මම තමයි පවුලෙ වැඩිමල් කෙනා.මං පොඩි කාලෙම තාත්තා ලංකාවෙන් ගියා අපේ ආරක්ෂාවට පිරිමියෙක් හිටියේ නැහැ.
ගීත ලෝකය තුළ විරාජිනීය වෙච්ච ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී ගැන ඕනිම කෙනෙක් දන්නවා.ඇය මේ වෙද්දි ගායිකාවක් විතරක්ම නෙවෙයි තවත් බොහෝ පරම්පරාවකට සංගීත දැනුම බෙදා දෙන රියැලිටි වැඩසටහන් විනිසුරුවරියක් විදිහටත් වැඩ කටයුතු කරනවා.
ඒ වගේම තමයි විවාහ කිහිපයක් තුළ සාර්ථක බිරිඳක් වෙන්න උත්සාහ කළත් අවසානයේ ඇය අද වන විට තනිකඩ ජීවිතයක් ගත කරන්න තීරණය කරනවා.ඒ වගේම තමයි ජීවිතයේ බොහෝ කාලයක් සංගීතයත් එක්ක ම වැඩ කටයුතු කරපු නිරෝෂා තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ ගොඩක් දේවල් කැප කරපු කෙනෙක් මේ සංගීතය වෙනුවෙන්.
පසුගිය කාල සීමාවේ අපි හැමෝම වෙසක් සතිය නිසා දන්සල් පන්සල් වලට ගියා.හැබැයි නිරොෂා කියන්නේ කවදාවත් ඒ අත්දැකීම විඳින්න ලැබුණු කෙනෙක් නෙවෙයි. ඉතින් ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.
“මම කවදාවත් වෙසක් බලන්න ගිහින් නැහැ භක්ති ගීත වැඩසටහන් වලට ගිහින් තියෙනවා.එතකොට යන එන ගමන් දකින වෙසක් විතරයි ඒ ඇරෙන්න වෙසක් බලන්න යනවා කියලා කවදාවත් ගිහින් නැහැ.දන්සල් වලින් කන්න කවදාවත් ගිහින් නැහැ දන්සල්වලින් ගෙදරට කෑම ඇවිත් තියෙනවා එහෙම කාලා වැඩක් නෑනේ.මම පොඩි කාලෙම තාත්ත ලංකාවෙන් යනවා මම තමයි පවුලෙ වැඩිමලා පිරිමි කෙනෙක් වැඩිමල් නෑ.අපේ ආරක්ෂාවට පිරිමි සහෝදරයෙක් හරි ඉන්න ඕනිනේ ගැහැනුන්ට විතරක් තනියම වෙසක් බලන්න යන්න බැහැ.ඒ නිසා ඒ අවස්ථාව මට කවදාවත් ලැබිලා නෑ අපි පොඩි නිසාම බයයි එක්ක යන්න.”
ඉතින් ඒ විදියට අදහස් දක්වපු අය මේ වෙද්දි නම් ජීවිතය ඉතාමත් සතුටින් නිදහසේ ගත කරනවා කියලත් අවසානයේ සඳහන් කළා.