Gossip Lanka

ආශාවන් පිරුණු මිනිස්සු අපිව දකින්න කැමති විදියට අපේ ෆොටෝස් එඩිට් කරනවා

පියුමි බොතේජු කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් සිනමාව තුළත් තමන්ටම ආවේණික වූ මඟක ගමන් කරමින් ප්‍රේක්ෂකයාගේ හදවත දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ඨ කරන ඇය බොහෝ විට ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ වෙන්නේ ප්‍රහසනය ඉස්මතු කරන රංගන ශිල්පිනියක් විදිහටයි.

මුලින්ම ගොඩක් දෙනෙක් අතරට පියුමි යන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා ටෙලි නාට්‍ය සමඟයි. අපූරු දක්ෂතා දක්වන පියුමි ප්‍රහසන චරිත වලට වැඩිපුරම කොටු වෙන්නේ ඇයි කියලා අහපුවාම දුන්නෙ පහත ආකාරයේ පිළිතුරක්.

අපේ ක්ෂේත්‍රය තුළ තියෙන වරදක් තමයි ප්‍රහසන චරිතයක් කළොත් දිගටම ගන්නේ  ඒ වගේ චරිත වලට. මටත් එහෙමයි දිගින් දිගටම ප්‍රහසන චරිත ලැබෙන කොට හොඳ චරිත ලැබෙන්න තියෙන අවස්ථා නැතිවීම හානියක් තමයි. ඒත් සඳරුවන් ජයවික්‍රම ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ හාස්‍යයෙන් මිදුණු චරිතයක්. එක පැත්තකින් මම හිතනවා මට කොමඩි වගේම සීරියස් චරිතත් කරන්න හැකියාව ලැබීම වාසනාවක් කියලා. මොකද මට කවදාවත් වැඩ නැති වෙලා නැහැ දෙයියනේ කියලා වැඩ තියෙනවා.

ඒ විදිහට අදහස් දක්වන පියුමි ඒ වගේ ම විවිධ සමාජ මාධ්‍ය තුළින් කිසිම ප්‍රමිතියක් නැතුව කලාකරුවන් පිළිබඳව නිකුත් කරන ප්‍රචාරයන් පිළිබඳවත් අදහස් දැක්වූවා. ඇය සඳහන් කරන්නේ විවිධ මාධ්‍ය නළු නිළියන්ගේ තොරතුරු අසත්‍ය විදිහට ප්‍රකාශයට පත් කරන එක ගැන අනිවාර්යෙන්ම ඔවුන් දෙපාරක් හිතන්න ඕනේ කියලයි.

විවාහ ජීවිතයට සමුදීලා තනිකඩ ජීවිතයක් ගතකරන පියුමි ආදරය පිළිබඳව දකින්නේ වෙනස්ම කෝණයකින්. ඒ  පිළිබඳව පියුමි  අදහස් දැක්වූයේ පහත ආකාරයට. 

රංගන ජීවිතයෙන් එහා බැලුවහම මමත් සාමාන්‍ය ගැහැනියක්. අම්මා තාත්තාගේ ආදරේ මගෙම කියන අයගේ ආදරේ මට ලැබිලා තියෙනවා. එතැනින් මිදුනහම මට අමතක නොවන ආදරයක් ලැබුනේ අදටත් ලැබෙන්නේ මගේ රසිකයන්ගෙන්. ඒ තරම් වටිනා දෙයක් මට වෙන නැහැ.

ඇය තමන්ගේ පවුලෙන් සහ රසිකයන්ගෙන් ලැබෙන ඒ සෙනෙහස පිළිබඳව ආදරෙන් අදහස් ඉදිරිපත් කළේ ඒ විදිහටයි. පසුගිය කාලසීමාව තුළදී ජනප්‍රිය රංගන ශිල්පිනියන්ගේ රුව එඩිට් කරලා විවිධ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමේ රැල්ලක් ඇති වුණා.

ඉතින් ඒකට ගොදුරු වුණු තවත් කෙනෙක් තමයි පියුමි කියලා කියන්නේ. ඒ අවස්ථාවේ දී ඇයට දැනුණු හැඟීම සහ ඒ පිළිබඳව ඇය දරන අදහස ඉදිරිපත් කළේ මේ විදියට. මෙහෙමයි ඔය වගේ දේකට විරුද්ධව දේවල් කරන්න කවුරුත් එකතු වෙන්නේ නැහැ. මටත් ඔහොම දේවල් හැදුනා. නමුත් මගේ ගෙදර අය මට ආදරේ කරන අය ඒ මම නෙවෙයි කියන එක දැනගෙන හිටියා. මම කවදාවත් ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන තැනකට පත් වෙන්නේ නැහැ කියලා දන්නවා.

ඒ හින්දද ඒ කිසි කෙනෙක් මගින් ඒ ගැන ඇහුවෙ වත් නෑ. මං ඒ ගැන හිතන්නේ මෙහෙම නොහික්මුණු ආශාවන් පිරුණු මිනිස්සු අපිව දකින්න කැමති විදිහට අපේ ෆොටෝස් එඩිට් කරලා දානවා. ඒවා බලන්න ආසයි ඒවා බලලා සතුටු වෙනවා ඒවා හරිම පහත් වැඩ.

ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්. ඒ වගේ අසභ්‍ය විදිහට හදපු තමාගේ ඡායාරූප  වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් පියුමි අමතක කළේ නැහැ. ඉතින් කවදත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබපු මේ දක්ෂ රංගන ශිල්පිනිය ඉදිරියේදී අලුත්ම වැඩ කොටසකින් ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ලු. ඉතින් ඒ සියලුම බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම පියුමිට සුභ පැතුම් එක් කරන්නෙමු.