Gossip Lanka

පියුමි කලින් පෙම්වතා වෙනුවෙන් නැවතත් මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට ජනප්‍රියතම කාන්තාවක් කියලා කිව්වොත් නිවැරදියි. ඇයගේ instagram ගිණුමේ ෆලෝවර්ස්ලා මේ වන විට මිලියනය ඉක්මවලා තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දන්නවා. ඒ ඇය පිළිබඳව හොයන්න සහ ඇයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් මේ සමාජය තුළ ඉන්න නිසයි.

ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් වශයෙන් කටයුතු කරන  පියුමි අලුත් කාලයට ගැලපෙන  විලාසිතාවන් එක්ක සමාජ මාධ්‍ය තුළ විවිධ පින්තූර හුවමාරු කරගන්නට අමතක කරන්නේ නැහැ. සමාජ මාධ්‍ය  තුළින් තමයි පියුමි කියන චරිතය ගොඩක් වෙලාවට රසිකයන් අතරට යන්නේ.

නිරූපිකාවක් විදිහටත් ඒ වගේම විවිධ music මියුසික් වීඩියෝවල රංගනයෙන් දායක වන චරිතයක් විදිහටත් ටෙලි නිර්මාණවලට සහභාගිවූ නිළියක් විදිහටත් ඇය පසුගිය දවස් වල ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධ වුණා. 

කොහොමෙන් කොහොම හරි පියුමි මේ වෙද්දි තමන්ගේ ආදරණීය පුතා එක්ක තනිකඩව තමයි ජීවත් වෙන්නේ. ජීවිතයේ විවිධ සිදුවීම් සමග පියුමිටත් වැරදුණ තැන් බොහෝයි. නමුත් ඒ හැම වැරැද්දක්  හදාගෙන ඉස්සරහට ජීවිතේ ජයගන්න ඇය තමන්ගේ ආදරණිය පුතත් එක්ක සටන් කරනවා.

තමන්ගේ එකම පුතාට පියුමි පණටත් වඩා ආදරෙයි. ඒ නිසාම ඇය ගොඩක් අසරණ දරුවන්ට තමන්ට හැකි උපරිමයෙන් උදව් කරන්න අමතක කරන්නේ නැහැ. එවැනි ආකාරයේ ඡායාරූප කිහිපයක්ම පසුගිය දිනවල අපට ඇගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා දැකබලා ගන්නට හැකියාව ලැබුණා.

සමාජයට ඕනේ දෙයක් හිතන්න ඉඩ දීලා තමන් කැමති විදිහට ජීවිතය විඳින ඇය අඳින පළඳින විදිය විවේචනය කරන සියලුම මිනිස්සුන්ට ඉන්න ටිකේ විනෝදයෙන් ඉන්න ඕනෙ කියන දේ කියන්නත් අමතක කරන්නේ නෑ. 

ජීවිතය මේ විදියට ගත කරද්දි සියලුම දෙනාට හැමදාම තනියෙන් ඉන්න බැහැ. කොතනක හරි අපිට ආදරයක් අවශ්‍යයි. පියුමි කියන්නෙත් ආදරේ නිසා පරාද වුණු සිත් තැවුලෙන් කාලය ගත කරන  තරුණියක් කියලා බොහෝ අවස්ථාවන් වල දී ඇය ප්‍රකාශ කරන ප්‍රකාශයන් වලින් අපට හිතා ගන්නට පුළුවන්.

පසුගිය දින කිහිපය පුරාම ඇය තමන්ගේ පැරණි ප්‍රේමය වෙනුවෙන් විවිධ නිසදෙස් ඇගේ වචනයෙන් ම සමාජ මාධ්‍ය තුළ සඳහන් කරලා තිබුනා. ඉතින් ඒ වගේම සටහනක් නැවත වතාවක් පියුමි තමන්ගෙ මුහුණු පොතට එකතු කරනවා. ඒ සටහනේ  ඇතුළත් වෙලා තිබුණේ පහත ආකාරයේ දෙයක්.

වසන්තය නොඑන බව දැන දැනත් මල් පිපෙනවා සමහර තැන් වල. හිමි නොවනා බව දැන දැනත් ප්‍රේමය තිබුනා සමහර හිත්වල. Dear ex this is for you 

යනුවෙන් ඇය මේ සටහන අවසන් කරනවා. ඉතින් මේ සුන්දර නිරූපිකාවට ඇගේ හිත ගත් ප්‍රේමය ඉතාමත් ඉක්මනින් ලං කර ගන්නට  වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.