Gossip Lanka

දුව ලැබුණට පස්සේ බර කිලෝ 90ක් වුණු නිසා නිරෝෂා බිත්තර 10ක් කාලා බර අඩු කර ගත්තු හැටි

නිරෝෂා තලගල කියන්නේ කලා ලෝකය තුළ අපිට ඉන්න දක්ෂ කලාකාරිනියක්. ඇය රංගනයට පමණක් නෙවෙයි නර්තනයටත් දක්ෂයි. නිරෝෂා තලගල මේ වන විට ඇගේම නර්තන කණ්ඩායමකුත් නිර්මාණය කරගෙන විවිදාකාරයේ වැඩකටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

ඒ වගේම තමයි ඇය මීට කලකදී  රූපවාහිනී නාලිකාවක නර්තන අංශය නියෝජනය කරමින් තරග කාරිනියක් විදිහටත් තරග වැදුණා. කෙසේ නමුත් මේ වන විට ඇය ආදරණීය දියණියකගේ සෙනෙහෙබර මවක් වෙමින් ඉතාම සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා. ඇයගේ ඒ සුන්දර ජීවිතය පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරල තිබුණා. ඇය සඳහන් කරපු අදහස් කීපයක් පහතින් උපුටා දක්වා ඇත.

“දුවත් එක්ක ගත කරන කාලය වෙනමම අත්දැකීමක්.මේ ලෝකයේ ඉන්න හැම තරුණ තරුණියක්ම මවුපියන් විය යුත්තේ තමන්ගේ මව්පියන් ජීවත් වෙලා ඉන්න කාලේ කියලා මට හිතෙනවා.මොකද අපේ දෙමව්පියන් ගැන හැඟීමක් දැනෙන්න නම් අපි මවුපියන් විය යුතුමයි.ජීවිතය පුදුමාකාර විදිහට වෙනස් වෙලා ඉස්සර වගේ නෙවෙයි.දැන් රූගත කිරීම් වලට ගියාම ඉක්මනට ගෙදර එන මග බලන් ඉන්නවා මොකද මම එනතුරු දුව බලාගෙන ඉන්න නිසා”

ඇය ගත කරන මේ ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස් දැක්වූවේ. ඉතින් නිරෝෂා  කියන්නේ ගර්භනී කාල සීමාව තුළදී ඇගේ බාහිර පෙනුමෙන් විශාල වශයෙන් වෙනසකට භාජනය වෙච්චි කෙනෙක්. ඇයට ආදරණීය දියණිය හම්බ වෙන්න ඉද්දී බර කිලෝ ග්‍රෑම් 90 කින් වැඩි වෙනවා.

ඊට පස්සේ දරුවා හම්බුනාට පසු නිරෝෂා මේ බර අඩු කරගන්න හරි අමුතු ඩයට් ප්ලෑන් එකක් කරනවා. ඇය ප්‍රසිද්ධ වැඩසටහනකට ඇවිල්ලා ඒ පිළිබඳව අදහස් පවා හුවමාරු කරගෙන තිබුණා. ඇය මේ  ඩයට් ප්ලෑන් එක හඳුන්වන්නේ එග් ඩයට් ප්ලෑන් එක කියලා. මේකෙදි සිද්ධවෙන්නේ වෙන කිසිම දෙයක් කන්නේ නැතුව දවසට බිත්තර දහයක් කන එක.

දවසේ වෙන කිසිම දෙයක් ආහාරයට ගන්න බෑ කියලත් ඇය සඳහන් කළා. ඉතින් බිත්තර විතරක් ආහාරයට ගන්න බැරි නිසා  නිරෝෂා සම්බෝලත් එක්ක තමයි මේ බිත්තර 10 කාලා තියෙන්නේ. ඉතින් ඇය ඉතාමත් සාර්ථක diet plan එකක් විදිහට ඒක හඳුන්වන දීලා තිබුණා.

ඒ වගේම තමයි වසංගත කාලසීමාව තුළදී ඇය ගෙදරට වෙලා ඉන්න කාලේ ජිම් ගිහින්,ව්‍යායාම කරලා ඒ වගේම හැකි සෑම අවස්ථාවකදීම නටලා ඇගේ බර අඩු කරගෙන තියනවා. නිරෝෂා  සඳහන් කළේ ලස්සනට ඉන්න ඕනෙ කියලා අපි හිතනවා නම් අපිට ඒ විදිහට ලස්සනට ඇග හදාගන්න අමාරු වෙන්නේ නැහැ කියලා.

ඇය මේ වන විට කලින් හිටියටත් වඩා හරි අපූරුවට හරි ලස්සනට ඇඟ හදාගෙන තියෙනවා. ඉතින් මේ සුන්දර කලාකාරිනිය ට ඇය ගේ ඉදිරි වැඩ කටයුතු වැඩකටයුතු දිනෙන් දිනම සාර්ථක කරගන්නට හැකි වේ වේවායි අපි සුභ පැතුම් එක් කරන්නෙමු.