Gossip Lanka

මං ඉන්නේ වේදනා නාශක වලින් දකුණු අත හිරි වැටෙනවා හදිසියේ රෝගාතුරවූ නිරෝෂා විරාජිනි

ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ තුළ තමන්ටම කියල අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්ෂ ගායිකාවක් තමයි නිරෝෂා  විරාජිනී කියලා කියන්නේ. ඇයට හිමි මිහිරි කටහඬ නිසාම  ඒ කටහඬ ආදරය කරන වෙනම ප්‍රේක්ෂක පිරිසක් මේ වන විටත් නිර්මාණය වෙලා තියෙනවා.

නිරෝෂා පෙරේරා මහත්මිය විසින් ගායනා කරන පුන්සඳ රෑට ඇවිදින් හේනේ,සිත ඔබට මුලාවී,සුදු ඇත් පොව්වෙක් ආදී ගීතයන් අදටත් බොහෝ ආධුනික ගායක ගායිකාවන් තමන්ගේ ජයග්‍රහණය උදෙසා රියැලිටි තරඟ වලදී ගායනා කරනවා අපිට දකින්නට ලැබෙනවා.

නිරෝෂා විරාජිනි මහත්මිය කියලා කියන්නේ සංගීතය පිළිබඳව මනා අධ්‍යනයකින් දැනුම ලබාගත් දක්ෂ ගායිකාවක්. ඒ නිසාම ඇය අපිට විනිසුරුවරියක් වශයෙන් ද නොයෙක් අවස්ථාවන් වල දී අලුතෙන් ශේත්‍රයට පැමිණෙන බොහෝ දෙනාට අවවාද අනුශාසනා ලබා දෙනවා දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇය ඒ ආකාරයෙ විනිසුරු භූමිකාවක් තුළින් හිරු ස්ටාර් රියැලිටි තරගයක තුළදී සති අන්තයේ අපිට දැක බලා ගන්නත් අවස්ථාව උදාවුණා.

ඇය කලින් විවාහ වුණත් විවාහ ජීවිතයේ ඇති වූ යම්කිසි මතභේදාත්මක ගැටලු නිසා ඒ විවාහයට සමුදෙන්න නිරෝෂා  තීරණය කරනවා. මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගතකරන ඇය පිළිබඳව පසුගිය දවසක අපිට හරිම සෝචනීය කාරණාවක් දැනගන්නට ලැබුණා.

එනම් ඇය දරුණු අසනීප තත්ත්වයකින් පෙලීමයි. මේ පිළිබඳව එක්තරා රූපවාහිනී විනෝදාත්මක වැඩසටහනකට සහභාගි වෙමින් තමයි  නිරෝෂා විරාජිනී මහත්මිය පහත ආකාරයෙන් අදහස් එකතු කළේ.

ඇත්තටම මේක බරපතළ අසනීප තත්ත්වයක්. මුලින් මාසයක් විතර මම ගණන් ගත්තෙ නැහැ. මම එතන තවනවා. ජෙල් එකක් ගානවා ඒත් කාලයක් යනකොට ඒක උත්සන්න වුණා. මාව ලයිට් අල්ලන්නත් එක්කන් ගියා ඒත් අඩුවුනේ නැහැ. ඊට පස්සේ මගේ දකුණු අත හිරි වැටුණා drive කර ගන්නත් බැරුව ගියා අඩුම තරමේ තේ කෝප්පයක්වත් උස්සගන්න බැරි වුණා.

පස්සේ හොයාගත්තා කශේරුකාවේ කොටසක් වෙන් වෙලා කියලා. ඒකට හේතුව මම කාලයක් වැරදි විදිහට නිදාගෙන හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. සුසුම්නාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා ඔපරේෂන් කරන්න බැහැ.  ටිකක් අමාරු තත්ත්වයක් නිසා දරාගන්න අමාරුයි මම ඉන්න වේදනා නාශක වලින් දැන් ඉන්නෙත් එහෙම එකේ පවර් එක යනකොට අමාරුයි.

ඉතින් නිරෝෂා විරාජිනී  ඇය පෙළෙන අසනීප තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්. කෙසේ නමුත් මේ මියුරු කටහඬින් තමන්ගෙ පාඨකයන් පිනවු මේ සොඳුරු ගායිකාවගේ මේ අසනීප තත්ත්වය සුව වී නිරෝගී සුවය ලැබේවා කියා අපේ අයට හදවතින්ම  ප්‍රාර්ථනා  එක් කරන්නෙමු.