. කෙසේ නමුත් ඇය මේ වනවිට ආදරණීය මවක්. මවක් වෙද්දි සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් විවිධ ආකාරයෙන් වෙනස් වෙනවා. ඉතින් නිරෝෂාත් මේ ආකාරයෙන් තමන්ගේ ශරීරය වෙනස් වීමකට ලක් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ඇය ඉන්නවට වඩා දරු ප්‍රසූතියෙන් පස්සෙ ටිකක් මහත් උනා.

ඉතින් ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්. මම කෑම ගැන දරුවා ලැබිලා මුල් කාලෙ නම් හිතුවේ නැහැ. මොකද දරුවාට කිරි දෙන නිසා. හැබැයි මම කෑම බිම ගැන සැලකිලිමත් කෙනෙක් දැන්. නර්තන ශිල්පිනියක් විදිහට ශරීරයේ හැඩය පවත්වගන්න නිතරම ව්‍යායාම කරන කෙනෙක්. ඒ නිසා නිතරම ගන්න කෑම බීම ගැන හොඳට හිතලා බලනවා. පලතුරු එළවළු තමා මම වැඩිපුරම ආහාරයට ගන්නේ. පිටි කෑම ගොඩක් වෙලාවට මම ආහාරයට ගන්නේ නැහැ. 

ඒ ආකාරයෙන් අදහස් දක්වන නිරෝෂා ලස්සනට ඉන්න වැඩිපුර බිත්තරයි සම්බෝලයි කෑවා කියලත් ආරංචියි.  සාමාන්‍යයෙන් නිරෝෂා දැන් ඉස්සර හිටියටත් වඩා දරුවා හම්බ උනහම ලස්සන වෙලා කියලා තමයි ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ. ඒ ආකාරයෙන් ඇය සුන්දරත්වය රැක ගන්න එළිමහන් රූගත කිරීම් අවසන් වුණු සැනින්ම ගෙදර ඇවිත් යෝගට් එකකට කහ මිශ්‍ර කරලා ඇඟේ ගානවා.

නිරෝෂා සඳහන් කරන්නේ ඒක ඉතාමත් සාර්ථක රූපලාවන්‍ය ක්‍රමයක් කියලා. ඊට අමතරව කුරුලෑ වගේ දෙයක් ඇති උනහම අර්තාපල් යුෂ අරන් ගාන්නත්  ඇය අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඇගේ දින චර්යාවේ වරදින් නැති එකම දේ තමයි හැමදාම උදෑසන අවදි වුණාම උණුසුම් වතුර වීදුරුවක් දෙහි බිංදු දෙකක් දාලා බොන්න පුරුදු වෙලා ඉන්නේ එක.

ඉතින් ඒ විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව තමන්ගේ ශරීරය පිළිබඳව හිතන ඇය ඉදිරියේදී විශිෂ්ට නිර්මාණයන් කිහිපයක් සමගම ප්‍රේක්ෂකයා හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නිරෝෂා තලගල නැමැති මේ දක්ෂ රංගන ශිල්පිනියගේ ඒ බලාපොරොත්තු වෙන්නා වූ සියලුම වැඩකටයුතු එයාකාරයෙන්ම ඉෂ්ට වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.