Gossip Lanka

එයාගෙ ගෙදරින් මට කැමැති වුණේ නැහැ ඒ නිසා ආයේ විවාහයකට ආසවක් නැහැ පියුමි කියන සංවේදී කතාව

නිරූපණ ක්ෂේත්‍රය තුළින් ඉතාමත් කෙටි කාලයකින් කොයි කවුරුත් දන්න කියන සුරූපිනියන් බවට පත් වෙච්ච චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඇයට මෙහෙම සුරූපී රූපකාය නිසාම බොහෝ විට විශේෂයෙන් තරුණයන් ඇය වටා එක්රොක් වෙන්න පටන් ගත්තා. ඒ ජනප්‍රියතාවය නිසාම අද වන විට ලංකාවේ ජනප්‍රියම නිරූපිකාවන් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ පියුමි කිව්වොත් නිවැරදියි.

ඕනම කෙනෙක්ට ජීවිතයේ වාසනාවන්ත කාලයක් වගේම අවාසනාවන්ත කාලයක් තියෙනවා. ඉතින් පියුමි කියලා කියන්නෙත් ඒ වගේම ජීවිත එක්තරා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීලා විවාහයෙන් වෙන් වෙලා මේ වෙද්දි තනිකඩ ජීවිතයක් තමන්ගේ ආදරණිය පුතත් එක්ක ගත කරන ධෛර්යසම්පන්න මවක්.

හදාපු දරුවා කුණු කූඩෙට විසික් කරලා යන කාල සීමාවක පියුමි කියලා කියන්නේ සමාජය කොයි තරම් විවේචන කරත් තමන්ගේ ආදරණීය දරුවාට පණ වගේ ආදරේ කරන අම්මා කෙනෙක්. තමන්ගේ දරුවාගේ සම වයසෙ ඉන්න ඉතාමත් දුප්පත් දරුවන්ට උදව් උපකාර කරන්නත් ඇය අමතක කරන්නේ නැහැ.

නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ අසරණ ජනතාව වෙනුවෙන් කතා බහ කරන්න පියුමි ප්‍රේමයක් නිසා පරාද වෙලා ජිවිතේ ගත කරනවා කියන්න ඇගේ මුහුණු පොත දැක්කහම ගොඩක් දෙනෙක්ට හිතෙන අදහසක්. ඒකට මූලිකම හේතුව පියුමි කාලෙන් කාලෙට ඇගේ මුහුණු පොත හරහා මේ පැරැණි පෙම  පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරන නිසයි.

ඉතින් පසුගිය දවසක ඈ සහභාගීවූ youtube  වැඩසටහනකදී මේ ආදරණීය පෙම්වතා පිළිබඳව නැවත වතාවක් මතකය ආවර්ජනය කරන්නේ පහත ආකාරයටයි .

ආදරය කරද්දි ඉන්න බැයිනම් වෙන් වෙන්න ඕනි. මගේ අවුරුදු 5ක් තිබ්බ සම්බන්ධයේ පොඩි පොඩි රණ්ඩු ගියා නමුත් එතැන මහ ගොඩක් ආදරේ තිබුණු තැනක්. යාළුවෙලා ඉවරවෙලා afairs නැවතුන හම කොල්ලෙක්ට පුළුවන් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න. මටත් පුළුවන් ගැළපෙන්නෙ නැත්නම්  එක අයින් කරලා වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න.

බඳින්න නං ආසාවක් තිබ්බේ අවුරුදු පහක් යාලුවෙලා හිටපු කෙනාත් එක්ක තමයි. ඉතින් ආයෙ හීනයක් නෑ මැරි කරන්න කියන දේ සම්බන්ධයෙන් මොකද හීන දැක්කේ එයත් එක්ක. ඒ සම්බන්ධව ඉවරවෙලා අවුරුදු එකහමාරක් වුණත් මම කතා කරලා ට්‍රයි කලා. ආයේ අපි දෙන්නා එකට ඉමුද කියලා නමුත් ඒ ගොල්ලන්ගේ ගෙවල්වල ප්‍රශ්නත් එක්ක දැන් බැහැ. ඉය්හින් දැන් නම් එහෙම විවාහයකට ආසාවක් නැහැ.

 පියුමි ආදරය සහ තමන්ගේ ජීවිතය පැරණි පෙම්වතා පිළිබඳව මේ වැඩසටහන අතරතුරදී අදහස් දැක්වුවේ මේ විදිහටයි. කෙසේ නමුත් අනාගතයේ දී පියුමිට හිමිකාරිත්වය දරන ඒ හිමිකරුවට  හිමිවෙන්නට අපි හදවතින් ම ඇයට සුබ සුබ පැතුම් එක් කරන්නෙමු.