Siri Lankawa

Web Postal

මගේ තාත්තට පස්සේ අද තමයි මම පිරිමියෙක්ට වැන්දේ.එයා තරහ උනාම ඇඳුම් ටික අරන් ගෙදර යනවා

පියුමි හන්සමාලි කියන්නේ නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය කලාකාරිනියක්.මේ දවස්වල වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා ඇය ගැන ගොඩක් දෙනෙක් කතාබහ කරන්න පටන් අරන්.ඒකට හේතුව පියුමි අලුතින් තමන්ගේම කියලා රූපලාවණ්‍ය ආලේපන විකුණන ව්‍යාපාරයක් ආරම්භ කරපු නිසා.

ඒ හින්දම වෙන්න ටත් වඩා යමක් ගමක් හම්බකරගන්න පියුමිට හැකියාවක් ලැබිලා තියෙනවා.හැබැයි තමන්ට ලැබෙන සම්පූර්ණ මුදලම ඉතුරු කරන්නෙ නැතුව එකෙන් කොටසක් ආදරණීය දුප්පත් ජනතාවට බෙදලා දෙන්නත් ඇය කවදාවත් අමතක කරන්නේ නැහැ.පසුගිය කාල සීමාවේදී ම ඇය අසරණ මිනිස්සුන්ට උදව් කරන වීඩියෝව ඡායාරූප ඒ වගේම සුරතල් සත්තුන්ට සත්කාර කරන ඡායාරූප රැසක් ම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

ඒ දේවල් එක්ක ගොඩක් දෙනෙක්ගේ හොඳ හිත දිනා ගත්තු පියුමි නැවත වතාවක් ආදරණීය  පෙම්වතියක් වෙලා කියලත් කවුරුත් දන්නවා.කලකට කලින් ඇය අවුරුදු පහක් එක්තරා පුද්ගලයෙකුට ආදරය කරත් ඔහුගේ පවුලෙන් ඇයට කැමති වුණේ නැති නිසා මේ ආදරයෙන් දෙන්නම දෙපැත්තට වුණා. කොහොම නමුත් ඇයගේ දැන් පෙම්වතත් එක්ක ඇය මෙදාපාර අවුරුද්ද ජයටම සමරලා ඡායාරූපත් සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබ්බා.

මේ විදියට අලුත් අවුරුද්ද පියුමි සැමරුවේ ඇයගේ අලුත්ම ගෙදර.ඒ වගේම තමයි ඇය තමන්ගේ ආදරණීය පෙම්වතා ට දණ ගහලා වඳින ඡායාරූප සමාජ මාධ්‍ය හරහා අපට දැකබලා ගන්න අවස්ථාව ලැබුණා.ඒ අවස්ථාවේදී ඇය ඡායාරූප එකතු කරලා සමාජ මාධ්‍ය හරහා සටහනක් එකතු කරලා තිබ්බා. ඉතින් ඇය ඒ විදිහට  එකතු කළ සටහන පහතින් උපුටා දක්වා ඇත.

  “මගේ තාත්තට පස්සේ අද තමයි මම වෙන පිරිමි කෙනෙක්ට වැන්දේ.මගේ මහත්තයා මම එයාට හරිම ආදරෙයි ඉතිං.අහිංසකයන් ඒ මගේ.එක වෙලාවකට මෝඩ චූන් දාලා මගේ ට්‍රැක් පනිනවා.මගේ හොඳටම බැනුම් අහනවා ඇඳුම් ටිකක් අරන් යනවා එයාගේ ගෙදර.ආයෙ මහ රෑට මම ශේප් කරගන්නවා ඉතින්.මගේ කටත් ඉතින් හොඳම නෑනෙ රණ්ඩු වෙන වෙලාවට ආයි නෑ ඉතින් කියලා දානවා.ඒ හිතේ කිසි දෙයක් තියන් ඉන්නේ නෑ තප්පර ගානකින් අමතක කරනවා මම.මම අමතක කරාට මාත්තයා කියනවා මම කොහොමද හලෝ ඔය කියන ඒවා අමතක කරන්නේ කියලා.කරන්න දෙයක් නෑ මාත්තයා මගේ කට ගැන නොදැන නෙවෙයි නේ යාළු වුනේ..anyway පුංචියට රණ්ඩු උනාට මම ඔයාට මාර ගොඩක් ආදරෙයි හාද.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි අලුත් අවුරුද්දේ පිඋමි හා හා පුරා කියලා මේ සටහන සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබ්බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *