Siri Lankawa

Web Postal

බොරුකාරයෝ ජීවිතයට ආවා.තනිකඩ ජීවිතය හොඳයි. ඒ නිසා මම ජීවිත කාලෙම තනිකඩව ඉඳියි

පාරදිගේ ටෙලි නිර්මාණය හරහා සාර්ථක රංගනයක නිරත වෙන ඇය වර්තමාන යම් කලාව තුළ ජනප්‍රියත්වය ඉහළින්ම ඉන්න රංගන ශිල්පිනියක් කිව්වොත් හරියටම හරි.ඉතින් මේ වෙන කවුරුත් සුරුපී රංගන ශිල්පිනිය පියුමි ශ්‍රීනායකයි.

ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණ හරහා තමයි අපිට වැඩි වශයෙන් දැකබලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙන්නෙ.මුල ඉඳන්ම පියුමි හිතාගෙන ඉඳලා තියෙන රංගන ශිල්පිනියක් වෙන්න.ඇය බැරිවෙලාවත් රංගන ශිල්පිනියක් උනේ නැත්නම් කිසිම රැකියාවක් කරන්නැතුව ගෙදරට වෙලා ඉන්න තිබ්බ කියලත් ඇය  කියනවා.

කොහොමහරි අද වෙද්දි රංගනයට එන්න වරම්  ලබපු පියුමි  මේ දවස්වල ඇයගේම කියලා  යූ ටියුබ් නාලිකාවක් කරගෙන යනවා.මේ yotube නාළිකාවෙන් නිතරම ප්‍රේක්ෂකයන්ට ගේන්නේ ඇය උයන රසවත් කෑම බීම. එය දේවල් වලට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර තියෙනවා කියලත් ඇය කියනවා.

“මගේ yotube නාලිකාවේ ඉන්න රසිකයෝ හැමෝම මගේ කාන්තාවන් සහ තරුණියන්. එයාලා හරිම ආසාවෙන් මගේ වැඩසටහන බලනවා මම උයන දේවල් බලන්න ඒ අය හරිම කැමතියි.ඉතින් ගොඩක් හොද ප්‍රතිචාර තියනවා”

එ විදිහට කලාව සහ අනිකුත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන ඇය මේ වෙද්දි තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ.ඉතින් ආදරේ ගැන ඇය  හිතන දේ සහ විවාහය ගැන පියුමි කිව්වේ මේ වගේ කතාවක්.

“අම්මෝ ආදරය කියන දේ මතක් කරනකොටත් බය හිතෙනවා ආදරය කියල දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ.අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරේ ඇරෙන්න මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම විදිහකට අපිට ආදරේ කරන්නේ නැහැ.බොරුවට සහ අවංක බවක් නැති තැන ආදරයක් රඳා පවතින්නෙ නෑ ඒ වගේ බොරුකාර මිනිස්සු තමයි මිනිස්සු තමයි මගේ ජීවිතයට ආවේ.තනියම ඉන්න එක හොඳයි හොදයි කියලා හිතනවා මම තාම  පෙම්වතියක් නෙමෙයි සමහර විට මම ජීවිත කාලෙම තනිකඩ වෙයි

ඉතින් ආදරේ ගැන අහපුවාම පියුමි ඔන්න විදිහට තමයි අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.කෙසේ නමුත් ඇයගේ හිත ගත්තු ආදරණීය ආදරවන්තයෙක් ඉතාමත් ඉක්මනින් හමු වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *