Gossip Lanka

කලින් තිබ්බා මැරි කරන්න ආසාවක් ඒත් දැන් නෑ. මට ඉන්නවා ලොකු පුතෙක් මට ඉදිරිය හොඳට පේනවා

පියුමි හංසමාලි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ  දෙනෙක් ගේ කතාබහට ලක්වෙච්ච දක්ෂ නිරූපිකාවක්. ජීවිතය මොන ප්‍රශ්න ආවත් සමන්ට ඕන විදිහට ජීවිතේ විදින තවත් කෙනෙක්ට උදවු කරලා ඒ ජීවිතය විඳින්න තව කෙනෙක්ට හයියක් වෙන හරිම නිහතමානී චරිතයක් කිව්වොත් නිවැරදියි. ගොඩක් දෙනෙක් මීට කලින් පියුමි කියන චරිතයට සෑහෙන්න දොස් කිව්වා. අදටත් ඇයට ගොඩක් දෙනෙක් දොස් කියනවා.

ඒකට එකම හේතුව ඇය තමන්ට කැමති විදියට ඇඳුම් අඳින එක ඒ වගේම තමයි තමන්ට කැමති විදිහට ෆැෂන් කරන එක . ඉතින් ඒ දේවල් ඕනම කෙනෙක්ගෙ කැමැත්ත අකමැත්ත මත කරන්න පුළුවන් ඉතින් නිකරුනේ ඒ ගැන හිතලා මිනිස්සුන්ට දෝෂාරෝපණ එල්ල කරන එක සම්පූර්ණ වැරැද්දක්. ඒ නිසාම පියුමි කියන්නේ ජීවත් වෙලා ඉන්න ඕනි ටික කාලයේ හොඳට ලස්සනට enjoy කරලා ජීවත් වෙන එක ජීවත්වෙන  ඇයගේ එකම අරමුණ කියලයි.

මේ වෙද්දි ඇයට ආදරේ කරන ඇය ගැන හොයන බොහෝ දෙනෙක් දන්නවා පියුමි කඩවසම් තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඉන්නවා කියන දේ.ඇය ඔහු සමඟ ගත්ත හරිම ආදරණීය ඡායාරූප සමාජ මාධ්‍ය හරහා බෙදා හදාගෙන තිබුණා.  ඒ වගේම තමයි පහුගිය කාලය ඇය අත්වින්ඳ සමහර අත්දැකීම් නිසා වෙන්නැති ගොඩක් දෙනෙක්ට අවවාද දීලා තිබුණා ජීවිතයට හරි ආදරයක් හම්බවුනොත් ළඟම ඉන්න බෙස්ටිව අයින් කරන්න කියලා.මොකද මිතුරන්ගේ විලාසෙන් ඉන්න හතුරො තමයි අපිට ගොඩක් ඉන්න කියන දේ තමයි ඇය ඒ අවස්ථාවේ කියලා තිබුණේ.

ඒ විතරක් නෙවෙයි ඇය දැන් ආදරණීය පෙම්වතියක් නිසා ගොඩක් දෙනෙක් අහනවා ඔයා  විවාහය කවද්ද කියලා. එක්තරා අවස්ථාවක වැඩසටහනකට සහභාගී උනහම පියුමි කිව්වා ලබන අවුරුද්දේ විවාහ වෙන්න ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. නමුත් ඇය පසුගිය දවසක මුහුණු පොත හරහා විවාහය ගැන අහන හැමෝටම රිදෙන්න සැර කතාවක් කියලා තිබුණා.

ඒ සටහන තුළ ඇය වැඩිදුරටත් කියලා තිබුණේ කාටවත් ඕනේ වෙලාවට මම බදින්නෙ නෑ මට හිතුණොත් මම බඳින්නේ ම නැතුව ඉන්නවා. ඒ වගේම තමයි මගේ එකම හීනේ මගේ පුතාව පිටරටකට යවලා හොඳටම උගන්නන්න එක. ඉතින් ඒ දේවල් සම්පූර්ණ කර ගත්තු දවසට මට හිතුනොත් මම බදියි කියන ආකාරයේ අදහසක්.

ඉතින් මේ වගේ සටහනක් ඇය පලකරන්න හිතන්න ඇත්තේ ගොඩක් දෙනෙක් ඈගෙන්  කවද්ද බඳින්නේ කියලා අහන නිසා වෙන්න ඇති. ඒ වගේමයි තවදුරටත් කිව්වේ ඉක්මන් කොට නිසා ඉක්මනට බැඳලා දරුවො තුන් හතර දෙනෙක් හදා ගන්නවට වඩා නිවීසැනසිල්ලේ කෙනෙක්ව තේරුම් අරගෙන ජීවිතයට  ගැලපෙන නම් විතරක් ඒ කෙනාව ජීවිතයට ළං කර ගන්න කියන දේ.

කෙසේ නමුත් ඇය මේ විදිහට එකතු කරපු සටහන පහතින් උපුටා දක්වා ඇති අතර ඇයගේ ජීවිතය ඉදිරියට හරිම සතුටින් සහ සැහැල්ලුවෙන් ගත කරන්නට වාසනාව උදා වේවා කියා එක සිතින් අපි ප්‍රාර්ථනා  එක් කරන්නෙමු.