Gossip Lanka

මොන්ටිසෝරි යන කාලේ ඉඳන්ම මම නර්තනය කරනවා වැඩිපුරම හිටියේ නැටුම් කාමරේ

නාඩගම් කාරයෝ ටෙලි නාට්‍ය හරහා ගීතිකා කියන සුවිශේෂී චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආ දක්ෂ කලා කලාකාරිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියන්නේ. අනුරාධපුරය අති අතිදුෂ්කර ප්‍රදේශයකින් කොළඹට ඇවිල්ලා ඇය තමන්ගේ කුළුඳුල් ටෙලි නාට්‍ය වන  නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රංගනයත් එක්ක එකතු වුනා.

අද වන විට බොහෝ දෙනෙක් දන්න කියන රංගන ශිල්පිනියක් වෙච්චි ඇයටපසුගිය දවසක ප්‍රවීණ ගායිකා ශසිකා නිසංසලා මහත්මියගේ චන්ද්‍රා පායන්න කියන ගීතයේ රූප රචනයට රංගනයෙන් දායකත්වය දක්වන අවස්ථාව උදා වුණා. ඉතින් ඒ සුන්දර කලාකාරිනිය පාසල් කාලේ ඉඳන්ම නර්තනයට රංගනයට දක්ෂතාවයක් දක්වන කෙනෙක්. ඉතිං අපි අද ඔබට කියන්න යන්නේ ඇය ගත කරපු ඒ පාසල් ජීවිතේ සුවිශේෂී මතක සටහන් කිහිපයක් ගැනයි.

“මම ඉස්කෝලේ දෙකකට ගියා මුලින්ම මම  ගියේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයට ඒ මගේ ප්‍රාථමික විද්‍යාලය ඊට පස්සේ හය වසරේ ඉදන් මම ගියේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට. ප්‍රාථමික අංශයට එද්දි මම ටිකක් දඟයි චන්ඩි වැඩ ගොඩක් කරලා තියනවා ඒ කාලේ පිරිමි ළමයි එක්ක එහෙම වලි දා ගන්නවා ඒ නිසා අප්පච්චි මට කියලා තියෙන්නෙත් කාත් එක්කවත් රණ්ඩුවට යන්න එපා කියලා”

ඉතින් ඇය ඒ විදියට අදහස් දක්වන අතර සෑම උදෑසනකම ඉස්කෝලෙ යන්නෙත් ගොඩක් ආසාවෙන් කියලා  සදහන් කරනවා. ඒ වගේම තමයි ඉස්කෝලේ කාලේ අමතක නොවන සිදුවීම් ගොඩකට ඇය මුහුණ දීලා තියෙනවා. හැමෝටම වගේ ඇයටත් තිබිලා තියෙන්නේ හරිම සුන්දර පාසල් කාලයක්.

නිතරම පීරියඩ් කට් කරලා තැනින් තැන ඇවිදලා ඇය ගුරුවරුන්ගේ දඬුවම් වලට ලක් වෙච්ච වාර අනන්තලු. නමුත් කලා කටයුත්තක් ඉස්කෝලේ තිබ්බොත් ඇය ඇප කැප වෙලා වැඩ කටයුතු කරන කෙනෙක් කියලත් සඳහන්. ලොකු පොඩි බේදයකින් තොරව ඉස්කෝලෙ හිටපු ගොඩක් දෙනෙක් ප්‍රවීනත් එක්ක යාලුවෝ වෙලා ඉඳලා තියෙනවා.ඒ කාලේ ඉදංම  නර්තනය රංගනය ජීවිතය කරගත්තු මේ සොඳුරු කලාකාරිනියන් ඒ ජීවිතය ගැන මතකය ආවර්ජනය කළේ මේ විදිහටයි.

“මගේ ජීවිතයෙ ගොඩක්ම ගෙවුනේ නර්තනය එක්ක. පෙර පාසල් කාලේ ඉඳලම නර්තනය කරනවා.ප්‍රාථමික අංශය එහෙමයි තරග වලට සම්බන්ධ වෙලා තියෙනවා. 6වසරට අවට පස්සෙ තමයි දිගටම නර්තනය හදාරන්න ගත්තේය අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ගියාට පස්සෙ  පස්සෙ මම දඟ ළමයෙක් වුණේ නැහැ වැඩිපුරම හිටියේ නැටුම් කාමරේ. මාව එතැනට යොමු කළේ මගේ නර්තන ගුරුවරිය චම්පිකා ගුරුතුමියයි ඇය ගෙන් ඉගෙනගත් දේ තවමත් මම ප්‍රගුණ කරගෙන යනවා.”

ඉතින් මේ සුන්දර කලාකාරිනිය ඒ විදියට තමයි පාසලේ කාලේ ගත කරලා තියෙන්නේ. ඉතින් අය අද වන විට සාමාන්‍ය ජීවිතය තුළදී හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන කෙනෙක්. එනිසාම ඇය ජීවිතය හැමදාමත් සතුටින් පිරී ඉතිරේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.