Gossip Lanka

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වැන්දේ මේවා කරන්නද යකෝ පියුමි බොතේජුගෙන් සැර ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ නමගිය දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා ටෙලිනාට්‍ය හරහා ඒ ටෙලි නාට්‍යයේ විකට චරිතයක් ඔස්සේ තමයි පියුමි බොතේජු කියන රංගන ශිල්පිනිය ව ගොඩක් දෙනෙක් දැන කියා ගන්නේ.

එතැන් පටන් අද දක්වාම  රංගන ශිල්පිනියක්  එවගේම විටෙක නිවේදිකාවක් තවත් අවස්ථාවකදී  සමාජ සේවිකාවක් විදියට ඇය විවිධ වෘත්තයන්ගෙන් නිරත වෙමින් ආදරේ කරන රසික රසිකාවියන්ට යුතුකම් ඉටු කරනවා. මේ වන විට පියුමි ගත කරන්නේ අභියෝග රැසකට මුහුණ දීලා ඒ සියල්ල ජය ගත්තු ජීවිතයක් කිව්වොත් නිවැරදියි.

ඒකට මූලිකම හේතුව ඇය විවාහ වුණත් ඒ විවාහ ජීවිතය තුළ ඇති වෙන්නා වූ යම් යම් ගැටලුකාරී තත්වයන් නිසා අද වන විට ඔවුන්ගෙන් වෙන් වෙලා වෙලා ආදරණීය අම්මයි තාත්තයි ගාවට වෙලා තමයි පියුමි ඉන්නෙ. කෙසේ නමුත් ආදරය ගැන වැඩිපුර කතා නොකරන ඇය අනාගතයේ දී හොඳ හදවතක් තියෙන කෙනෙක් හමු වුණොත් ජීවිතය ගැන නැවත වතාවක් හිතාවි.

ඉතින් ඒ සියලුම දේවල් ගැන කතා කරා වගේම පියුමි මේ දිනවල වැඩි වැඩිවශයෙන් අවධානය දීලා තියෙන්නේ රංගන කටයුතු වලටත් වඩා ජනතාව විඳින මේ අමාරු කාලය පිළිබඳව කතා කරන්නයි. ඇය ඒ නිසාම පවතින දේශපාලනික මතයට විරුද්ධව ගෙනියන සාමකාමී විරෝධතාවයට සහයෝගය පළ කරන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම හිටපු චරිතයක්.

අපි දැක්කා පසුගිය කාලසීමාව තුලදී අයත් සහෘද කලාකරුවන් රැසක් එක්කම මේ වෙනුවෙන් අත්වැල් බැඳගෙන හිටියා. ඒ වගේම තමයි කිවයුතු විශේෂිතම කරුණ කියන්න ඕනේ දේ කෙලින් මූණට කියන පියුමි සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ස්වාධීන අදහස ප්‍රකාශ කරන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් පසුගිය දවසක පුද්ගල කොට්ඨාස දෙකක් අතර ඇති වූ ඒ කලහාකාරී තත්වය වෙනුවෙන් ඇයත් අදහස් ඉදිරිපත් කරලා තිබුණා.

ඇය මේ අවස්ථාවේදී එහි සුවිශේෂී වීඩියෝ කීපයක් මුහුණු පොත හරහා හුවමාරු කරගනිමින් සැර කතාවක් පාලකයන් වෙනුවෙන් ඇගේ intragram ගිණුමේ පළ කරනවා. ඇය ඒ ආකාරයෙන් පල කරපු සටහන පහතින් දක්වා ඇත. ඒ වගේ මේ සටහනට බොහෝ දෙනෙක් එකඟ වෙලා අදහස් ‍රැසක් ඉදිරිපත් කරලා තිබුණා.