Siri Lankawa

Web Postal

මම සසුනට ඇවිල්ලා අවුරුදු දෙකක්.එදා ඉදන් තාම පුතා මාත් එක්ක වචනයක්වත් කතා කළේ නැහැ

කාලාන්තරයකට කලින් අපේ රංගන ලෝකය තුළ නැතුවම බැරි රංගන ශිල්පිනියක් වෙච්චි ඇය ගිහි ජීවිතයේදී නීතා සමරනායක කියන නමින් තමයි හැඳින්නුවේ.ඇය කලාව වෙනුවෙන් ටෙලි නිර්මාණ එකසිය 136 ක පමණ ප්‍රමාණයක ප්‍රමාණයකටත් චිත්‍රපටි දහයකටත් රංගන දායකත්වය දක්වලා තියෙනවා.

හැබැයි 2016 වර්ෂයේ දෙයි රංගන කටයුතු වලට ප්‍රිය සම්භාෂණ සියල්ලටම සමු දීලා ඇය 2021 වර්ෂයේ මහබාගේ ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ යන නමින් සසුන් ගත වුණා.පුංචිම කාලේ ඉදන් රංගන ශිල්පිනියක් වෙන්න ඇයට ආසාවක් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි කවදහරි දවසක දස සිල් දසසිල් මාතාවක් වෙලා මේ සසරෙන් එතෙර වෙන්න ඕනි කියන චේතනාව ගොස් ඇගේ හිතේ තිබිලා තියෙනවා.අන්න ඒ නිසා තමන් ඉතාමත් ආදරයෙන් ආදරය කරපු ආදරණීය පවුල අතහැරලා ඇය සසුනට ආවා.ඉතින් ඒ ආ ගමන් මඟ ගැන ධම්ම සතිමා තෙරණින් වහන්සේ අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“මගේ ලේලිය,මුණුපුරා මගේ සැමියා මේ ඔක්කොම එක ගෙවූ ඒ ජීවිතයට සමු දීල තමයි මම මේ විදිහට මහණ වුණේ.දැනට අවුරුදු දෙකක් සසුනට ඇවිල්ලා.අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන්ව හිතෙන් අයින් කරන එක තමයි අමාරුම දේ.මගේ පුතා මාඑක්ක අවුරුදු දෙකක් තිස්සේ කතාකරන්නේ නැහැ. නමුත් මගේ හිත ඇතිවෙච්චි උපාදානය ගැලවිලා නැහැ පුතාගේ බබා ගැන තියෙන ඒ උපාදානය තවම ගැලවිලා නෑ.අම්මා කෙනෙකුට නිවන් දකින්න අමාරුයි කියලා මේ මග වඩා ගෙන යනකොට මට තේරෙනවා.”

ඉතින් සසුන්ගත වුණා වගේම මේ සසර කෙලවර කෙළවර නිවන අත්පත් කර ගැනීමට තෙරණින් වහන්සේට  වාසනාව උදා වේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *